මොට්වානි අභියෝගතා පලිහ විශාඛාව භාරයට

408

කොළඹ විශාඛා විද්‍යාලය සහ නුගේගොඩ සුජාතා විද්‍යාලය අතර ප්‍රථම වරට පැවති “මොට්වානි අභියෝගතා පලිහ” සඳහා වන “රන් මහා සටන දැල්පන්දු සංග්‍රාමය” අද (29) දිනයේ දී නිමාවට පත්වූයේ විශාඛා විද්‍යාලයට ජයග්‍රහණය අත්කර දෙමිනි.

විශාඛාවන් සහ සුජාතාවන් මොට්වානි පලිහට සූදානම්

ශ්‍රී ලංකාවේ කාන්තා පාසල් දෙකක් කේන්ද්‍ර ….

කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති මෙම තරගාවලිය වයස අවුරුදු 17න් පහළ සහ වයස අවුරුදු 19න් පහළ ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්විය.

පළමු “මොට්වානි අභියෝගතා පලිහ” සඳහා කොළඹ විශාඛා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම උපනි රූපසිංහ විසින් මෙහෙයවනු ලැබූ අතර ලිලාෂා මනගොඩ විසින් නුගේගොඩ සුජාතා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මෙහෙයවනු ලැබීය.

වයස අවුරුදු 17න් පහළ තරගයේ දී ලකුණු 21-03ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට කොළඹ විශාඛා විද්‍යාල දැල්පන්දු කණ්ඩායම සමත් විය. ඉන්පසු පැවති අවුරුදු 19න් පහළ තරගයෙන් ලකුණු 49-10ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට කොළඹ විශාඛා විද්‍යාල දැල්පන්දු කණ්ඩායම සමත් විය.

වයස අවුරුදු 17න් පහළ තරගය

පන්දුව තමන් සතුකර ගනිමින් ආරම්භ වූ තරගයේ පළමු අර්ධයේ මුල් මිනිත්තු කිහිපය තුළ ලකුණු රැස්කර ගැනීමට විශාඛා විද්‍යාල කණ්ඩායම අවස්ථාවන් හිමිවුවත් එය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය.

තරගයේ පළමු ලකුණ සුජාතා විද්‍යාල කණ්ඩායම විසින් වාර්තා කළ නමුත් ඉන්පසු එම අර්ධය තුළ තවත් එකදු ලකුණක් හෝ රැස් කිරීමට ඔවුන්ට අවස්ථාවන් ලබා නොදීමට විශාඛාවන් සමත් විය. දැඩි ආරක්ෂාකාරී මෙන්ම ආක්‍රමණකාරී විලාසයක් පෙන්නුම් කරමින් ක්‍රීඩා කළ විශාඛා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් පළමු අර්ධය තුළ ලකුණු 10ක් රැස් කිරීමට සමත් විය.

පළමු අර්ධය: විශාඛා 10 – 01  සුජාතා

Photo Album : Sujatha Vidyalaya Netball Team 2019 | 1st Battle of the Golds Netball Encounter

දැඩි පීඩනයක් සහිතව තරගයේ දෙවන අර්ධයට පිවිසි සුජාතා විද්‍යාලයීය ක්‍රීඩිකාවන්ට එම අර්ධය තුළ දී ලකුණු 2ක් පමණක් රැස් කරමින් සෑහීමකට පත්වීමට සිදු වූයේ විශාඛා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් හමුවේ අසරණ වෙමිනි. තරගයේ දෙවන අර්ධයේ දී ද ලකුණු 8ක් රැස්කර ගනිමින් ලකුණු 18-03ක් ලෙස තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට කොළඹ විශාඛා විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සමත් විය.

