ස්ටර්ලින්ගේ පිත්තෙන් කොදෙව්වන්ට සැර පහරක්!

92

විස්සයි විස්ස තරගයක දැකිය හැකි උපරිම රසවින්දනයක් සහිත තරගයක් ඊයේ (16) රාත්‍රියේ ග්‍රෙනාඩා හිදී ක්‍රියාත්මක විය. ඒ සත්කාරක කොදෙව් දේශය සහ අයර්ලන්ත කණ්ඩායම් අතරයි.

කණ්ඩායම් දෙකම ලකුණු 200ට වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ගැනීමත්, තරගයේ අවසන් ප්‍රතිඵලය ලබා ගැනීමට අවසන් පන්දුවාරය දක්වා බලා සිටීමට සිදුවීමත් නිසා මෙහි උණුසුම වඩ වඩාත් වර්ධනය විය. අවසානයේ ඉන් ලකුණු 4ක තියුණු ජයක් ලබා ගත්තේ අයර්ලන්ත කණ්ඩායමයි.

ඉන්දියාවට සුපිරි කෑමක්!

ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරුවන් වූ ඩේවිඩ් වෝනර් සහ ආරොන් ෆින්ච් විසින් ඉන්දීය එක්දින ක්‍රිකට් පිටිය සලිත …

දෙරට අතර තරග 3කින් සමන්විත T20 තරගාවලියේ පළමු තරගය වූ මෙය ආරම්භ වන්නේ කොදෙව්වන් එක්දින තරගාවලිය 3-0ක් ලෙස පහසුවෙන් ජය ගැනීමෙන් අනතුරුවයි. එබැවින් ඊයේ තරගයත් සත්කාරක කණ්ඩායම පහසුවෙන් ජය ගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය. නමුත් කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දීම තෝරාගත් අයර්ලන්ත පිළෙන් දැකිය හැකි වූයේ විශ්මිත පිතිකරණ හැකියාවකි.

එහි ශෙල්ඩන් කෝට්‍රල් ඇතුළු කොදෙව් ආරම්භක පන්දු යවන්නන් තුට්ටුවකට මායිම් නොකළ කෙවින් ඕ’බ්‍රයන් සහ පෝල් ස්ටර්ලින් ග්‍රෙනාඩා පිටියේ ගිනිකෙළි සංදර්ශනයක් දියත් කළහ. ඒ අනුව තම ක්‍රිකට් දිවිය ආරම්භයේ සිටම ප්‍රහාරක පිතිකරුවෙකුගේ භූමිකාව හොඳින් රඟ දක්වා ඇති කෙවින් ඕ’බ්‍රයන් පන්දු 32කට පමණක් මුහුණ දෙමින් ලකුණු 48ක් රැස්කළේ කොදෙව් ප්‍රේක්ෂකයින්ගේ නළල රැළි ගන්වමනි. ඔහුගේ අලංකාරවත් ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

කෙවින්ටත් වඩා වැඩියෙන් පිතිකරණ අන්තය ලබා ගත් පෝල් ස්ටර්ලින් අද ලකුණු 95ක් ලබා සිටිය දී දැවී ගියේ තම මංගල T20 ශතකය පෙනෙන මානයේ දීයි. ඒ ඔහු තම ශතකයටත් වඩා කණ්ඩායමේ ලකුණු පුවරුව තව තවත් ඉහළ දැමීමට අවධානය යොමු කිරීම නිසයි. පන්දු 47කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 8ක් සහිතව ඔහු ක්‍රීඩා කළ ඉනිමේ ප්‍රහාරක වේගය සටහන් වූයේ 200ටත් ඉහළිනි.

අවිනිශ්චිත තරගාවලිය නිශ්චිත වේ

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය පිළිබඳව පොදු…

කෙසේ වෙතත් ඩ්වේන් බ්‍රාවෝ සහ හේඩන් වොල්ශ් පන්දු යැවීමට හඳුන්වා දීමෙන් අනතුරුව අයර්ලන්ත පිළේ ලකුණු වේගය මදක් අඩුවී ගිය අතර කෙවින් සහ ස්ටර්ලින් අතරේ ගොඩ නැගුණු ලකුණු 154ක වාර්තාගත සබඳතාවයෙන් අනතුරුව එතරම් දරුණු ප්‍රහාරයක් අනෙක් පිතිකරුවන්ගෙන් දැක ගත නොහැකි විය. 

කෙසේ නමුත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා දමා දුන් අඩිතාලම නිසාම අයර්ලන්ත පිළට ලකුණු 208ක් දක්වා තම මුළු ලකුණු සංඛ්‍යාව වර්ධනය කර ගැනීමට හැකි විය. ඒ කඩුලු 7ක් දැවී තිබිය දීයි.

