ඩී. එස්. හදවත් බිඳිමින් තෝමසුවන් පළඟ ශූරතාවය දිනයි

341

පළඟ ශූරතාවේ අපරාජිත වාර්තාව රැක ගනිමින් 2018 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට ඊයේ (8) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය. ඩී. එස්. සේනානායක විද්‍යාලය හා පැවති තරගයෙන් ලකුණු 24-19ක තියුණු ජයක් ලබා ගනිමින් අපරාජිතව පළඟ ශූරතා ලකුණු සටහනේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට ඔවුන්ට හැකි විය.

සත්කාරකයින් පරදා ආගන්තුකයින් දෙවැනි තැන දිනා ගනී

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවේ තවත් තරගයක් ඊයේ (8) මහනුවර ධර්මරාජ විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය…

තෙවින් ඊරියගම පන්දුවට පහර දීමත් සමඟ තරගය ආරම්භ වූ අතර ඩී. එස්. අර්ධයේ සෑහෙන දුර ගිය පන්දුව හඹා ගිය තෝමස් ක්‍රීඩකයෝ පන්දුව ලබාගෙන ඩී. එස්. ක්‍රීඩකයන්ට ආරම්භයේම සෑහෙන තරමේ පීඩනයක් යොමු කිරීමට සමත් විය.

’Rolling maul’ ආකාරයට පන්දුව ඉදිරියට රැගෙන ගිය තෝමස්වරු තරගයේ සිව්වැනි මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. ලශ්නාර ද සිල්වා එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර ෆර්ඩිනැන්ඩුගේ පා පහර පන්දුව ගෝල කණු අතරින් යැවීමට සමත්වුනේ නැත. (සාන්ත තෝමස් 05-00 ඩී. එස්)

ඩී. එස් සේනානායක ක්‍රීඩකයෝ පන්දුව තමන් සන්තකයේ තබා ගැනීමේ දුර්වලතා පෙන්නුම් කළ අතර දිගින් දිගටම ලබා දුන් දඬුවම් අවස්ථා මැනවින් ප්‍රයෝජනයට ගනිමින් සාන්ත තෝමස් නායක ක්‍රිස්ටියන් ඩි ලයිල් ඩී. එස්. ආරක්ෂක වළල්ල බිඳ දමමින් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ෆර්ඩිනැන්ඩු මෙවර නම් පන්දුව ගෝල කණු අතරින් යවමින් අමතර ලකුණු රැස් කිරීමට සමත් විය. (සාන්ත තෝමස් 12-00 ඩී. එස්)

තරගයේ පළමු භාගයේ සෑහෙන වෙලාවක් යනතුරු සාන්ත තෝමස් ක්‍රීඩකයින්ගේ ග්‍රහණයෙන් මිදීමට ඩී. එස්. ක්‍රීඩකයින්ට නොහැකිවුවත් ක්‍රීඩක හුවමාරුවකින් අනතුරුව කණ්ඩායමට ඇතුළු වූ මෆාස් බ්‍රන්තා සාන්ත තෝමස් ක්‍රීඩකයින් අතරින් රිංගා පළමු අර්ධය අවසානයට පෙර පළමු ඩී. එස්. උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඔහුම එහි ප්‍රවර්තනය ගෝල කණු අතරින් යැවීමට සමත් විය (සාන්ත තෝමස් 12-07 ඩී. එස්).

පළමු අර්ධ: සාන්ත තෝමස් විද්‍යාලය 12 – 05 ඩී. එස් සේනානායක විද්‍යාලය

පළමු අර්ධය අවසාන කළ පෙරළිකාර මානසිකත්වයෙන්ම දෙවන අර්ධය ද ආරම්භ කළ ඩී. එස්. ක්‍රීඩකයෝ දෙවන අර්ධය ආරම්භ කර මිනිත්තු පහකින් සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර සාරංග උඩවත්ත එම උත්සාහක දිනුමට හිමිකම් කීය. බ්‍රන්තා එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (සාන්ත තෝමස් 12-12 ඩී. එස්)

පසුගිය සතිවල මෙන් නොව මෙම තරගයේ දී ඩී. එස්. ක්‍රීඩකයෝ සිය පසුපෙළ ක්‍රීඩකයින්ට පන්දුව ලබා දෙමින් ඉදිරියට යන බව දක්නට ලැබුණි.

