PSG-Amiens සහ Dortmundගෙන් ගෝල වැස්සක්

76

එංගලන්ත Premier League තරගාවලියේ 26 වැනි සතියේ, ස්පාඤ්ඤ La Liga තරගාවලියේ 24 වැනි සතියේ, ජර්මානු Bundesliga තරගාවලියේ 22 වැනි සතියේ සහ ප්‍රංශ Ligue 1 තරගාවලියේ 25 වැනි සතියේ තවත් වැදගත් තරග කිහිපයක් ඊයේ (15) පැවැත්විය.

Messiගෙන් යළිත් සුපිරි දස්කම්

ස්පාඤ්ඤ La Liga තරගාවලියේ FC Barcelona සහ Real Betis අතර තරගයත්…

Liverpool තවමත් අපරාජිතයි

Premier League තරගාවලිය යටතේ ඊයේ ප්‍රබල Liverpool පාපන්දු සමාජය සහ Norwich City පාපන්දු කණ්ඩායම අතර පැවති තරගය නිමාවට පත්වූයේ Liverpool ගෝල 1-0ක තියුණු ජයක් වාර්තා කරගනිමිනි.

තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට අපොහොසත් වීමත් සමඟ එම අර්ධය ගෝල රහිතව අවසන් වන්නට විය.

දෙවන අර්ධයට ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගනිමින් Liverpool අවස්ථාවන් කිහිපයක දී ම ගෝලයක් වාර්තා කරගැනීමට ආසන්නයට පැමිණියත් එම අවස්ථාවල දී ක්‍රියාත්මක වූ Norwich City ගෝල රකින ක්‍රීඩක Tim Krul ඉතා දක්‍ෂ ගෝල රැකීමක් දියත් කරමින් ඒවා ව්‍යර්ථ කර දමන්නට සමත් විය.

කෙසේ නමුත් 78 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Sadio Mane විසින් Jordan Henderson ඉදිරියට යොමු කළ දීර්ඝ පන්දුවක් ඉතා හොඳින් පාලනය කරගනිමින් එය ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ වාර්තා වූ එක ම ගෝලයට හිමිකම් කියන්නට සමත් විය.

ඒ අනුව මේ වනවිට පවත්වා ඇති තරග 26න් 25ක් ම ජයග්‍රහණය කරමින් එක් තරගයක් ජය-පරාජයෙන් තොරව අවසන් කරගනිමින් Liverpool මේ වන විට තවමත් අපරාජිතව Premier League ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.

සම්පූර්ණ කාලය: Liverpool FC 1 – 0 Norwich City FC

ගෝල ලාභීන්

  • Liverpool – Sadio Mane 78’

Serie A තරගාවලිය කළඹමින් Verona, Juventus පරදවයි

Juventus හඹා ආ Hellas Verona කණ්ඩායම ගෝල 2-1ක් ලෙස අනපේක්ෂිත…


Barcelonaගේ පිහිටට ‘VAR’

La Liga තරගාවලිය යටතේ ප්‍රබල FC Barcelona සහ Getafe CF කණ්ඩායම් අතර ඊයේ පැවති තරගය ඉතා තියුණු තරගයකින් අනතුරුව ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට Barcelona ක්‍රීඩකයින් සමත් විය.

Getafe හට ලැබුණු කෝනර් අවස්ථාවක් හරහා නායක Jorge Molina පන්දුවට හිසින් එල්ල කළ පහරක් ඉතා දක්‍ෂ ලෙස Barcelona ගෝල රකින ක්‍රීඩක ter Stegan ඉවතට යොමුකළත් එහි දී පන්දුව ලබා ගත් Allan Nyom එය ලබාගනිමින් ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ පළමු ගෝලය වාර්තා විය. නමුත් Nyom එහි දී පන්දුව ලබා ගැනීමට පෙර Samuel Umtiti හමුවේ ‘foul’ කිරීමක් සිදු කළ බවට හෙළිවීමත් සමඟ එම ගෝලය ඔවුන්ට පිරිනැමුණේ නැත.

