Home Sinhala සුපිරි පන්දුවාරයෙන් ලෝක කුසලානය මහ රැජිනගේ දේශයට

සුපිරි පන්දුවාරයෙන් ලෝක කුසලානය මහ රැජිනගේ දේශයට

495

ලන්ඩන් නුවර ‍ඵෙතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (14) නිමාවට පත් වූ 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී, නවසීලන්තය පරාජය කරමින් 2019 ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නට එංගලන්තය සමත් වූයේ ක්‍රිකට් උපන් දේශයට ප්‍රථම වතාවට ලෝක කුසලානයක පහස උරුම කර දෙමිනි. 

වසර 27කට පසුව එංගලන්තය ලෝක කුසලානයට සමීප වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව ..

තරගයේ තීරණය සුපිරි පන්දුවාරයකින් තීරණය වූයේ දෙපිළම සම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙනි. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයෝ අතිරේක ලකුණු 30ක් ද සමඟින් කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් එංගලන්ත ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ද ලකුණු 241කි.

එංගලන්තයට එරෙහි සුපිරි පන්දුවාරය යැවීම සඳහා නවසීලන්තය ට්‍රෙන්ට් බෝල්ට් කැඳවූ අතර පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ බෙන් ස්ටොක්ස් සහ ජොස් බට්ලර් ය. ඔවුන් දෙදෙනා එක්ව හතරේ පහර 2ක් ද සමඟින් ලකුණු 15ක් ලබා ගත්තේය. 

ඊට පිළිතුරු ලෙසින් ජේම්ස් නීෂම් සහ මාටින් ගප්ටිල් පිටියට පිවිසි අතර සුපිරි පන්දුවාරය යැවීමට බාර වූයේ  ජොෆ්රා ආචර්ටය. ඔහු විසින් යැවුණ පළමු පන්දුව සීමාව ඉක්මවා ගිය පන්දුවක් වූ අතර ඒ වෙනුවෙන් ලකුණක් සමඟින් තවත් පන්දුවක් නවසීලන්තය සතු විය. 

ජේම්ස් නීෂම් පන්දු 4ක දී හයේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා ගෙන දුවද්දී දැවී ගිය අතර ඊළඟ පන්දු දෙකට මුහුණ දීමට සිදු වූයේ මාටින් ගප්ටිල්ට ය. ඔහු තමන් මුහුණ දුන් පළමු පන්දුවට ලකුණක් ලබා ගත් අතර ඊළඟ පන්දුවේ දී ලකුණක් ලබා ගනිමින් දෙවැනි ලකුණ දිව ඒමේ දී දුවද්දී දැවී යෑමට ගොදුරු විය. 

සුපිරි පන්දුවාරයේ දී දෙපිලේම ලකුණු තත්ත්වයන් සම වූව ද එංගලන්තය වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කර තිබූ බැවින් තරගයේ ජයග්‍රහණය ඔවුන් සතු විය. 

ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයට පෙරදා වට වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වූයේ විනාඩි 15ක පමණ ප්‍රමාදයෙනි. නමුත් එය තරගයේ සම්පූර්ණ පන්දුවාර ප්‍රමාණය වෙනසක් කිරීමට බලපෑමක් වූයේ නැත.

නවසීලන්ත නායක කේන් විලියම්සන් සහ එංගලන්ත නායක ඔයින් මෝර්ගන් කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසියේ වසර 44ක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් වීමේ සිහිනය සැබෑ කර ගැනීම අරමුණු කර ගනිමිනි. ඔවුන් ඉදිරියේ තරග තීරක රංජන් මඩුගල්ලගේ සුරතින් ඉහළට විසි වුන කාසිය බිම පතිත වන විට එහි වාසිය දිනා ගැනීමට නවසීලන්ත නායකයා සමත් විය. ඔහුගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීම තම කණ්ඩායම සතු කර ගත යුතු බවයි. 

