ශ්‍රී ලංකා පරාජයන් රැල්ල නොනැවති ඉදිරියට

254

ශ්‍රී ලංකාව හා එංගලන්ත අතර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ පැවැත්වූ තෙවන එක්දින තරගයත් කඩුලු 7කින් ජයග්‍රහණය කළ සංචාරක එංගලන්තය දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් පෙරමුණ ගැනීමට සමත් වූයේ 2-0ක් ලෙසයි.

දඹුල්ලෙන් නුවරට යද්දී දෙපිලේම වෙනස්කම්

දෙරට අතර පැවති පළමු එක්දින තරගයට ද වර්ෂාවෙන් එල්ල වූ බාධා හමුවේ අත්හැර දැමූ අතර….

තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා කාසියේ වාසිය උරගා බැලීම ද ප්‍රමාද වූ අතර පැය 5කට අධික ප්‍රමාදයකට පසුව කාසියේ වාසිය උරගා බැලීම සිදු කළේ තරගයේ දී ක්‍රීඩා කරනු ලබන පන්දුවාර ගණන 21ක දක්වා අඩුකරමිනි.

නායකයින් දෙදෙනා අතරින් ඉහළ නැගුණු කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක ඉයන් මෝගන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.

ආරම්භක පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල හා සධීර සමරවික්‍රම පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 33ක් තුල වේගවත් ලකුණු 57ක සබඳතාවයක් ගොඩනැංවූ අතර ටොම් කරන් එතෙක් වේලාවක් ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූ දික්වැල්ලව දවා ගනිමින් එම සබඳතාවයට තිත තබන ලදි.

සුපිරි පිතිකරණයක නිරත වූ දික්වැල්ල 4 පහර 8ක් සිය ලකුණු සටහනට එකතු කර ගත්තේ පන්දු 20ක් තුල ලකුණු 36ක් ලබා ගනිමිනි.

කුසල් ජනිත්ගේ කලව ආශ්‍රිතව ඇතිවූ ආබාධය නිසා ඔහුට ඉදිරි එක්දින තරග ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතර ඒ නිසාවෙන් ශ්‍රී ලංකා එක්දින සංචිතයට නැවතත් කැඳවීමක් ලබා ගත් කුසල් මෙන්ඩිස් සුපුරුදු පරිදි මේ තරගයේ දී ද තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ මේ තරගය ද ඇතුළත්ව අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරග 3 දී ම ලකුණු නොලබා දැවී යමිනි. මෙන්ඩිස්ගේ කඩුල්ල පා දඟපන්දු යවන ක්‍රීඩක අදිල් රශීඩ්ගේ කඩුලු ගොන්නට එකතු විය.

මාස කිහිපයක විරාමයකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම හා එකතු වූ දකුණතින් පිත්ත හසුරුවන සධීර පළමු පන්දුවාර කිහිපය තුල පිටියේ ස්ථාවර වීමට යම් කාලයක් ලබා ගත් නමුත් ඔහු නායක චන්දිමාල් හා එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව යම්තාක් මට්ටමකට රැගෙන එන ලදි. ලකුණු 34ක් ලබා ගත් සධීරගේ ඉනිම 4 පහර 4කින් අලංකාරවත් වූ අතර රශීඩ්ගේ පන්දුවකට බෙන් ස්ටෝක්ස් අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු පිටියෙන් සමුගත්තේය.

පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 99ක් ලබාගෙන සිටි මොහොතේ දී කඩුල්ලේ රැඳී සිටියේ චන්දිමාල් හා දනංජය ද සිල්වායි. එතැන් සිට තවත් ලකුණු 11ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ සටහන් වූ පසු මද වේගපන්දු යවන කරන්, දනංජය ද සිල්වාව දවා ගත්තේ සිය පන්දු යැවීමේ විවිධත්වය තුලිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාර 5 තුල කඩුලු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 40ක් පමණ වන අතර එහි දී අදිල් රශීඩ්, කරන් ඇතුළු එංගලන්ත ක්‍රීඩකයින් ඉතාමත් හොඳින් තරගයට අවතීර්ණ වූයේ පළමු පන්දුවාර 6 තුල ශ්‍රී ලංකාව හොඳින් පිතිකරණයේ නිරත වූ පසුබිමකයි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසානය දක්වා සටන් වැදුණු චන්දිමාල් ලකුණු 34ක් ලබාගෙන සිටිය දී ශ්‍රී ලංකා ඉනිමේ 8 වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේය. පන්දු යැවීමේ දී රශීඩ් හා කරන් අතරේ පිළිවෙළින් කඩුලු 4ක් හා කඩුලු 3 බැගින් බෙදී යන ලදි.

ලොකු කුසල්ට ආබාධයක්; තෙවැනි එක්දින තරගයට අවිනිශ්චිතයි

මහනුවර පල්ලකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස අනිද්දා (17) පැවැත්වීමට….

ලකුණු 151ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණතින් පිත්ත හසුරුවන එංගලන්ත ආරම්භක පිතිකරුවන් යුගලය වූ ජේසන් රෝයි හා ජොනී බෙයාර්ස්ටොව් හට පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 18ක සබඳතාවයක් පමණි. ඉන් අනතුරුව ලක්ෂාන් සඳකැන් වෙනුවට මේ තරගයේ දී ක්‍රීඩා කළ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු, බෙයාර්ස්ටොව් හා ජෝ රූට් යන ප්‍රබල පිතිකරුවන් දෙදෙනා ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් තුල ක්‍රීඩාගාරයට හරහා යැවීය.

