කෝල්ට්ස් හා ගුවන් හමුදාව නැගී එන ක්‍රිකට් පිටිය අලංකාරවත් කරයි

82
Major Club Emerging

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අද (27) නිමාවට පත් විය. 

මේරියන්ස් ක්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට්….

දෙවන දිනයට පැවති තරග

කළුතර නගර ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (C කාණ්ඩය)

කටුනායක ගුවන් හමුදා පිටියේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. 

තරගයේ දෙවන දිනය ආරම්භ කරන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කඩුල්ලක් දැවී ලකුණු 40ක් ලබාගෙන සිටියේය. ඔවුන් අද දිනයේ පළමු පැය කිහිපයක කාලය තුල ඉතාමත් හොඳ වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දීම නිසා පන්දුවාර 58කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 225ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවන ලදි.

ලකුණු 124ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි කළුතර නගර ක්‍රීඩා සමාජ පිතිකරුවන් ඉතාමත් ඉක්මනින් දවා ගනිමින් ගුවන් හමුදා ක්‍රීඩකයින් තරගය ඉනිමකින් ජය ගැනීමට වෑයම් කළත් එය සාර්ථක වූයේ නැත. 

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය  වෙනුවෙන් තරගය පුරාවට පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ නුශික් අහමඩ් කඩුලු 7ක් දවා ගත්තේය. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් පළමු ඉනිමේ ජය හිමි කරගත්තේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයයි.

කළුතර නගර ක්‍රීඩා සමාජය – 99 (37): ටෙරෝන් බාස්කරන් 41*, කසුන් ඒකනායක 3/16, නුශික් අහමඩ් 3/28, ලක්ෂාන් ප්‍රනාන්දු 3/33 සහ  46/6 (27.4): නුශික් අහමඩ් 4/24.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 225/8d (58.3): ලක්ෂාන් ප්‍රනාන්දු 74, හසින්ත මල්ෂාන් 47, ඉසුරු ප්‍රදීප් 4/80, මදුරංග පියුමාල් 2/36.

රමේෂ් මධුශංක කඩුලු ත්‍රිත්වයක් ලබා ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන..

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රිකට් සමාජය (B කාණ්ඩය)

නිශාන් මදුෂ්ක හා සන්තුෂ් ගුණතිලකගේ වැඩි පිතිකරණ දස්කම් වලින් වර්ණවත් වූ මේ තරගය ඊයේ (26) දිනයේ දී ආරම්භ කරන ලදි. 

බදුරලිය කණ්ඩායමේ ඇරයුමෙන් පන්දුවට පහර දෙමින් සිටි කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ලකුණු 312ක් ලබා ගත්තේය. එහි දී ඉනිමේ වැඩිම ලාහීන් වූ නිශාන් මදුෂ්ක හා සන්තුෂ් ගුණතිලක යන ක්‍රීඩකයින් අර්ධ ශතක සම්පූර්ණ කර ගන්නා ලදි. 

පන්දු යැවීමේ දී බදුරලිය ක්‍රිකට් සමාජයේ යොමේෂ් රණසිංහ කොට පළමු ඉනිමේ කඩුලු 10න 6ක් තමන් සතු කරගනිමින් දස්කම් දක්වන ලදි. 

කෝල්ට්ස් කණ්ඩායම වාර්තා කර ගත් ලකුණු 312ට පිළිතුරු ලෙස බදුරලිය ක්‍රිකට් සමාජය ලකුණු 166ක් වාර්තා කරගන්නා ලදි. කෝල්ට්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි කෝල්ට්ස් ක්‍රීඩකයින් කඩුලු 2ක් දැවී ලකුණු 26ක් රැස්කරගෙන තිබුණි. 

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය – 312 (101.4): නිශාන් මදුෂ්ක 77, සන්තුෂ් ගුණතිලක 53, විශාද් රන්දික 48, ජෙහාන් ඩැනියල් 46, යොමේෂ් රණසිංහ 6/115 සහ 26/2 (10.2): සචින් ප්‍රනාන්දු 2/16.

බදුරලිය ක්‍රිකට් සමාජය – 166 (50.5): ලහිරු සමරකෝන් 46, ශෙරන් ෆොන්සේකා 29, දමිත් පෙරේරා 28, රෙෂාන් ධනුෂ්ක  4/35, ප්‍රවීන් ජයවික්‍රම 3/53.

මීගමුව ක්‍රිකට් සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රිකට් සමාජය (B කාණ්ඩය)

දෙදින තරගයක් වූ මේ තරගයේ පළමු දිනය තුල එකඳු හෝ පන්දුවක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නොලැබුණු නමුත් අද දිනයේ කාසියේ වාසිය දිනා ගත් වරාය අධිකාරි කණ්ඩායම පළමුව පන්දු රකින ලදි. 

තරගයේ දෙවන හා අවසන් දිනය අවසන් වන විට ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 158ක් ලබාගෙන තිබුණි. තරගය මත්තේගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී නිමාව දිටීය.

මීගමුව ක්‍රිකට් සමාජය – 158/5 (45.2): සුධීර වීරරත්න 36*, මනීෂ රූපසිංහ 35, ජීවක ශෂීන් 34*, උමේෂ් ලක්ෂාන් 27, පසිඳු උස්හෙට්ටි 3/58.

Video – නුවරින් බිහිවුණු පොඩි මාලිංග – මතීෂ පතිරණ – Powerplay

ත්‍රිත්ව විද්‍යාලයේ මතීෂ පතිරණ මේ දිනවල සමාජ ජාලවල ලොකුවට කතාබහට ලක්වෙච්ච චරිතයක්..

පළමු දිනයට පැවති තරග 

යුද හමුදා ක්‍රීඩා සමාජය හා ලන්කන් ක්‍රිකට් සමාජය (D කාණ්ඩය)

දොඹගොඩ යුද හමුදා පිටියේ දී පැවති මේ තරගයේ පළමු දිනය තුල පන්දුවාර 74කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට හැකි විය. කාසියේ වාසිය දිනා ගත්තේ ලන්කන් ක්‍රිකට් සමාජයයි.

යුද හමුදා ක්‍රීඩා සමාජය – 73 (21.5): අවිඳු තීක්ෂණ 5/22, ස්ටෙෆාන්  සුශායි 3/19.

ලන්කන් ක්‍රිකට් සමාජය (පළමු දිනය අවසානයේ) – 213 (49.3): ලහිරු ඩිල්ෂාන් 45, කෙවින් පෙරේරා 41, ශෙහාන් විජේරත්න 3/25.

මුවර්ස් ක්‍රීඩා සමාජය හා ටැමිල් යූනියන් (D කාණ්ඩය)

පී. සරා ඕවල් පිටියේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුවර්ස්  ක්‍රීඩා සමාජය පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. කෙසේ නමුත් දිනයේ අවසන් පැය කිහිපය තුල තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය සුපුරුදු රිද්මයෙන් පවත්වා ගෙන යාමට නොහැකි විය.

මුවර්ස් ක්‍රීඩා සමාජය – 110 (44.3): ලහිරු අත්තනායක 26, දමිත් සිල්වා 4/31, සුපුන් වරාගොඩ 3/32

ටැමිල් යූනියන් (පළමු දිනය අවසානයේ) – 49/1 (20): 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<