සංගාගෙන් ලෝක කුසලාන සංවිධායකයින්ට දෝස් මුරයක්

3168

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විවිධ ස්වභාවයන් සහිත තණතීරු ලබා දීම පිළිබඳව ඇතුළු තවත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන කුමාර් සංගක්කාර සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

මාලිංග ආයෙත් ගෙදර එයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ……..

එසේම මේ දක්වා පැවැත්වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි වලට සාපේක්ෂව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල වර්ෂාවෙන් සේදී ගිය තරග ප්‍රමාණය වැඩි වීම පිළිබඳව ද සංගක්කාර මෙහි දී Times of India සමඟ පැවැත්වූ හමුවක දී පවසා ඇත.

“මේක ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලියක්, ඒක නිසා හැම කණ්ඩායමකටම එක වගේ සමානව සියල්ලම ලබා දෙන්න ඕන. නමුත් සමහර කණ්ඩායම්වලට ලැබුණු තණතීරු හා අනෙක් පහසුකම් ගැන මට සතුටු වෙන්න බැහැ.” යැයි කුමාර් සංගක්කාර පවසා තිබේ.

“ඒ වගේම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගවලට වහින කොට ඒ ගොල්ලෝ තණතීරු ආවරණය කරන ආකාරය ගැන වුනත් මට සෑහීමකට පත් වෙන්න බැහැ, උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ගත්තොත් එහි දී ඒ ක්‍රීඩාංගණය භාර නිලධාරීන් ඕනෑම මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙද්දී මුළු ක්‍රීඩාංගණයම වහනවා. නමුත් මේක ලෝක කුසලානයක් වෙලත් එහෙම කරන්නේ නැති එක ගැන හරිම කනගාටුයි.”

එංගලන්ත බල කණුවකට තරග දෙකක් මඟ හැරේ

එංගලන්ත ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ …..

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ 41ක් වියැති සංගක්කාර, එංගලන්තයේ හා වේල්සයේ තිබෙන ක්‍රිකට් ක්‍රීඩාංගණ වල වැසි ජලය බැස යාමට තිබෙන අපජල පද්ධතිය (drainage system) පිළිබඳව පවසා සිටියේ මෙවැන්නකි.

“ලෝකයේ තිබෙන අනෙක් ක්‍රීඩාංගණවලට වඩා එංගලන්තයේ තිබෙන ක්‍රීඩාංගණවල අපජල පද්ධතිය හොඳයි. නමුත් එක එක ක්‍රීඩා පිටිවල අපජල පද්ධති එක එක විදිහයි. එක මට්ටමක නැහැ. සමහර ක්‍රීඩාංගණවල ඒ පද්ධතියේ තත්වය ගැන මට නම් කොහෙත්ම සෑහීමකට පත් වෙන්න බැහැ. විශේෂයෙන් බ්‍රිස්ටල් පිටියේ අපජල පද්ධතිය ඉතාමත් දුර්වලයි. බ්‍රිස්ටල් පිටියේ පැවැත්වෙන්න තිබුණු ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයට හොඳටම වැස්සා. නමුත් පිටියේ තැන තැන වතුර රැඳිලා තිබ්බ නිසා තරගය පවත්වන්න බැරි වුනා. එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් තරගයටත් වැස්සා නමුත් තරගයට ඉන් ලොකුවට හානියක් වුනේ නැහැ. මොකද  තරගය තිබ්බ සතැම්ටන් පිටියේ අපජල පද්ධතිය ඉතාමත් හොඳයි.” යැයි සංගක්කාර ප්‍රේක්ෂකයින් එතරම් නොදන්නා කරුණු කාරනා රැසක් ගැන එසේ පහදන්නට වුනා.

කුමාර් සංගක්කාර මේ වන විට 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විස්තර විචාරකයෙක් ලෙස වැඩ කටයුතු කරනු ලැබේ. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 4ක් නියෝජනය කළ ඔහු 2007 හා 2011 යන වසරවල දී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක අනුශූරයින් බවට පත්කිරීමට විශාල සේවයක් ඉටු කළේය.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<