තෙවන කඩුල්ල වෙනුවෙන් රෝයි හා නායක මෝගන් අතරේ ලකුණු 46ක සබඳතාවයක් වර්ධනය වූ අතර 4 පහර 3ක් හා 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 26ක දී වේගවත් ලකුණු 41ක් රැස්කර ගැනීමට සමත් වූ රෝයි, අකිල දනංජය එවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විට පන්දුවාර 9ක් අවසානයේ එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 80කට කඩුලු 3ක් දැවී ගොස් තිබුණි.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය දල ලකුණු ලබා ගැනීමේ ප්‍රමාණය ඉතාමත් හොඳින් අවබෝධ කර ගත් මෝගන් සිය සහයක ස්ටෝක්ස් සමඟින් එක්ව සෙමින් සීරුවේ එංගලන්ත ලකුණු පුවරුව ගොඩනැංවූයේ යම් සැලසුමකට අනුවයි. අවසානයේ සිය එක්දින ක්‍රිකට් දිවියේ 41 වන අර්ධ ශතකය සම්පූර්ණ කර ගත් මෝගන් 4 පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 58*ක් ලබාගෙන එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගොස් ලබා ගත් මේ ජයත් සමඟම එංගලන්ත මේ තරගාවලිය පරාජය නොවී සිටීමට අවශ්‍ය සියලුම වැඩකටයුතු සකස් කරගත්තේය.

තරගය අවසානයේ දක්වා මෝගන් සමඟ එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව අසරණ කළ වමතින් පිත්ත හසුරුවන ස්ටෝක්ස් එක් 4 පහරක් හා 6 පහර 2ක් එල්ල කරමින් නොදැවී ලකුණු 35*ක් සිය නමට ඉදිරියෙන් සටහන් කර ගන්නා ලද්දේ ශ්‍රී ලංකාව තවත් එක්දින තරගාවලි පරාජයක් අභියසට කැඳවාගෙන යමිනි. පන්දු යැවීමේ දී යම්තාක් මට්ටමකට හෝ සාර්ථක වූ අපෝන්සු ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකාව – 150/9 (21): නිරෝෂන් දික්වැල්ල 36, සදීර සමරවික්‍රම 35, දිනේෂ් චන්දිමාල් 34, දසුන් ශානක 21, අදිල් රශීඩ් 4/36, ටොම් කරන් 3/17.

එංගලන්තය – 153/3 (18.3): ඉයන් මෝගන් 58*, ජේසන් රෝයි 41, බන් ස්ටෝක්ස් 35*, අමිල අපෝන්සු 2/27.

තරගයේ වීරයා – අදිල් රශීඩ්

තරගාවලියේ මීළඟ තරගය ලබන 20 වැනි සෙනසුරාදා දිවා තරගයක් ලෙස පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ දී ම උදෑසන 9.45 සිට පැවැත්වෙන අතර තරගාවලියේ එසැණ තොරතුරු හා සේයාරූ JAT Holdings අනුග්‍රහයෙන් ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

Sri Lanka

150/9

(21 overs)

Result

England

153/3

(18.3 overs)

England won by 7 wickets

Sri Lanka’s Innings

Batting R B
Niroshan Dickwella c C Woakes b T Curran 36 20
Sadeera Samarawickrama c C Woakes b A Rashid 35 34
Kusal Mendis b A Rashid 0 1
Dinesh Chandimal c A Rashid b T Curran 34 42
Thisara Perera c J Roy b A Rsshid 0 1
Dananjaya de Silva c J Roy b T Curran 3 10
Dasun Shanaka b A Rashid 21 10
Akila Dananjaya (runout) J Bairstow 7 4
Lasith Malinga not out 2 2
Amila Aponso (runout) J Butler 0 2
Extras
12 (b 2, lb 7, w 3)
Total
150/9 (21 overs)
Fall of Wickets:
1-57 (N Dickwella, 5.3 ov), 2-59 (K Mendis, 6.2 ov), 3-94 (S Samarawickrama, 12.2 ov), 4-94 (T Perera, 12.3 ov), 5-110 (D de Silva, 16.1 ov), 6-138 (D Shanaka, 18.6 ov), 7-146 (A Dananjaya, 19.5 ov), 8-150 (D Chandimal, 20.4 ov), 9-150 (A Aponso, 20.6 ov)
Bowling O M R W E
Chris Woakes 4 0 37 0 9.25
Olly Stone 3 0 24 0 8.00
Tom Curran 4 0 17 3 4.25
Moeen Ali 1 0 6 0 6.00
Adil Rashid 5 0 36 4 7.20
Ben Stokes 4 0 21 0 5.25

England ‘s Innings

Batting R B
Jason Roy lbw by A Dananjaya 41 26
Jonny Bairstow c T Perera b A Aponso 4 2
Joe Root b A Aponso 8 10
Eoin Morgan not out 58 49
Ben Stokes not out 35 24
Extras
7 (lb 2, w 5)
Total
153/3 (18.3 overs)
Fall of Wickets:
1-18 (J Bairstow, 1.2 ov), 2-34 (J Root, 3.5 ov), 3-80 (J Roy, 8.6 ov)
Bowling O M R W E
Lasith Malinga 4 0 39 0 9.75
Amila Aponso 3.3 0 27 2 8.18
Akila Dananjaya 4 0 33 1 8.25
Dananjaya de Silva 4 0 23 0 5.75
Nuwan Pradeep 2 0 21 0 10.50
Thisara Perera 1 0 8 0 8.00