ඔෂඳගේ ශතකයෙන් හලාවත මේරියන්ස් ගොඩ යයි

266

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ පළමු සතිය අද (20) අවසන් වෙද්දී ටැමිල් යූනියන්, සී. සී. සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙද්දී දිනයේ වාර්තා කළ එක ම ශතකය ඔෂඳ ප්‍රනාන්දුගේ පිත්තෙන් එක් විය.

භානුක හා සවීන් මුවර්ස් අභිබවා බී. ආර්. සී ඉදිරියට ගෙන යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන 2018/19 අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළඟ (Plate) තරග කිහිපයක් අද (19) දෙවන දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විය. ශ්‍රී..

සැරසන්ස් සහ හලාවත මේරියන්ස් අතර තරගය

එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගය මේ සතියේ ජය පරාජයෙන් තොරව අවසන් වූ එකම තරගයයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් සැරසන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 524ක් ලබා ගත් අතර හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 312ක් පමණි. ලකුණු 212ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිට පිට දෙවැනි ඉනිමට පිටියට පිවිසි මේරියන්ස් ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට සියලුම දෙනා දැවී ලකුණු 329ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් ඔෂඳ ප්‍රනාන්දු ශතකයක් ලබා ගනිමින් මේරියන්ස් කණ්ඩායම වැටී සිටි ප්‍රපාතයෙන් ගොඩ ගත්තේ ය. ඔහු පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තේ ය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 524 (165.1) නවිඳු විතානගේ 23, ගමිඳු කනිශ්ක 109, ප්‍රමෝද් මධුවන්ත 217, නිපුන් කරුණානායක 80, හරීන් වීරසිංහ 29, චතුරංග කුමාර 2/84, සාගර් පරේශි 4/129, නිමේෂ් විමුක්ති 4/93

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 312 (87.5) යසෝද ලංකා 109, ඔෂඳ ප්‍රනාන්දු 65, නිමේෂ් විමුක්ති 51, ඉරෝෂ් ප්‍රනාන්දු 26, මොහොමඩ් ඩිල්ශාඩ් 2/59, චාමිකර එදිරිසිංහ 2/102, හරීන් වීරසිංහ 5/90

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 329 (98) යසෝද ලංකා 25, රිසිත් උපමාල් 72, ඔශද ප්‍රනාන්දු 105, නිමේෂ් විමුක්ති 32,  පුලින තරංග 37, චතුරංග කුමාර 29, මොහොමඩ් ඩිල්ශාඩ් 2/25, හරීන් විරසිංහ 2/104, චාමිකර එදිරිසිංහ 3/115, ගමිඳු කනිශ්ක 2/37

සචිත්‍ර සේරසිංහත් ද්විත්ව ශතක ලැයිස්තුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ තෙවැනි දිනයේ දී ද ද්විත්ව ශතකයක් වාර්තා වීම සුවිශේෂී විය. එහි හිමිකාරීත්වය…

එස්. එස්. සී. සහ ටැමිල් යූනියන් අතර තරගය

එන්. සී. සී. පිටියේ පැවති මෙම තරගයෙන් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනිමට සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 321ක් ලබා ගත් අතර ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 536ක් ලබා ගත්හ.

ලකුණු 215ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට රැස් කළේ ලකුණු 304ක් පමණි. ජයග්‍රහණය සඳහා ලකුණු 90ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් අදාළ ඉලක්කය සපුරා ගත්හ.

එම ඉනිමේ දී ආරම්භක පිතිකරු ලහිරු මිලන්ත පන්දු 22ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේ ය. තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී සචිත්‍ර සේරසිංහ පන්දු 22කට මුහුණ දී නොදැවී ලකුණු 25ක් ලබා සිටියේ ය

එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (86.1) සඳුන් වීරක්කොඩි 26, කෞෂාල් සිල්වා 65, ක්‍රිශාන් ආරච්චිගේ 48, කෝසල කුලසේකර 32, චාමර කපුගෙදර 22, සචිත්‍ර සේනානායක 47, ධම්මික ප්‍රසාද් 50, රමිත රඹුක්වැල්ල 5/89, දමිත සිල්වා 3/33

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 536 (133.3) ලහිරු මිලන්ත 56, තරංග පරණවිතාන 47, සචිත්‍ර සේරසිංහ 204, යොහාන් මෙන්ඩිස් 35, රමිත් රඹුක්වැල්ල 124, දමිත සිල්වා 20, කසුන් මධුශංක 2/82, තරිඳු රත්නායක 2/115, ආකාශ් සේනාරත්න 4/73

එස්. එස්. සී.; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 304 (88.2) සඳුන් වීරක්කොඩි 68, කෞෂාල් සිල්වා 46, ක්‍රියාන් ආරච්චිගේ 54, සචිත්‍ර සේනානායක 23, ආකාශ් සේනාරත්න 43, තරිඳු රත්නායක 22, ෂෙහාන් මුධුශංක 3/107, රමිත රඹුක්වැල්ල 2/60, සචිත්‍ර සේරසිංහ 5/48

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 90 (11.3) ලහිරු මිලන්ත 43, සචිත්‍ර සේරසිංහ නොදැවී 25

යුද හමුදාව සහ සී. සී. සී. අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 295ක් රැස් කළ අතර ප්‍රතිවාදී සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 464ක් ලබා ගත්හ. ලකුණු 169ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට ලබා ගත්තේ ලකුණු 306ක් පමණි. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 138ක ඉලක්කයක් වෙත ගිය සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්හ.

