එංගලන්ත ක්‍රීඩිකාවෝ වසර දෙකහමාරකට පසුව මෙරටට

164

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් මාර්තු මස 16 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

මහේල සහ චාමිකර වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා …..

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් සමඟින් තරග කිරීම වෙනුවෙන් මෙරටට පැමිණෙන සිව්වැනි අවස්ථාව මෙයයි. එංගලන්ත කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ 3 වැනි ස්ථානයේ පසුවෙද්දී ශ්‍රී ලංකාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි දෙවැනි ස්ථානයේ පසුවේ. එසේම එක්දින හා විස්සයි විස්ස අංශයන් දෙකේම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ 8 වැනි ස්ථානයේයි.

මේ  තරගාවලියේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම පැවරී ඇත්තේ ප්‍රහාරාත්මක පිතිකාරිනියක් හා තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු වෙතයි. පසුගිය දා නිමාවුණු දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සංචිතයේ වෙනස්කම් තුනක් සිදුව තිබේ.

දකුණු අප්‍රිකානු තරග  නියෝජනය කළ තරුණ ක්‍රීඩිකාවන් තිදෙනෙක් වන තාරිකා සෙව්වන්දි, ඉමල්කා මෙන්ඩිස් හා උමේෂා තමාශිනි මේ තරග සංචාරයේ දී ඉවත්කර ඒ වෙනුවට  අත්දැකීම් බහුල හංසිමා කරුණාරත්න, සුගන්ධිකා කුමාරි හා ඉනෝෂි ප්‍රනාන්දු මේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත.

“මම මුලින්ම එංගලන්ත කණ්ඩායම මෙරටට සාදරයෙන් පිළිගන්නවා. මේ තරගාවලිය ඉතාමත් වැදගත් තරගාවලියක් අපේ මේ කණ්ඩායම් දෙකටම, ඒ වගේම අපිට ඉතාමත් ගොඩක් වැදගත්. අපිට ඕන පහසුකම් ඔක්කොම වගේ ලැබෙනවා. තරගාවලියට හොඳින් මුහුණ එංගලන්ත කණ්ඩායමට හොඳ අභියෝගයක් දීලා තරගාවලිය සාර්ථකව නිමා කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසීය.

වර්ෂාවේ බාධා මැද කිවියන්ට දින තුනකින් ටෙස්ට් ජයක්!

නවසීලන්තයේ සංචාරයක යෙදී සිටින බංග්ලාදේශ …..

මේ තරගාවලියේ දී ඒ ඒ කණ්ඩායම් දක්වනු ලබන දස්කම් මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ශූරතා තරගාවලියට ප්‍රසාද ලකුණු එකතු වන නිසාවෙන් තරගාවලිය සුපිරි හා තීරණාත්මක ක්‍රිකට් තරගාවලියක් වනු ඇත.

“අපි ශ්‍රී ලංකාවට ආවේ අවුරුදු කිහිපයකට පසුවයි. දැන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතාමත් ශක්තිමත් කියලා මම හිතනවා. මොකද බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරපු ක්‍රීඩිකාවක් තමා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ. මම ඒ ගැන ආඩම්බර වෙනවා. අපි මේ තරග සංචාරයට එන්න කලින් ඉන්දියාවටත් ගියා, ඒ තරග සංචාරයත් ඉතාමත් සාර්ථක වුනා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ශූරතා තරගාවලියට ප්‍රසාද ලකුණු එකතු වෙන තරගාවලියක් නිසා මේ තරගාවලිය කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් තරගාවලියක් වෙනවාට කිසිම සැකයක් නෑ.” යැයි එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා හීතර් නයිට් පවසන ලදි.

ස්මිත්, වෝනර් කළ යුතු දෑ පොන්ටින් විසින් පහදයි

ඒකාබද්ධ වෙමින් සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්ගේ ආගමනය සිදුවීමට කාලය ….

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට සහභාගී වූයේ දකුණු අප්‍රිකානු තරග සංචාරයකට වන අතර එහි දී තරග වැදුණු එක්දින හා විස්සයි විස්ස තරග තුනම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදු විය. ඊට පෙර මැලේසියාවේ පැවති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වූ අතර එහි දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය, ඉන්දියාව හා පාකිස්තානු කණ්ඩායම් හමුවේ පරාජය වී දිනා ගත්තේ සමස්ත තරගාවලියේ සිව්වැනි ස්ථානයයි.

ඊට පෙර පාකිස්තානු කණ්ඩායම සමඟ මෙරට දී පැවති ක්‍රිකට් තරගාවලියේ දී එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙසත්, විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙසත් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කාන්තා කණ්ඩායමට සිදු විය.

>>Photos : Joint Media Briefing of Sri Lanka vs England Women’s Series 2019<< 

ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතය – චමරි අතපත්තු (නායිකාව), ප්‍රසාදනී වීරක්කොඩි, අනුෂ්කා සංජිවනී, හංසිමා කරුණාරත්න, හසිනි පෙරේරා, සුගන්ධිකා කුමාරි, හර්ෂිතා සමරවික්‍රම, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂි සිල්වා, ඉනෝෂි ප්‍රනාන්දු,  කවීෂා දිල්හාරි, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, ඔශාධි රණසිංහ.

එංගලන්ත එක්දින  හා විස්සයි විස්ස ක්‍රිකට් සංචිතය – හීතර් නයිට් (නායිකාව) , ටැමිම් බෙව්මෙන්ට්, කේට් ක්‍රොස්, ෆ්‍රෙයා ඩේවිස්, සොෆියා ඩන්ක්ලි,   සොෆියා එක්ල්ස්ටෝන්, ජෝර්ජියා එල්විස්, එමී ජෝන්ස් (කඩුලු රකින්නිය), ලවුරා මාෂ්, නැට් ස්කයිවර්, අන්‍යා ශ්‍රබ්සොල්, ලින්සි ස්මිත්, ෆ්රෑන් විල්සන්, ලවුරන් වින්ෆිල්ඩ්, ඩැනී වියැට්

සම්පූර්ණ තරග කාලසටහන

  • මාර්තු 13 – පුහුණු එක්දින ක්‍රිකට් තරගය – පී. සරා ඕවල්
  • මාර්තු 16 – පළමු එක්දින ක්‍රිකට් තරගය – හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය
  • මාර්තු 18 – දෙවන එක්දින ක්‍රිකට් තරගය  – හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය
  • මාර්තු 21 – තෙවැනි එක්දින ක්‍රිකට් තරගය  – කටුනායක නිදහස් කලාප පිටිය
  • මාර්තු 24 – පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය – පී. සරා ඕවල්
  • මාර්තු 26 – දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය – පී. සරා ඕවල්
  • මාර්තු 28 – තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය – පී. සරා ඕවල්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ශ්‍රී ලංකා කාන්ත තේරීම් කමිටු ප්‍රධානි රසාංජලි ද අල්විස්, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු හර්ෂ ද සිල්වා, එංගලන්ත කාන්තා කණ්ඩායමේ පුහුණුකරු මාර්ක් රොබින්සන්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු හා එංගලන්ත එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා හීතර් නයිට් මේ උත්සව අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

මේ තරගාවලියේ එසැණ තොරතුරු, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<