විද්‍යා විදුහලට විදේශ බලවේගයක්!

68

එළඹෙන පාසල් තරග වාරයේ දී ගල්කිස්ස විද්‍යා විදුහලට නව ශක්තියක් වෙමින් කෙටි කාලීන පුහුණුකරුවෙකු වශයෙන් හොංකොං රාජ්‍යයේ ජාතික රග්බි පුහුණුකරු ලී ජෝන්ස් තෝරාගැනීමට තීරණය කර ඇත.

ඉසිපතන රග්බි නායකත්වය පළපුරුදු සුපුරුදු අතකට

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා ඉසිපතන විද්‍යාලයේ………

වසර 25කට වැඩි ප්‍රමාණයක අන්තර්ජාතික සහ ප්‍රිමියර් මට්ටමේ පුහුණුකරුවෙකු ලෙස අත්දැකීම් සමුදායක් ඇති ලී ජෝන්ස් හොංකොං රාජ්‍යයේ රග්බි ක්‍රීඩාවේ උන්නතියේ වෙනුවෙන් ද විශාල සේවයක් ඉටු කර ඇත.

2015 පැවතී රග්බි ලෝක කුසලාන තරගාවලියේ ජපානය විසින් දකුණු අප්‍රිකාව පරාජය කළ අවස්ථාවේ දී ජපාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එඩී ජෝන්ස්ගේ සහය පුහුණු වශයෙන් කටයුතු කළේ ද පුහුණුකරු ලී ජෝන්ස් වීම විශේෂත්වයක්.

ගල්කිස්ස විද්‍යා විදුහලේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන බිලාල් යූසුෆ් සහ ගල්කිස්ස විද්‍යා විදුහල් රග්බි කමිටුව ද පුහුණුකරු ලී ජෝන්ස්ව ශ්‍රී ලංකාවට ගෙන්වමින් විද්‍යා විදුහල එළඹෙන තරග වාරය සඳහා සූදානම් කිරීමට කටයුතු යොදා ඇත.

නාවිකයින් අවසන් මිනිත්තුවේ දී යුධ හමුදාව මෙල්ල කරයි

තරගයේ අවසන් මිනිත්තුවේ එක ළඟ එක වාර්තා වූ ………….

එසේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ද “ඉහළ දක්ෂතා ඇති මලල ක්‍රීඩකයෙකු ගොඩනැගීම – Building the High-Performance Athlete” ලෙස විශේෂ වැඩසටහනක් රාජකීය විදුහල් නිපුණතා මධ්‍යස්ථානයේ ජනවාරි මස 19 වැනිදා සවස 4ට පැවැත්වීමට නියමිතයි. 

දෙමාපියන්, ක්‍රීඩා පුහුණුකරුවන්, ක්‍රීඩා පරිපාලකයින් සහ ව්‍යාපාර ආයතනවලට ද මෙම කර්තව්‍යට සහභාගී විය. මෙම වැඩසටහනට සහභාගී වීම සඳහා වැඩි විස්තර 0765516104 දුරකථන අංකයෙන් ලබාගත හැක.

එසේම ලී ජෝන්ස්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අනුග්‍රාහක වශයෙන් ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම සංචාරක සමාගමක් වන ක්ලැසික් ට්‍රැවල්ස් සමාගම සහ ඔහුගේ පහසුකම් සැපයීම සඳහා බුටික් හොටල් නිවස ඉදිරිපත් වී ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<