අවසන් ලකුණු තත්වය: විශාඛා විද්‍යාලය 20 – 03 සුජාතා විද්‍යාලය

වයස අවුරුදු 19න් පහළ තරගය

තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙක එකිනෙකාට නොදෙවෙනි සේ ක්‍රීඩා කළ නමුත් විශාඛා විද්‍යාල කණ්ඩායමේ දැඩි ආක්‍රමණශීලී භාවය හමුවේ පසුබැසීමට සුජාතා විද්‍යාල කණ්ඩායමට සිදු විය. පළමු කාර්තුව තුළ විශාඛා විද්‍යාල කණ්ඩායම ලකුණු 14ක් රැස්කර ගැනීමට සමත් වන විට සුජාතා විද්‍යාල කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 4ක් පමණි.

පළමු කාර්තුව: විශාඛා 14 – 04  සුජාතා

දෙවන කාර්තුව තුළ දී ද දැඩි ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය එලෙසම පවත්වා ගෙන යමින් ලකුණු 9ක් රැස්කර ගැනීමට විශාඛා විද්‍යාල කණ්ඩායම සමත් විය. විශාඛා විද්‍යාල කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩිකාවන් හමුවේ අඩපණ වූ සුජාතා විද්‍යාල කණ්ඩායම එම කාර්තුවේ දී ලකුණු 02ක් පමණක් වාර්තා කරමින් සෑහීමකට පත්වීමට සිදු විය.

දෙවන කාර්තුව: විශාඛා 23 – 06  සුජාතා

ඉන්පසු ආරම්භ වූ තෙවැනි කාර්තුව තුළ පෙර පරිදීම ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් තම කණ්ඩායමේ ලකුණු තත්වය තවත් ලකුණු 15කින් ඉහළ දැමීමට විශාඛා විද්‍යාල කණ්ඩායම සමත් වන විට එම කාර්තුව තුළ සුජාතා විද්‍යාල කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 3ක් පමණි.

තෙවන කාර්තුව: විශාඛා 38 – 09 සුජාතා

උතුරෙන් ජාත්‍යන්තරයට ක්‍රීඩකයන් හදන්න නව ක්‍රීඩා සංකීර්ණයක්

රුපියල් මිලියන 322ක වියදමෙන් ප්‍රතිසංස්කරණය …

විශාඛා විද්‍යාල කණ්ඩායමට වඩා ලකුණු 29ක් පසුපසින් සිටිමින් තරගයේ අවසන් කාර්තුව ක්‍රීඩා කිරීමට පැමිණි සුජාතා විද්‍යාල කණ්ඩායමට ජයග්‍රහණයේ සිහින බොඳ කර ගැනීමට සිදු වූයේ එම අවසන් කාර්තුවේ දී එක් ලකුණක් පමණක් රැස්කිරීම හේතුවෙනි. අවසන් කාර්තුව තුළ ලකුණු 11ක් රැස්කිරීමට සමත් වූ විශාඛා විද්‍යාල කණ්ඩායම තරගයේ නියමිත කාලය අවසන් වන විට ලකුණු 49-10ක් ලෙස ඉදිරියෙන් සිටිමින් ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: විශාඛා විද්‍යාලය 49 – 10 සුජාතා විද්‍යාලය

පෞද්ගලික දක්ෂතා:

වයස අවුරුදු 17න් පහළ

  • හොඳම විදින්නිය – නෙතුනි නාරාතොට (විශාඛා විද්‍යාලය)
  • හොඳම ප්‍රහාරක ක්‍රීඩිකාව – ආකර්ෂා දෙව්මිණි (සුජාතා විද්‍යාලය)
  • හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව – අනුත්තරා කළුආරච්චි (විශාඛා විද්‍යාලය)

වයස අවුරුදු 19න් පහළ

  • හොඳම විදින්නිය – මෙලනි විජේසිංහ (විශාඛා විද්‍යාලය)
  • හොඳම ප්‍රහාරක ක්‍රීඩිකාව – පුනරි සිරිවර්ධන (විශාඛා විද්‍යාලය)  
  • හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව – තිසෙයිනි පෙරේරා (සුජාතා විද්‍යාලය)
  • දැල්පන්දු රැජිණ – ලවංගා කළුආරච්චි (විශාඛා විද්‍යාලය)  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<