ආසියානු කුසලානයේ ඉන්දීය – පාකිස්තාන අළු යට ගිනි

93

2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලිය විස්සයි විස්ස තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර එය පාකිස්තානයේ පැවැත්වේ. නමුත් මෙවර ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීම යම් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර ඇත. 

අමුතු එක්දින තරගයේ දී හයේ පහර 48යි; හතරේ පහර 70යි

බංග්ලාදේශයේ පැවැත්වෙන දෙවන පෙළ එක්දින ක්‍රිකට් …….

බංග්ලාදේශය පාකිස්තානයට ගියේ ආසියානු කුසලානය නිසා ද?

බංග්ලාදේශය මේ දිනවල පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා එක්ව සිටින අතර පාකිස්තානය බංග්ලාදේශය තම රටට ගෙන්වා ගැනීම සඳහා ආසියානු කුසලානයේ සත්කාරකත්වය ඔවුන්ට ලබා දීමට පොරොන්දු වී ඇති බව මාධ්‍ය කීපයක් විසින් පසුගිය දා වාර්තා කර තිබිණි. මේ පිළිබඳව දැඩි කතාබහක් ගොඩනැගී තිබූ අතර පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක වසීම් ඛාන් එම ප්‍රචාරයන් අසත්‍ය බව පවසා සිටියා. 

“ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්” ඔහු පවසා සිටියා. එලෙස සිදු කිරීමේ හැකියාවක් ඇත්තේ ආසියානු ක්‍රිකට් කවුන්සලයට පමණක් බවත් ඉන්දියාවට තම රටට පැමිණීමට නොහැකි නම් පමණක් එය සලකා බැලිය යුතු බවත් ඔහු පවසා සිටියා. 

පාකිස්තානය ආසියානු කුසලානයේ සත්කාරකත්වය ලබාගත්තේ වසර 10කට පමණ පසුවය. 2018 වසරේ දී මේ සඳහා වන කුසපත් ඇදීමේ දී තරගාවලිය පාකිස්තානයේ හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙ පැවැත්වීමට තීරණය විය. නමුත් පසුගිය කාලය තුල පාකිස්තානය තුල ජාත්‍යන්තර තරගාවලිය රැසක් පැවැත්වීම හා පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය පැවැත්වීම මඟින් එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව හොඳ ආකල්පයක් ගොඩනගා ගැනීමට පාකිස්තානය සමත්ව ඇත. ඒ අනුව මෙම ආසියානු කුසලාන තරගාවලිය ද පාකිස්තානයේ පැවැත්වීම ඔවුන්ගේ අරමුණ වී ඇත. 

තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීම යම් අර්බුදකාරී තත්වයකට පත්ව තිබුණේ ඒ සඳහා ඉන්දීය කණ්ඩායම සහභාගි වීම අවිනිශ්චිත වීම නිසාවෙනි. 2018 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරගාවලිය සඳහා පාකිස්තාන කණ්ඩායම එක්වීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන යන ලදි. 

“මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්. අපි බංග්ලාදේශයත් එක්ක ආසියානු කුසලානය ගැන කිසිම සාකච්ඡාවක් කරලා නෑ.” ලාහෝර් හිදී මාධ්‍යවේදීන් අමතමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා සිටියා. 

පාකිස්තානයේ ස්ථාවරය 

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මීට පෙර පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා එක්වීම ප්‍රතික්ෂේප කර තිබූ අතර සාකච්ඡා කීපයකින් අනතුරුව විස්සයි විස්ස තරග තුනකින් හා එක්දින තරගයකින් හා ටෙස්ට් තරග දෙකකින් සමන්විත පාකිස්තාන තරග සංචාරයක් සඳහා එක්වීමට බංග්ලාදේශය කැමැත්ත පලකර තිබුණි. එම තරග කොටස් තුනකින් පැවැත්වීමට ද ඔවුන් තීරණය කර තිබුණි. 

“ආසියානු ක්‍රිකට් කවුන්සලය සංවිධානය කරන ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය අපි ලබා ගත්තේ සාධාරණ ක්‍රමවේදයකින්. අපිට ඒක වෙනස් කරන්න බෑ. අපේ බලාපොරොත්තුව පාකිස්තානයේ මේ තරගාවලිය පැවැත්වීම.” ඛාන් තවදුරටත් පවසා සිටියා. 

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ සහභාගිත්වය පිළිබඳව විමසූ විට ඔහු පවසා සිටියේ දෙරටෙහි ඇති දේශපාලනික අර්බුදය මෙයට ප්‍රධාන හේතුවක් බවත් ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් තමන්ට මේ පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කළහොත් තරගාවලිය රටවල් දෙකක පැවැත්වීමට තමන් උත්සාහ කරන බවත් ය. 

“එහෙනම් අපිට මේ තරගාවලිය තැන් දෙකක පවත්වන්න වෙනවා. 2021 දී විස්සයි විස්ස ලෝක කුසලානයට ඉන්දියාවට යන විටත් අපිට මේ තත්වයටම මුහුණ දෙන්න වෙනවා. ආරක්ෂක තත්ව හා ක්‍රීඩකයන්ගේ වීසා පිළිබඳව ගැටලු එහිදීත් එන්න පුළුවන්. ඒත් අපි බලාපොරොත්තු වෙනවා ඒ තත්වයන් ඉක්මනින්ම අඩුවේවි කියලා. ” 

“ඉන්දියාව මේ තරගාවලියට පාකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කරනවා නම් පාකිස්තානයත් 2021 ලෝක කුසලානයට ඉන්දියාවට පැමිණීම ප්‍රතික්ෂේප කරනවා.” ඛාන් පවසා සිටියා. 

