සැප්තැම්බර් 27 වැනිදා දෝහා කටාර් හිදී ආරම්භ වීමට නියමිත 2019 IAAF ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගී වන එකම ශ්‍රී ලංකා නියෝජනය වන්නේ ශ්‍රී ලංකාවේ උපන් ක්‍රීඩිකාවක් වන හිරුණි විජයරත්න පමණි. 

සමාරම්භයට දවස් දෙකක් තිබිය දී යෞවන ක්‍රීඩා උළෙල කල් දමයි

31 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල මෙම මස 26 වැනිදා සිට 29 වැනිදා දක්වා….

වෘත්තීමය මලල ක්‍රීඩිකාවක් ලෙස කටයුතු කරන හිරුණි විජයරත්න වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වී සිටින අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවූ දක්ෂතම දිගු දුර ක්‍රීඩිකාවන්ගෙන් අයෙකු ලෙස තම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට ඇය සමත්ව සිටියි. 

වෙනස්ම ඉසව්වක් ඔස්සේ යමින් ශ්‍රී ලංකාව ලක්මාතාව ඉදිරියේ බැබළවීම ඇගේ ඒකායන අපේක්ෂාව වුවත් ඇතැම් අවස්ථාවන් හිදී ඇගේ සිහින බොඳවී ගියේ මව්බිමේ අවාසනාවකට වන්නට පුළුවන්. එනම් 2016 ඇයට ඔලිම්පික් වරම් හිමි වීමට තිබුනත් ඇයව ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ශ්‍රී ලංකාවෙන් පිළිනොගැනීම ඇගේ ඔලිම්පික් සිහින බොඳවන්නට හේතු විය. 

කෙසේ වෙතත් අධිෂ්ඨානය අත්නොහරමින් බාධා හමුවේ නොබියව ඉදිරියට ධාවනයේ යෙදුණු ඇය 2016න් වසර තුනකට පසුව IAAF ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා ගනු ලැබුවේ ශ්‍රී ලංකාවෙන් ඊට සහභාගී වන එකම ක්‍රීඩිකාව බවට පත්වෙමින්. ඒ ඩසල්ඩෝෆ් මැරතන් ධාවන තරගයේ දී 2:34.10 කාලයක් වාර්තා කරමින් නව දකුණු ආසියානු වාර්තාවකට ද හිමිකම් කියමින් පෑ දක්ෂතාවය හේතුවෙනි.

වාර්තාගත පීතර, වලල සුසංයෝගය නැවතත් පාසල් මලල ක්‍රීඩා පිටිය කළඹයි

පුරා දින තුනක් මුළුල්ලේ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වූ….

පසුගිය දා නිමා වූ 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවට සහභාගී වූ හිරුණිට එම තරගාවලිය ඉතාමත් විශේෂ එකක් වූයේ ශ්‍රී ලංකාවේ දී ඇය සහභාගී වූ ප්‍රථම ජාතික මලල ක්‍රීඩා තරගාවලිය එය වීම නිසාවෙනි. ඇය එම තරගාවලියේ දී මීටර් 10,000 සහ 5,000 ඉසව් සඳහා සහභාගී වෙමින් රන් පදක්කම් දිනා ගන්නට සමත් වූවාය. 

හිරුණි IAAF හී කාන්තා මැරතන් ධාවන ඉසව්ව සඳහා සහභාගී වීමට නියමිතව ඇති අතර එහි අවසන් මහා තරගය සැප්තැම්බර් 28 වැනි සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 02.29ට ආරම්භ වීමට නියමිතයි.

හිරුණි තරගාවලිය නිමා කරන්නේ කෙසේ දැයි දැන ගන්න රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<