ඉසුරු උදානට උසස් වීමක්

2058

ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්රික්ස් හා අන්දිලේ පෙහ්ලුක්වයෝ සිය හොඳම ICC ශ්‍රේණිගත කිරීම්වලට ළඟා වීමට සමත් වී ඇත.

විස්සයි විස්සේ පූර්ණ තරගාවලි ජයත් දකුණු අප්‍රිකානුවන්ට!

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තෙවැනි විස්සයි විස්ස ….

ජේ. පී ඩුමිනි, දික්වැල්ල, මාලිංග හා ඉසුරු උදාන ද එම තරගාවලියෙන් අනතුරුව ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට සමත්ව තිබේ.

හෙන්ඩ්රික්ස් ස්ථාන 26ක් ඉදිරියට පැමිණ 15 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ නිමා වූ තරගාවලියේ දී ලකුණු 139ක් රැස්කර ගනිමිනි. පෙහ්ලුක්වයෝ ස්ථාන 14ක් ඉදිරියට පැමිණ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ තරග දෙකක් තුළ කඩුලු හතක් දවා ගත් නිසයි.

ජේ. පී. ඩුමිනි තරගාවලිය තුළ ලකුණු 76ක් වාර්තා කළ අතර ඒ සමඟම ඔහු ICC පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 39 වැනි ස්ථානයේ සිට 32 වැනි ස්ථානය දක්වා පැමිණීමට සමත්ව තිබේ. Rassie van der Dussen 74 වැනි ස්ථානයේ සිට 41 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර පන්දු යවන්නන් අතර ක්‍රිස් මොරිස් (18) හා ටබ්‍රයිස් ශම්සි (35) ද ICC පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ස්ථාන 19ක් ඉදිරියට පැමිණ 78 වැනි ස්ථානයට පැමිණි අතර ලසිත් මාලිංග 42 වැනි ස්ථානයට පැමිණියේ ස්ථාන 11ක් ඉදිරියට පැමිණෙමිනි. ඉසුරු උදාන ස්ථාන 106ක් ඉදිරියට පැමිණ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 144 ස්ථානයට පැමිණියේ තරගාවලිය ලකුණු 132ක් සමඟින් නිමා කරමින්. එමෙන්ම ඔහු ස්ථාන 12ක් ඉදිරියට පැමිණ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 51 වැනි ස්ථානයට ද පැමිණීමට සමත් විය.

Embed – https://www.thepapare.com/asanatha-de-mel-meets-angelo-mathews-and-talks-about-the-upcoming-world-cup-news-sinhala/

විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල කිසිදු වෙනසක් සිදු නොවූ අතර ශ්‍රී ලංකාව නවවැනි ස්ථානයේත්, දකුණු අප්‍රිකාව පස්වැනි ස්ථානයේත් රැඳී සිටියි.

MRF ICC T20I කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් (2019 මාර්තු 25 වැනිදාට):

ස්ථානය කණ්ඩායම ප්‍රසාද ලකුණු
1 පාකිස්තානය 135
2 ඉන්දියාව 122
3 එංගලන්තය 121
4 ඕස්ට්‍රේලියාව 120
5 දකුණු අප්‍රිකාව 120 (+2)
6 නවසීලන්තය 116
7 බටහිර ඉන්දීය කොදෙව් 98
8 ඇෆ්ගනිස්ථානය 93
9 ශ්‍රී ලංකාව 84 (-2)
10 බංගලාදේශය 77
11 ස්කොට්ලන්තය 61
12 සිම්බාබ්වේ 55
13 නෙදර්ලන්තය 52
14 නේපාලය 43
15 එක්සත් ආරාබි එමීර් 43

MRF ICC විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්

පිතිකරුවන්

ස්ථානය (+/-) ක්‍රීඩකයා කණ්ඩායම ලකුණු සාමාන්‍ය Eco වැඩිම ප්‍රසාද ලකුණ
1 ( – ) බාබර් අසාම් පාකිස්තානය 885 53.72 128 888
2 ( – ) කොලින් මුන්රෝ නවසීලන්තය 825 33.59 162 830
3 ( – ) ග්ලෙන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාව 815! 34.40 158 815
4 ( – ) ඒරන් ෆින්ච් ඕස්ට්‍රේලියාව 782 37.13 156 900
5 ( – ) ලෝකේශ් රාහුල් ඉන්දියාව 726 43.95 149 854
6 ( – ) එච්. සසායි ඇෆ්ගනිස්ථානය 718*! 75.60 193 718
7 ( – ) ඩා’ර්සි ෂෝර්ට්   ඕස්ට්‍රේලියාව 715* 32.88 121 756
8 ( – ) එවින් ලුවිස් බටහිර ඉන්දීය කොදෙව් 707 33.52 164 780
9 ( – ) ෆකර් සමාන් පාකිස්තානය 700 26.46 139 842
10 ( – ) ඇලෙක්ස් හේල්ස් එංගලන්තය 678 31.01 137 866