වසීම් සේනානායකයින්ව අඩපණ කරයි

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි පිටියේ පළිහ ශූරතාවය සඳහා පවත්වන තරගයක් අද (01) මහනුවර සාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල අතර කොළඹ…

සාන්ත තෝමස් ක්‍රීඩකයින් ද ප්‍රබල ඩී. එස්. ආක්‍රමණයට හොඳ පිළිතුරක් ලබා දුන් අතර ඩී. එස්. උත්සාහක දිනුමින් මිනිත්තු පහකට පසු සාන්ත තෝමස් ක්‍රීඩක සුකිත් පෙරේරාගේ පාදයෙන් ඉහළ ගිය පන්දුව පසුපස හඹාගොස් එය රැක ගත් සදාක් ඉෂාක් නැවත වරක් පන්දුව ගුවනට මුසු කර ඔහුම එම පන්දුව රැකගෙන සාන්ත තෝමස් විද්‍යාලයේ තෙවැනි උත්සාහක දිනුම වර්තා කර ගැනීමට සමත් විය. ෆර්ඩිනැන්ඩු එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (සාන්ත තෝමස් 19-12 ඩී. එස්)     

තරගයේ අවසාන මිනිත්තු කිහිපය ඉතා තියුණු වූ අතර ප්‍රබල ඩී. එස්. ඉදිරිපෙළ සාන්ත තෝමස් අර්ධයට තියුණු ආක්‍රමණයක් එල්ල කළ අතර තරගයේ අවසානයට මිනිත්තු තුනකට පෙර ලලන්ක විජේසුන්දර ඩී. එස්. ක්‍රීඩකයින් වෙනුවෙන් මීටර 22 සීමාවේ සිට සාන්ත තෝමස් ක්‍රීඩකයින් පහක් හෝ හයක් පෙරළමින් ධාවනයක යෙදී අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. බ්‍රන්තා අමතර ලකුණු ද එකතු කළේ ජය පරාජයෙන් තොරව අවසන් විය හැකි තරගයක් බවට මේ තරගය පත් කරමිනි. (සාන්ත තෝමස් 19-19 ඩී. එස්)

රිච්මන්ඩ් – ඇලෝසියස් රිදී ජුබිලිය කා හට ද?

දකුණු පළාතේ ප්‍රධාන පාසල් දෙකක් වන රිච්මන්ඩ් විද්‍යාලය හා ඇලෝසියස් විද්‍යාලය වාර්ෂිකව විවිධ ක්‍රීඩා ඉසව්වලින් තරගාවලි සංවිධානය කරන පාසල් ද්විත්වයකි.

මිනිත්තු දෙකක් හෝ තුනක් පමණක් ඉතිරිව තිබිය දී සියලු දෙනාම ජය පරාජයෙන් තොරව අවසන් වන තරගයක් බලාපොරොත්තු වූ නමුත් ඩී. එස්. බලාපොරොත්තු සුන් කරමින් සාන්ත තෝමස් ක්‍රීඩකයින් ඉතා ඉවසීමෙන් දියත් කළ ප්‍රබල ආක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙස තරගයේ අවසාන මිනිත්තුවේ දී හරිත් සේනානායකගේ සුරතින් ජයග්‍රාහී සාන්ත තෝමස් උත්සාහක දිනුම වාර්තා විය. ෆර්ඩිනැන්ඩු එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත්නොවුවත් ඉතා තියුණු තරගයක ජය සාන්ත තෝමස් ක්‍රීඩකයින් සතු විය. (සාන්ත තෝමස් 24-19 ඩී. එස්)

අවසාන ලකුණු තත්වය: සාන්ත තෝමස් විද්‍යාලය 24 (4T, 2C) – 19 (3T 2C) ඩී. එස්. සේනානායක විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: සකිත් පෙරේරා (සාන්ත තෝමස්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • සාන්ත තෝමස් විද්‍යාලය – ලශ්නාර ද සිල්වා (1T), ක්‍රිස්ටියන් ද ලයිල් (1T), සදාක් ඉෂාක් (1T), හරිත් සේනානායක(1T), එඩ්රියන් ෆර්ඩිනෑන්ඩු(2C)
  • ඩී. එස් සේනානායක විද්‍යාලය – මෆාස් බ්‍රන්තා (1T,2C), සාරංග උඩවත්ත(1T), ලලන්ක විජේසුන්දර (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<