අනතුරුව ක්‍රියාත්මක වූ Barcelona ක්‍රීඩකයින් පළමු අර්ධය තුළ ගෝල 2ක් වාර්තා කරගනිමින් තරගයෙන් ඉදිරියට පැමිණෙන්නට සමත් විය. සුපිරි ක්‍රීඩක Lionel Messi ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමු කළ Antoine Griezmann විසින් එහි දී පළමු ගෝලයත්, Junior Firpo ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමු කළ Sergi Roberto විසින් එහි දී දෙවන ගෝලයත් වාර්තා කර ගනු ලැබීය.

දෙවන අර්ධයට ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගත් Getafe ක්‍රීඩකයින් 66 වැනි මිනිත්තුවේ දී සිය පළමු ගෝලය වාර්තා කරගනිමින් තරගයට අවතීර්ණ වන්නට සමත් විය. Jaime Mata ලබා දුන් පන්දුවක් ඉතා විශිෂ්ට ලෙස ‘volley’ කරමින් එය ගෝල රාමුව තුළට යොමුකරමින් ema ගෝලය වාර්තා කර ගනු ලැබුවේ Angel Rodriguez විසිනි.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කරගැනීමට පහසු අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථක කරගැනීමට අපොහොසත් වීමත් සමඟ මෙම තරගයෙන් ගෝල 2-1ක ජයක් හිමිකර ගන්නට Barcelona ක්‍රීඩකයින් සමත් විය.

සම්පූර්ණ කාලය: FC Barcelona 2 – 1 Getafe CF

ගෝල ලාභීන්

  • FC Barcelona – Antoine Griezmann 33’, Sergi Roberto 39’
  • Getafe CF – Angel Rodriguez 66’

Atletico – Valencia තියුණු තරගයක

La Liga තරගාවලිය යටතේ Atletico Madrid සහ Valencia පාපන්දු සමාජ අතර ඊයේ පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව කණ්ඩායම් දෙක ම ගෝල 2 බැගින් වාර්තා කරගනිමින් ජය-පරාජයෙන් තොරව අවසන් විය.

Atletico හට තරගයට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් Marcos Llorente විසින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් ඔවුන්ව තරගයේ ඉදිරියට රැගෙන එන්නට සමත් විය.

කෙසේ නමුත් 40 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Gabriel Paulista විසින් Maximiliano Gomez ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය.

පළමු අර්ධය අවසන් වන්නට පෙර ක්‍රියාත්මක වූ Atletico ක්‍රීඩක Thomas Partey ප්‍රතිවාදීන්ගෙන් පන්දුව ලබා ගනිමින් එය ඉදිරියට රැගෙන යමින් ඉතා විශිෂ්ට ලෙස එය ගෝල රාමුව තුළට යොමු කළේ සිය කණ්ඩායම නැවතත් තරගයේ පෙරමුණට රැගෙන යමිනි.

දෙවන අර්ධයේ දී Valencia හට ලැබුණු නිදහස් පහර අවස්ථාවක් හරහා නායක Dani Parejo යොමු කළ පන්දුවක් ලබා ගත් Geoffrey Kondogbia විසින් ප්‍රතිවාදීන්ගේ දුර්වල ආරක්‍ෂක ක්‍රීඩා විලාශයෙන් ප්‍රයෝජන ගනිමින් එය ගෝල රාමුව තුළට යොමුකරමින් ඔවුන්ගේ ද දෙවන ගෝලය වාර්තා කරන්නට සමත් විය.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකටම ලැබුණු පහසු අවස්ථාවන් සාර්ථක කරගැනීමට ඔවුන් අපොහොසත් වීමත් සමඟ මෙම තරගය ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් වන්නට විය.

