කට ඉස්සර කර ගත් එංගලන්ත කඩුලු රකින්නාට පාඩමක්

99

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර මේ දිනවල පැවැත්වෙන තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ කේප්ටවුන්හීදි පැවති දෙවන ටෙස්ට් තරගය අතරතුර දී ක්‍රීඩක විනය නීති මාලාවට පටහැනිව කටයුතු කළ එංගලන්ත කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් හට ඔහුට හිමි තරග මුදලින් 15%ක දඩ මුදලක් සහ එක් අප්‍රසාද ලකුණක දඬුවමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (9) දිනයේ දී පියවර ගෙන තිබේ.

ස්ටොක්ස්ගේ මැජික් දස්කම් සමඟ එංගලන්තය එකට එක කරයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කේප් ටවුන්හිදී පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්……

පළමු තරගය සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ පරාජයට පත් වූ නමුත් දෙවන තරගයේ දී තම සුපුරුදු රිද්මයට අනුගත වූ එංගලන්ත ක්‍රීඩකයින් තරගයේ ජය තම නම ඉදිරියේ සටහන් කර ගත්තේ දකුණු අප්‍රිකානුවන් හට ලකුණු 189ක පරාජයක් උරුම කර දෙමිනි.

කෙසේ නමුත් අවසන් දිනයේ දිවා භෝජනය සඳහා තරගය නතර කරන තෙක්ම සටන්කාමී තරග රටාවක් පෙන්නුම් කළ දකුණු අප්‍රිකානු මැද පෙළ පිතිකරුවෝ ආරක්ෂිත පියවර අනුගමනය කරමින් එංගලන්ත පන්දු යවන්නන් හට කඩුලු ලබා නොදෙමින් පන්දුවට පහර දීමට වගබලා ගත්හ.

එවන් අවස්ථාවක දී තරමක් වෙහෙසට පත්ව සිටි එංගලන්ත කණ්ඩායමේ  නායක ජෝ රූට් තමන් පන්දු රැකි මිඩ්-ඕෆ් කලාපයේ සිට කඩුලු රකින්නා වෙත යොමු කළ පන්දුව, පන්දුවට පහර දෙමින් සිටි වර්නන් ෆිලැන්ඩර් ආසන්නයෙන් ගමන් කළේ උණුසුම් දෙබස් කිහිපයක් ක්‍රීඩකයින් දෙදෙනා අතර හුවමාරු වීමට අවශ්‍ය මඟ සකසා දෙමිනි.

කොට්‍රෙල්ගේ හයේ පහරින් කොදෙව්වන්ගේ ජාමෙ බේරෙයි!

ක්‍රිකට් ක්‍රීඩාවටම ආවේණික අවිනිශ්චිතතාවයත්, අවසන් මොහොත දක්වා පවතින උද්වේගකර ස්වභාවයත් මැනවින් දැක…..

එහි දී ජොස් බට්ලර් විසින් ක්‍රීඩාවට උචිත නොවන අයුරින් රළු වචන කිහිපයක් භාවිතා කරමින් තම වාග් මාලාව හැසිර වූයේ ෆිලැන්ඩර් ඔහුට පන්දු රැකගැනීමට බාධා වන අයුරින් ස්ථානගත වී සිටි බවට ඉඟියක් ලබා දෙමිනි. 

තරග අවසනායේ දී පිටිය මැද සවිකොට තිබූ මයික්‍රෝෆෝනයේ සටහන්ව ඇති හඬ පටයට සවන් දීමෙන් අනතුරුව තරග තීරක ලෙස කටයුතු කළ ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා ජොස් බට්ලර්ගේ එම ක්‍රියාකලාපය ක්‍රීඩක ආචාර ධර්ම පද්ධතීන්ට නොගැලපෙන බවට තීරණය කළේ, ඒ සඳහා නිසි දඬුවම් ලබා දීමට අවශ්‍ය පියවර සකස් කර ගනිමිනි.

තමන් අතින් එවැනි වරදක් සිදු වූ බවට බට්ලර් පිළිගැනීම නිසාවෙන් තවදුරටත් ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යාමේ අවශ්‍යතාවක් පැන නොනඟින බවට ICCය තීරණය කළ නිසාවෙන් සිදුවීම එතැකින් සමථයකට පත්විය.

තරග හතරකින් සමන්විත එංගලන්ත-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැඟින් ජයග්‍රහණය කරමින් ප්‍රබල ස්ථාවරයක පසුවන අතර තීරණාත්මක තෙවන ටෙස්ට් තරගය එළඹෙන 16 වැනිදා පෝට් එලිසබෙත්හීදී පැවැත්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<