යොවුන් ක්‍රීඩකයෙකු නැවතත් දිවයිනට

417
Kalana Perera ruled out of ICC Under 19 World Cup

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නවසීලන්තය බලා පිටත් ගිය සංචිතයේ සිටින ක්‍රීඩක කළණ පෙරේරා පුහුණුවීම් අතරතුර පාදයේ ආබාධයකට ලක්ව ඇත.

අවසන් සටනට පිවිසෙන කණ්ඩායම් දෙක තීන්දුයි!

5 වන වරටත් පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (17) ක්‍රියාත්මක වූ…

පසුගිය 16 වැනිදා නවසීලන්තයේ වන්ගාරෙයි කෙනිස්ටන් පාර්ක් පිටියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පුහුණුවීම් කරමින් සිටිය දී කළණ මෙම ආබාධයට ලක්ව ඇත.

ඒ නිසාවෙන් ඔහු වහාම දිවයිනට පැමිණෙන අතර ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කළණගේ හිදැස පිරවීමට එම සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙක්  ලෙස සිටි තිළිණ ප්‍රශාන් නවසීලන්තයට යැවීමට තීරණය කර ඇත. තිළිණ සාන්ත සර්වේශස් විද්‍යාලයේ ක්‍රීඩකයෙකි.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<