ඉන්දීය කණ්ඩායම 2008 වසරෙන් පසුව පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා එක්ව නොමැති අතර 2007 වසරෙන් පසුව ඉන්දියාව හා පාකිස්තානය ටෙස්ට් තරගාවලියක් ද ක්‍රීඩා කර නොමැත. කෙසේ වෙතත් 2012 වසරේ දී සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා පාකිස්තාන කණ්ඩායම ඉන්දියාවේ තරග සංචාරයක් සඳහා එක්විය. 

දකුණු අප්‍රිකාවට තරගයට අමතරව ප්‍රසාද ලකුණු 6කුත් නැති වෙයි

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකානු කණ්ඩායම …..

පාකිස්තානය ආරක්ෂිත ද? 

ක්‍රිකට් විචාරකයන් පවසන පරිදි පාකිස්තානයට මේ වන විට ඇති විශාලතම ගැටලුව වන්නේ ඉන්දීය කණ්ඩායමේ සහභාගිත්වයයි. කෙසේ වෙතත් ක්‍රිකට් අධ්‍යක්ෂක වසීම් ඛාන් මහතා මාධ්‍යවේදීන්ට පවසා සිටියේ මෙම තරගාවලියට පෙර දකුණු අප්‍රිකානු ක්‍රිකට් කවුන්සලය විසින් පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සලකා බැලීම සඳහා විශේෂ සංචාරයක් සිදු කිරීමට නියමිත බවයි. 

පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අවසන් වීමෙන් පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායම විස්සයි විස්ස තරග තුනකින් සමන්විත තරගාවලියක් සඳහා පාකිස්තානයට පැමිණීමට නියමිතය. ඒ එළඹෙන අප්‍රේල් මාසයේ දී ය. 

පසුගිය සතියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා ඉස්ලාමාබාද් හා ලාහෝර් වෙත පැමිණි අතර ඒ පිළිබඳව සඳහන් කරමින් ඛාන් පවසා සිටියේ 2023 හා 2031 කාලය තුල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සංවිධානය කරන තරගාවලි තුනක් අවම වශයෙන් පැවැත්වීමට පාකිස්තානය උත්සාහ කරන බවයි. 

Marylebone ක්‍රිකට් සමාජය තරග 4 ක් සඳහා පාකිස්තානය වෙත පැමිණීමට ද නියමිතය. එම තරග ලාහෝර් හිදී පැවැත්වෙන අතර එම කණ්ඩායම සඳහා මොයින් අලී, රවී බොපාරා මෙන්ම කුමාර් සංගක්කාර ද ඇතුළත් වේ. 

ඉන්දීය ස්ථාවරය

පාකිස්තානයේ පැවැත්වෙන ආසියානු කුසලානය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය ද ප්‍රකාශ කීපයක් නිකුත් කර තිබුණි. එහි දී ඔවුන් පවසා ඇත්තේ පාකිස්තානය මෙම ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් තමන්ට නොමැති බවත් ඉන්දියාව එයට සහභාගි නොවන බවත්ය. 

මෙවර ආසියානු කුසලාන තරගාවලිය විස්සයි විස්ස තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියයි. එයට පෙර සූදානමක් ලබා ගැනීම සඳහා මෙම තරගාවලිය විශාල උපකාරයක් වනු ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය හා ආසියානු ක්‍රිකට් කවුන්සලය පවසා ඇත. 

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම මෙම ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගි නොවන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව 2021 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා තම කණ්ඩායම සහභාගි නොවනු ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය ද පවසා තිබේ. 

2020 IPL වෙනස් වෙයි; නිපන්දුවට අලුතින් විනිසුරුවෙක්!

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු මස ………

“ප්‍රශ්නය තියෙන්නේ පාකිස්තානය මේ තරගාවලියට සත්කාරකත්වය දරන එක නෙමෙයි. වර්තමාන තත්වයත් එක්ක පාකිස්තානයේ ඒක පවත්වන එක තමයි ගැටලුව. අපි යෝජනා කරන්නේ ස්වාධීන ස්ථානයක මේ තරගාවලිය පවත්වන්න. මේ තත්ව එක්ක ඉන්දීය කණ්ඩායමට ද්වීපාර්ශික තරගාවලියකට හෝ ආසියානු කුසලානය වගේ ජාත්‍යන්තර තරගාවලියකට වුනත් සහභාගි වීමේ අවදානමක් තියනවා. ” 

“ආසියානු ක්‍රිකට් කවුන්සලයට අපේ සහභාගිත්වය නොමැති එක ගැටලුවක් නොවේ නම් තරගාවලිය එලෙසම පවත්වන එකට අපේ බාධාවක් නෑ. නමුත් මේ තරගාවලියට ඉන්දීය කණ්ඩායම සහභාගි විය යුතු නම් ඒක පාකිස්තානයේ පවත්වන්න බෑ.” ඉන්දීය ක්‍රිකට් ආයතනය දැඩිව ප්‍රකාශ කර තිබේ. 

තරගාවලිය පිළිබඳව ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන මෙම ගැටලුකාරී තත්වය පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සලය තවමත් නිල ප්‍රකාශයක් කර නොමැත. කෙසේ වෙතත් පාකිස්තානය තම ආරක්ෂක වැඩපිළිවෙළ සාර්ථක බව ජාත්‍යන්තර තරගාවලි කීපයක් පවත්වමින් පෙන්වීමට සමත්ව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<