එම ඉනිමේ දී වනිඳු හසරංග පන්දු 31කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා ගත්තේ ය. මාධව වර්ණපුර ලබා ගත් ලකුණු සංඛ්‍යාව නොදැවී 31කි. ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු සබඳතාව 74කි.

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 295 (105.3) ලක්ෂාන් එදිරිසිංහ 61, හිමාෂ ලියනගේ 44, ඩිල්ශාන් ද සොයිසා 40, සංජික රිද්ම 27, කසුන් ද සිල්වා 20,  යොහාන් මෙන්ඩිස් 26, ලහිරු මධුශංක 2/32, මාලින්ද පුෂ්පකුමාර 6/106

සී. සී. සී: පළමු ඉනිම සියලුම දෙනා දැවී 464 (123.5) මාධව වර්ණපුර 32, සොනාල් දිනූෂ 40, අශාන් ප්‍රියංජන් 180, වනිඳු හසරංග 97, ලහිරු ගමගේ නොදැවී 24, විශ්ව ප්‍රනාන්දු 29, දුශාන් විමුක්ති 6/135, රුචිර තරින්ද්‍ර 2/123

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 306 (91.2) ලක්ෂාන් එදිරිසිංහ 42, ලක්සිත මධුශාන් දුශාන් විමුක්ති 39, හිමාෂ ලියනගේ 72, සංජික රිද්ම 61, කසුන් ද සිල්වා 21, මාලින්ද පුෂ්පකුමාර 3/113, ලහිරු ගමගේ 2/40, වනිඳු හසරංග 3/40

සී. සී. සී; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 143 (24.3) මාධව වර්ණපුර නොදැවී 31, සොනාල් දිනූෂ 20, වනිඳු හසරංග නොදැවී 60, නුවන් ලියනපතිරණ 2/28

පොඩිම තැනින් ලොකුම තැනට ගිය වසීම් අක්‍රම්

ඒක සම්පූර්ණයෙන්ම අහම්බයක්. 1984 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වුණා එක්තරා ක්‍රිකට් පුහුණු කඳවුරක්. වේගපන්දු යවන්නෙකු ලෙස මමත් එයට සහභාගී වුනා…

එන්. සී. සී. සහ කෝල්ට්ස් අතර තරගය

සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 251ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 298ක් රැස් කළහ.

ලකුණු 47ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි එන්. සී. සී. ක්‍රීඩකයෝ තරගයේ තෙවැනි දිනය අවසන් වෙන විට කඩුලු 9ක් දැවී ලකුණු 402ක් ලබා සිටිය හ. එතැන් සිට ඉනිම අත්හිටවූ එන්. සී. සී. ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ට පිටියට බාර දුන්නේ ලකුණු 356ක ඉලක්කයක් ලබා දෙමිනි.

එම ලකුණු ප්‍රමාණය කඩුලු 6ක් පමණක් දැවී සපුරා ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

එම ඉනිම වෙනුවෙන් සංගීත් කුරේ, හෂාන් දුමිඳු, විශ්ද් රන්දික සහ නායක ප්‍රියමාල් පෙරේරා අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ. කඩුලු ලබා ගැනීමේ දී නිමේෂ ගුණසිංහ කඩුලු 4ක් ලබා ගත්තේ ය.

එන්. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 251 (56.1) ලහිරු උදාර 85, පැතුම් නිශ්ශංක 35, නිමේෂ ගුණසිංහ 44, මාලිංග අමරසිංහ 25, සාරංග රාජගුරු 23, ජෙහාන් ඩැනියෙල් 2/46, අකිල දනංජය 5/72

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 298 (111.2) ජෙහාන් ඩැනියෙල් 67, ප්‍රියමන්ත පෙරේරා 51, නිශාන් මධුශ්ක 67, නිසල තාරක 27, අකිල දනංජය 37, ලසිත් ඇඹුල්දෙනිය 4/101 සචින්ත පීරිස් 4/87

එන්. සී. සී; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 402 (108) හසිත බෝයගොඩ 66, මහේල උඩවත්ත 48, මාලිංග අමරසිංහ නොදැවී 107, සාරංග රාජගුරු 78,  අකිල දනංජය 2/103, සංගීත් කුරේ 4/111

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 356 (94.1) සංගීත් කුරේ 88, හෂාන් දුමිඳු 58, ජෙහාන් ඩැනියෙල් 33, විශාද් රන්දික 58, ප්‍රියමාල් පෙරේරා නොදැවී 87, සචින්ත පීරිස් 2/104, නිමේෂ ගුණසිංහ 4/57

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<