අනෙක් වැදගත් ශ්‍රේණිගත කිරීම්

ස්ථානය   (+/-) ක්‍රීඩකයා කණ්ඩායම ලකුණු සාමාන්‍ය Eco වැඩිම ප්‍රසාද  ලකුණ
15 (+26) ආර්. හෙන්ඩ්රික්ස් දකුණු අප්‍රිකාව 647*! 27.95 124 647
32 (+7) ජේ. පී ඩුමිනි දකුණු අප්‍රිකාව 525 38.68 126 713
41 (+33) වැන් ඩර් ඩුසෙන් දකුණු අප්‍රිකාව 513* 36.14 133 523
78= (+19) නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකාව 349* 19.29 140 400
144 (+106) ඉසුරු උදාන ශ්‍රී ලංකාව 189*! 28.83 153 189
167 (+191) කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව 152* 16.50 143 253

පන්දු යවන්නන්

ස්ථානය (+/-) ක්‍රීඩකයා කණ්ඩායම ප්‍රසාද ලකුණු සාමාන්‍ය Eco වැඩිම ප්‍රසාද ලකුණ
1 ( – ) රෂිඩ් ඛාන් ඇෆ්ගනිස්තාන් 780 11.56 6.02 816
2 ( – ) ෂඩාබ් ඛාන් පාකිස්තානය 720 18.59 6.84 769
3 ( – ) ආඩිල් රෂිඩ් එංගලන්තය 709 23.97 7.31 716
4 ( – ) ඉමාඩ් වසීම් පකිස්ථානය 705 19.42 5.81 780
5 ( – ) කුල්දීප් යාදව් ඉන්දියාව 699 12.97 6.72 728
6 ( – ) ඇඩම් සම්පා ඕස්ට්‍රේලියාව 672! 19.43 6.04 672
7 ( – ) ෂකිබ් අල් හසන් බංගලාදේශය 658 20.15 6.77 672
8 ( – ) ඉෂ් සෝධි නවසීලන්තය 657 20.88 7.70 739
9 ( – ) ෆාහිම් අශ්රාෆ් පකිස්ථානය 655 20.12 7.08 659
10 (+14) පෙහ්ලුක්වයෝ දකුණු අප්‍රිකාව 649*! 17.92 7.98 649

අනෙක් වැදගත් ශ්‍රේණිගත කිරීම්

ස්ථානය (+/-) ක්‍රීඩකයා කණ්ඩායම ප්‍රසාද ලකුණු සාමාන්‍ය Eco වැඩිම ප්‍රසාද ලකුණ
18 (+2) ක්‍රිස් මොරිස් දකුණු අප්‍රිකාව 601! 20.50 8.39 601
21 (+12) අකිල ධනංජය ශ්‍රී ලංකාව 593 32.87 7.66 594
35 (+41) ටබ්‍රයිස් ශම්සි   දකුණු අප්‍රිකාව 534*! 38.60 7.72 534
42 (+11) ලසිත් මාලිංග ශ්‍රී ලංකාව 505 19.70 7.29 684
51 (+12) ඉසුරු උදාන ශ්‍රී ලංකාව 459! 35.52 8.62 459
168 (+79) ලුතෝ සිප්මාලා දකුණු අප්‍රිකාව 185*! 32.75 8.36 185

තුන් ඉරියව් ක්‍රීඩකයෝ

ස්ථානය (+/-) ක්‍රීඩකයා කණ්ඩායම ප්‍රසාද ලකුණ වැඩිම ප්‍රසාද ලකුණ
1 ( – ) ග්ලෙන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාව 390 395
2 ( – ) ෂකිබ් අල් හසන් බංගලාදේශය 338 408
3 ( – ) මොහොමඩ් නබි ඇෆ්ගනිස්ථානය 330! 330
4 ( – ) මොහ්මදුල්ලාහ් බංගලාදේශය 240! 240
5 ( – ) ආර්. බෙරින්ග්ටන් ස්කොට්ලන්තය 221 /*! 221

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<