සම්පූර්ණ කාලය: Atletico Madrid 2 – 2 Valencia CF

ගෝල ලාභීන්

  • Atletico Madrid – Marcos Llorente 15’, Thomas Partey 43’
  • Valencia CF – Gabriel Paulista 40’, Geoffrey Kondogbia 59’

Dortmundගෙන් ප්‍රබල ප්‍රහාරයක්

Bundesliga තරගාවලිය යටතේ Borussia Dortmund සහ Eintracht Frankfurt කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 4-0ක පහසු ජයක් වාර්තා කරගන්නට Dortmund ක්‍රීඩකයින් සමත් විය.

Achraf Hakimi ලබා දුන් පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගැනීමට සමත් වූයේ Lukasz Piszczek විසිනි.

පසුව දෙවන අර්ධය ආරම්භයේ දී ක්‍රියාත්මක වූ Jadon Sancho විසින් Axel Witsel ලබා දුන් පන්දුවක් දක්ෂ ලෙස ගෝල රාමුව තුළට යොමුකරමින් ඔවුන්ගේ දෙවන ගෝලය ද වාර්තා කරගන්නට සමත් විය.

අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ Hakimi ගෝල රාමුව තුළට යොමු කළ පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කළ Erling Haland ඔවුන්ගේ තෙවැනි ගෝලයට හිමිකම් කීවේ Frankfurtගෙන් මෙම තරගය ඈතට රැගෙන යමිනි.

තරගය අවසන් වන්නට පෙර ක්‍රියාත්මක වූ Raphael Guerreiro විසින් Dortmund වෙනුවෙන් තරගයේ ඔවුන්ගේ අවසන් ගෝලය වාර්තා කරමින් මෙම තරගයෙන් ඔවුන්ට ගෝල 4-0ක පහසු ජයක් හිමකර දෙන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: Borussia Dortmund 4 – 0 Eintracht Frankfurt

ගෝල ලාභීන්

  • Borussia Dortmund – Lukasz Piszczek 33’, Jadon Sancho 49’, Erling Haland 54’, Raphael Guerreiro 74’

Icardi සහ Kehrer, PSG ජය තහවුරු කරති

ප්‍රංශ Ligue 1 තරගාවලියේ 23 වැනි සතියේ තරගයක් ලෙස Paris Saint-Germain (PSG)…


PSG – Amiens සීතල යුද්ධයක

Ligue 1 තරගාවලිය යටතේ ප්‍රබල Paris Saint-Germain (PSG) සහ Amiens SC කණ්ඩායම් අතර ඊයේ පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 4-4ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරගයට අතිවිශිෂ්ට ආරම්භයක් ලබාගත් Amiens ක්‍රීඩකයින් පළමු අර්ධය තුළම ගෝල 3ක් වාර්තා කරගන්නට සමත් විය. Serhou Guirassy, Gael Kakuta සහ Fousseni Diabate විසින් පිළිවෙලින් එම ගෝල වාර්තා කර ගනු ලැබූහ.

පළමු අර්ධය අවසන් වන්නට පෙර ක්‍රියාත්මක වූ Ander Herrera විසින් PSG වෙනුවෙන් එහි දී තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය.

දෙවන අර්ධයේ දී දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ PSG ක්‍රීඩකයින් එහි දී ගෝල 3ක් වාර්තා කරගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. එහි දී Tanguy Kouassi විසින් ගෝල 2කුත්, Mauro Icardi විසින් එක් ගොලයකුත් වාර්තා කර ගනු ලැබූහ.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය PSG ක්‍රීඩකයින් හිමිකර ගන්නා සේයාවක් දිස්වුනත් තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී දෙවන වරටත් ක්‍රියාත්මක වූ Guirassy තරගයේ සිය දෙවන ගෝලය වාර්තා කරගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු තත්වය සම කරමින් ගෝල 4-4ක් ලෙස තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කරන්නට සමත් විය.

 සම්පූර්ණ කාලය: Paris Saint-Germain 4 – 4 Amiens SC

ගෝල ලාභීන්

  • PSG – Ander Herrera 45’, Tanguy Kouassi 60’ & 65’, Mauro Icardi 74’
  • Amiens SC – Serhou Guirassy 5’ & 90+1’, Gael Kakuta 29’, Fousseni Diabate 40’

 >> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<