අයර්ලන්තය වැනි ශ්‍රේණිගත කිරීම්වල පහළින් සිටින කණ්ඩායමක් ඉදිරියේ තම අභිමානය අභියෝගයට ලක්වුණු කොදෙව් කණ්ඩායම ද තරගයක් නොදී පරාජය භාර ගැනීමට සූදානම් වූයේ නැත. ඒ අනුව ධනාත්මක ආරම්භයක් ලබා ගත් ඔවුන් අයර්ලන්ත ලකුණු පුවරුව පසුපස ලුහුබඳින්නේ තම ප්‍රේක්ෂකයින්ගේ උද්‍යෝගය ද අඩු වන්නට ඉඩ නොතබමිනි. කෙසේ වෙතත් කිසිදු කොදෙව් පිතිකරුවෙකු පෝල් ස්ටර්ලින්ගේ අඩිපාරේ යමින් දැවැන්ත ඉනිමක් ක්‍රීඩා නොකිරීම කොදෙව් පිළේ පසුබෑමට හේතු විය.

ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා බෙන් ස්ටොක්ස්; කෝලිට බලාපොරොත්තු නොවුනු සම්මානයක්

2019 වසරේ ICC ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට රැගෙන ඒමට කළා වූ සේවය නිසාවෙන් සහ පසුගිය මාස 12…

එහි දී කොදෙව්වන් වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ එවින් ලෙවිස් පන්දු 29කින් ලකුණු 53ක් රැස් කිරීමට සමත් විය. ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟයි. දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ කිරන් පොලාර්ඩ් කොදෙව් කණ්ඩායමට කෙසේ හෝ අදාළ ඉලක්කය කරා ළඟා විය හැකි ලෙස ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ කෙරූ නමුත් ලකුණු 31 දී දැවී ගියේය. ඒ වන විට ඔහු මුහුණ දී සිටියේ පන්දු 15කට පමණි!

නිරන්තරයෙන් කඩුලු බිඳ වැටීම නිසා කොදෙව්වන්ට නැවත ඉනිම පිළිසකර කිරීමට යම් පන්දු ප්‍රමාණයක් වැය වීම නිසාවෙන් අවසන් පන්දුවාරයට ලබා ගත යුතු වූ ලකුණු සංඛ්‍යාව 13කි. එම පන්දුවාරය ක්‍රියාත්මක කළ ජොශුවා ලිට්ල් අයිරිෂ් දේශයේ බලාපොරොත්තු එලෙසින්ම සුරකිමින් කඩුලු දෙකක් සමඟින් ලකුණු 8ක් පමණක් ලබා දී 20 වැනි පන්දුවාරය අවසන් කළේය. ඒ වරෙක T20 ලෝක ශූරයින් බවට ද පත්වූ කොදෙව් කණ්ඩායම තම උපන් බිමේ දී ම පරාජය කරමිනි.

සම්පත් සහ මනීශාන් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග නිමාවූ…

පන්දු යැවීමේ දී සුපිරිතම දස්කම් පෙන්නුම් කළ ජොශුවා ලිට්ල් ලකුණු 29ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙලද්දී, ක්‍රේග් යං කඩුලු 2කට හිමිකම් කීවේය. කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානයට වඩාත් සුදුසු වූයේ පෝල් ස්ටර්ලින් තරග ආරම්භයේ දී ම කොදෙව්වන් සලිත කරමින් ක්‍රීඩා කළ ප්‍රවේගකාරී ඉනිමයි. දෙරට අතර දෙවැනි T20 තරගය ලබන 19 වැනිදා සාන්ත කිට්ස් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

අයර්ලන්තය – කඩුලු 7ක් දැවී ලකුණු 208 (පන්දුවාර 20): පෝල් ස්ටර්ලින් 95, කෙවින් ඕ’බ්‍රයන් 48, ගැරත් ඩෙලනි 19, ගැරී විල්සන් 17, ඩ්වේන් බ්‍රාවෝ 2/28, ශෙල්ඩන් කෝට්‍රල් 2/37, කැරී පියර් 2/45.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 7ක් දැවී ලකුණු 204 (පන්දුවාර 20): එවින් ලෙවිස් 53, කිරන් පොලාර්ඩ් 31, ශිම්රන් හෙට්මයර් 28, නිකලස් පූරන් 26, ශර්ෆේන් රදර්ෆර්ඩ් 26, ජොශුවා ලිට්ල් 3/29, ක්‍රේග් යං 2/31.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<