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ඒ අනුව පිටියට පිවිසියේ මාටින් ගප්ටිල් සහ හෙන්රි නිකෝල්ස් ය. වර්ෂාව හේතුවෙන් තෙත් ගතියෙන් යුක්ත වූ පිටියේ වාසිය ගැනීමට එංගලන්ත වේගපන්දු යවන්නෝ සමත් වූ බවක් තරග ආරම්භයේ දී දකින්නට තිබුණි. නවසීලන්තයේ පළමු කඩුල්ල ලකුණු 29ක් වෙද්දී දවා ගැනීමට ඔවුන් සමත් විය. ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ මාටින් ගප්ටිල් දැවී ගියේ ලකුණු 19කට ය. ඔහු පිටියෙන් ඉවත් වන විට හතරේ පහර 2ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේය. 

එම කඩුල්ල අතරවාරයේ වරක් හෙන්රි නිකොල්ස් කඩුල්ල මුවා කළේ යැයි කුමාර් ධර්මසේන විසින් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙසින් කළ තීරණය අභියෝගයට ලක් කරමින් එම අවස්ථාවේ වාසිය ලබා ගැනීමට නිකොල්ස් සමත් විය. ඒ වන විට ඔහු කිසිදු ලකුණක් ලබා සිටියේ නැත. නමුත් ලද අවසරයෙන් ඔහු පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේය. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරග දිවියේ 9 වැනි අර්ධ ශතකය විය.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් හෙන්රි නිකොල්ස්ට එක් වූ නායක කේන් විලියම්සන් නවසීලන්ත ඉනිම ගොඩ ගැනීම වෙනුවෙන් දැවැන්ත වෙහෙසක නිරත වූහ. ඔවුන්ට ඉනිමේ ලකුණු 100 වාර්තා කිරීමට පන්දු 128කට මුහුණ දීමට සිදු වූහ. අද තරගයේ දී මෙතෙක් මහේල ජයවර්ධන සතුව තිබූ නායකයෙක් ලෙසින් තරගාවලියක ලබා සිටි වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව තමන් සතු කර ගැනීමට කේන් විලියම්සන් සමත් වීම කැපී පෙණුනි. ඔහු පන්දු 53කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගැනීමත් සමඟින් මෙවර තරගාවලියේ දී ලකුණු 575ක් ලබා ගත්තේය. මහේල ජයවර්ධන 2007 වසරේ දී ලකුණු 548ක් ලබා ගනිමින් එම වාර්තාව එතෙක් සතු කර ගෙන සිටියේය. 

හෙන්රි සහ විලියම්සන් අතර දෙවැනි කඩුල්ලට ලකුණු සබඳතාව 74ක් විය. විලියම්සන්ගේ දැවී යෑමත් සමඟින් යැවුන 4 වැනි පන්දුවාරයේ දී හෙන්රි නිකොල්ස්ගේ ඉනිම අහවර කිරීමට ලියම් ප්ලන්කට් සමත් විය. 

ක්‍රිකට් උපන්බිමට මෙවරවත් අවසන් පිම්ම පැනගත හැකි වේද?

විවියන් රිචර්ඩ්ස් සහ කොලිස් කිං එංගලන්ත ලෝක ……….

නවසීලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසින් ඉවත් වූයේ රොස් ටේලර් ය. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් ලකුණු 15ක් ලබා සිටිය දී මාර්ක් වුඩ්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් එකී ව්‍යසනයට මුහුණ දුන්නේය. අනතුරුව ජේම්ස් නීෂම් (19) ද ඉනිමේ ලකුණු තත්ත්වය 173ක් වෙද්දී හැර ගියේය. 

නවසීලන්ත ඉනිමේ ලකුණු 200 වාර්තා වෙද්දී පන්දු 261ක් වැයව තිබූ අතර දැවී ගිය කඩුලු ප්‍රමාණය 5කි. 6 වැනි කඩුල්ල වෙනුවෙන් ටොම් ලේතම් සහ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් එක්ව ලකුණු 46ක සබඳතාවක් ගොඩ නැගූහ. කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 16ක් ලබා දැවී ගිය අතර ටොම් ලේතම් පන්දු 56කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තේය. 

