ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනගන්න සංගා පෙරට

3104

ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීමට සකස් කර ඇති සැලසුමට අනුව, පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවා ඇති අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර ද ඊට තෝරා පත්කරගෙන ඇත.

බෙන් ස්ටෝක්ස් අත්අඩංගුවට. අළුබඳුන මඟ හැරේ?

පසුගිය සඳුදා (35) සිදු වූ සිදුවීමක් හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ බෙන් ස්ටෝක්ස් සහ ඇලෙක්ස් හේල්ස්…

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ සංගක්කාරට අමතරව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද එම විශේෂ උපදේශන කමිටුවට නම් කර ඇති බවයි. එම කමිටුවේ මුලසුන හේමක අමරසූරිය මහතා විසින් දරන අතර, ඒ මහතාට අමතරව හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක අනුර තෙන්නකෝන් හා අරවින්ද ද සිල්වා යන මහත්වරුන් ද මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යා අධ්‍යක්ෂක ලක්ශ්මන් එදිරිසිංහ  මහතා ද එම කමිටුවට ඇතුළත් කර ඇත.

පසුගිය දා වෝටර්ස් එජ් හිදී පැවැත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන වැඩමුළුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය කිරීමට හා නැවත ප්‍රතිසංවිධානය කිරීමට ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කළ අතර, එහි වාර්තාව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් පසුගිය දා (27) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත ලබා දෙන ලදි.

අමරසූරිය මහතා ඇතුළු කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් තවදුරටත් සංවර්ධනය කිරීමට ගන්නා තීරණය පිළිබඳව වාර්තාවක් ඉදිරි මාස 3 තුළ ලබා දීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට