නායක දිමුත් ICC පළමු 10න් ඇද වැටෙයි?

150

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථාන 10 න් ඉවතට ඇද වැටී තිබේ. ඒ නිමාවූ පාකිස්තාන සංචාරයෙන් පසුව ය. එහිදී ශ්‍රී ලංකාව තරග 1 – 0 ක් ලෙස පරාජයකට ලක් විය. 

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුවත් බැරි නැතුවත් බැරි ‘රවී’

“ඉන්දියානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සිහිනයක්. ඒ වෙනුවෙන් තිබූ අවස්ථා හරිම සීමිත තැනක තිබුණේ.

2019 වසරේ අගෝස්තු මාසයේ දී නවසීලන්තයට එරෙහිව රැස්කළ ජයග්‍රාහී ලකුණු 122ත් සමඟ දිමුත් ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථාන 10 දක්වා ඉදිරියට පැමිණි අතර පසුව ඔහු ශ්‍රේණිගත කිරීම් වල 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නට සමත් විය. 

කෙසේ වෙතත් නිමාවූ තරගාවලියේ දී අපේක්ෂිත දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වූ නිසා දිමුත් කරුණාරත්න ICC පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල 11 වන ස්ථානය දක්වා පහළට පැමිණ සිටි.

විශේෂතම කරුණ වන්නේ දිමුත් කරුණාරත්න හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකු පිතිකරණ, පන්දු යැවීම්, තුන් ඉදිරියව් ICC ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථාන 10 තුළ නොසිටීමයි. දිමුත් ට පසුව ඉහළම ශ්‍රේණිගත කිරීම් වල සිටින ක්‍රීඩකයා නම් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල 23 වන ස්ථානයේ සිටින ඇන්ජෙලෝ මැතිව්ස් වීම තවත් විශේෂත්වයක්. 

2019/12/24 වන දින වන විට ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙසේයි.  

  • ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්දිමුත් කරුණාරත්න (11 වන ස්ථානය), ඇන්ජෙලෝ මැතිව්ස් (23 වන ස්ථානය) 
  • ICC ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්සුරංග ලක්මාල් (28 වන ස්ථානය), දිල්රුවන් පෙරේරා (30 වන ස්ථානය)
  • ICC  ටෙස්ට් තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් දිල්රුවන් පෙරේරා (19 වන ස්ථානය), සුරංග ලක්මාල් (30 වන ස්ථානය)
  • ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්ඇන්ජෙලෝ මැතිව්ස් (31 වන ස්ථානය), නිරෝෂන් දික්වැල්ල (45 වන ස්ථානය)
  • ICC එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් අකිල ධනංජය (14 වන ස්ථානය), නුවන් ප්‍රදීප් (50 වන ස්ථානය)
  • ICC එක්දින තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් ඇන්ජෙලෝ මැතිව්ස් (11 වන ස්ථානය), තිසර පෙරේරා (32 වන ස්ථානය)

කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද ( 2 3 ) දිනයේ……………

  • ICC විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම් – කුසල් පෙරේරා (31 වන ස්ථානය), ධනුෂ්ක ගුණතිලක (61 වන ස්ථානය)
  • ICC විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්ලසිත් මාලිංග (18 වන ස්ථානය), අකිල ධනංජය (37 වන ස්ථානය)
  • ICC විස්සයි විස්ස තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්තිසර පෙරේරා (13 වන ස්ථානය), ඉසුරු උදාන (27 වන ස්ථානය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<