බංග්ලාදේශ තරගාවලිය සඳහා A කණ්ඩායම නම් කෙරේ

135
Sri Lanka A Team

එළඹෙන 23 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා A කණ්ඩායම අද (18) නම් කරනු ලැබුවා. එහි දී තරග දෙකකින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 19 දෙනෙකු ද, තරග තුනකින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් ද යුත් සංචිතයන් දෙකක් නම් කර ඇත. 

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර ද තරගාවලියක් පසුගිය දා පැවති අතර එහි දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කළ අතර සිව්දින ටෙස්ට් තරගාවලිය ජය පරාජයකින් තොරව අවසන් විය. 

පාකිස්තාන සංචාරයට ICCයෙන් කොක්කක්

ශ්‍රී ලංකාවේ පාකිස්තාන තරග සංචාරය සඳහා එක්වීමට නියමිත තරග නිලධාරීන් නම් කිරීමට පෙර එම…

බංග්ලාදේශ A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාල සටහන 

  • පළමු නිල නොවන ටෙස්ට් තරගය: සැප්තැම්බර් 23 සිට 26 – කටුනායක මේරියන්ස් 
  • දෙවන නිල නොවන ටෙස්ට් තරගය: සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 3 – ගාල්ල  
  • පළමු නිල නොවන එක්දින තරගය: ඔක්තෝබර් 7 – හම්බන්තොට 
  • දෙවන නිල නොවන එක්දින තරගය: ඔක්තෝබර් 9 – හම්බන්තොට 
  • තෙවැනි නිල නොවන එක්දින තරගය: ඔක්තෝබර් 12 – ආර්. ප්‍රේමදාස 

තරගාවලියේ නම් කළ සංචිත ද්විත්වයේම නායකත්වය අශාන් ප්‍රියන්ජන් හට හිමිව ඇත. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරමින් බංග්ලාදේශ තරග සංචාරය සඳහා එක්වූ පැතුම් නිශ්ශංක, අශේන් බංඩාර, කමිඳු මෙන්ඩිස්, රමේශ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු හා ශිරාන් ප්‍රනාන්දු මෙම සංචිත දෙකටම ඇතුලත්ව සිටී. 

WWE ශූරයාගෙන් ඩේවිඩ් වෝනර්ට සටනකට ආරාධනාවක්

1997 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙකු වාර්තාගත අයුරින් කැලැන්ඩර්…

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රියමාල් පෙරේරා, ජෙෆ්රි වැන්ඩර්සේ හා විශ්ව ප්‍රනාන්දු ද මෙම සංචිත දෙකට ඇතුලත්ව සිටී. 

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රබල දස්කම් දැක්වීමට සමත් වූ අසේල ගුණරත්න මෙම තරගාවලියේ එක්දින සංචිතය සඳහා නම් කර තිබීම විශේෂත්වයකි. අසේල ගුණරත්නගේ ක්‍රීඩා දිවිය 2017 වසරේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් යම් යම් බිඳවැටීම් වලට ලක්වූ අතර ඉන් අනතුරුව ඔහු අවස්ථාවන් කීපයක දී ම ශ්‍රී ලංකා ජාතික සංචිතය හා වෙනත් සංචිත කීපයකට ඇතුළත් වූ නමුත් ඔහුට පෙර දක්ෂතා අතරට පැමිණීමට හැකි වූයේ නැත. 

ටෙස්ට් තරගාවලිය සඳහා දඟපන්දු යවන්නන් සිව්දෙනෙකුගෙන් යුත් පන්දු බලඇණියක් නම් කර ඇති අතර එයට මලින්ද පුෂ්පකුමාර හා ප්‍රබාත් ජයසූරිය ද ඇතුලත්ව ඇත. 

ශ්‍රී ලංකා A කණ්ඩායම ප්‍රථම වතාවට නියෝජනය කිරීමේ අවස්ථාව එන්. සී. සී. කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ලහිරු උදාරට හිමිව තිබීම විශේෂත්වයකි. ඔහු ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම් නියෝජනය කරමින් දකුණු අප්‍රිකානු හා බංග්ලාදේශ තරග සංචාර සඳහා එක්විය. 

ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කල අවිශ්ක ගුණවර්ධනගේ ඉවත් වීමෙන් පසුව එම ධූරය සඳහා පත්වූ රෝයි ඩයස් මහතාගේ පළමු අභියෝගය ලෙස මෙම තරගාවලිය හැදින්විය හැක. 

පරාජයන් හමුවේ බංග්ලාදේශ සංචිතය වෙනස් කරයි

මේ දිනවල බංග්ලාදේශයේ දී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දී…

සිව්වැනි ටෙස්ට් තරග සංචිතය 

අශාන් ප්‍රියන්ජන්, පැතුම් නිස්සංක, සංගීත් කුරේ, ලහිරු උදාර (කඩුලු රකින ක්‍රීඩක), චරිත් අසලංක, ප්‍රියමාල් පෙරේරා, අශේන් බංඩාර, කමිඳු මෙන්ඩිස්, රමේශ් මෙන්ඩිස්, මනෝජ් සරත්චන්ද්‍ර (කඩුලු රකින ක්‍රීඩක), චාමික කරුණාරත්න, මලින්ද පුශ්පකුමාර, ජෙෆ්රි වැන්ඩර්සේ, නිශාන් පීරිස්, ප්‍රබාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ශිරාන් ප්‍රනාන්දු 

එක්දින තරග සංචිතය 

අශාන් ප්‍රියන්ජන්, පැතුම් නිස්සංක, ශම්මු අශාන්, සඳුන් වීරක්කොඩි (කඩුලු රකින ක්‍රීඩක), අසේල ගුණරත්න, ප්‍රියමාල් පෙරේරා, අශේන් බංඩාර, කමිඳු මෙන්ඩිස්, රමේශ් මෙන්ඩිස්, ලහිරු උදාර (කඩුලු රකින ක්‍රීඩක), චාමික කරුණාරත්න, ඉශාන් ජයරත්න, අමිල අපොන්සු, ජෙෆ්රි වැන්ඩර්සේ, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<