ඔවුන්ගේ අවසන් කඩුලු ලෙසින් පිටියට පිවිසි මිචෙල් සැන්ට්නර් (නොදැවී 5), මැට් හෙන්රි (4) සහ ට්‍රෙන්ට් බෝල්ට් (නොදැවී 1) අඩු ලකුණුවලට සීමා විය. නවසීලන්ත ඉනිමේ ඉදිරි පන්දුවාර කිහිපයේ දී ලකුණු පුවරුව මන්දගාමීව ක්‍රියාත්මක වූව ද අවසන් පන්දුවාර 10 දී ඔවුන් කඩුලු 3ක් පමණක් ප්‍රදානය කරමින් ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනි. 

කඩුලු ලබා ගැනීමේ දී ක්‍රිස් වෝක්ස් සහ ලියම් ප්ලන්කට් කඩුලු 3 බැගින් දවා ගත් අතර ජොෆ්රා ආචර්, මාර්ක් වුඩ් කඩුල්ල බැගින් ලබා ගත්හ.  

පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ ජේසන් රෝයි සහ ජොනි බෙයාස්ටෝව් ය. අර්ධ අවසන් පූර්ව තරගයේ දී එංගලන්ත ඉනිමේ සුපිරි වීරයා වූ ජේසන් රෝයිට අද තරගයේ තම කණ්ඩායම වෙනුවෙන් වැදගත් යමක් කිරීමට හැකි වූයේ නැත. ඔහු ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ මැට් හෙන්රිගේ පන්දුවකට කඩුලු රැකි ක්‍රීඩක ටොම් ලේතම් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වෙද්දී ඔහු පන්දු 20කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලබා සිටියේ ලකුණු 17ක් පමණි. එංගලන්ත ඉනිම කියැවුණේ කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලෙසිනි.

නොසිතූ ලෙසින් මෙම කඩුලු බිඳ වැටීමත් සමඟින් එංගලන්ත ක්‍රීඩකයෝ සීරු මාරුවට ලකුණු රැස් කිරීමට ඉටා ගත්තා සේ කටයුතු කරන්නට වූහ. ඔවුන් පළමු පන්දු 15 දී රැස් කරගෙන සිටියේ ලකුණු 56ක් පමණි. ඒ අතරවාරයේ ඉනිමේ දෙවැනි කඩුල්ල ද ලකුණු 60ක් වෙද්දී දැවී ගියේය. එවර නවසීලන්තයට ගොදුරු වූයේ ජෝ රූට් (7) ය.

ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් එතෙක් සාර්ථක පිතිකරණයක නිරත වූ ජොනී බෙයාස්ටෝව් ලකුණු 36කට තම ඉනිම නිමා කර ගත්තේය. ඊට පසුව යැවුණ සිව්වැනි පන්දුවාරයේ දී නායක ඔයින් මෝර්ගන් ද විවේකාගාරය වෙත හරවා යැවීමට නවසීලන්තය සමත් විය. ඔහුට අද තරගයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 9ක් පමණි. 

අනතුරුව එංගලන්ත ඉනිමේ සාර්ථකම කඩුලු සබඳතාව ලකුණු පුවරුවට එක් කිරීමට බෙන් ස්ටොක්ස් සහ ජොස් බට්ලර් සමත් වූහ. ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 110ක් එක් කළහ. 

සාර්ථක කඩුලු සබඳතාවක් වූව ද එංගලන්ත ඉනිම වතුරේ යවමින් ජෝස් බට්ලර් පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 59ක් ලබා සිටිය දී දැවී ගියේය. එතැන දී සාර්ථක ඵල නෙලා ගත්තේ ලොකී ෆර්ගියුසන් ය. ඒ සමඟම ඉනිමට තවත් ලකුණු 7ක් එක්වෙද්දී ක්‍රිස් වෝක්ස් (2) දැවී යෑම ද එංගලන්ත ඉනිමේ බලාපොරොත්තු දුරස් කිරීමට හේතු විය. එවර ද සාර්ථක ඵල නෙළා ගත්තේ ෆර්ගියුෂන් ය. 

ඉනිමේ අවසන් පන්දු 12 දී ලකුණු 24ක අවශ්‍යතාවක් වෙද්දී පන්දු යැවීමෙන් ක්‍රියාත්මක වූ ජේම්ස් නීෂම් තමන්ගේ පන්දුවාරයේ දී ලියම් ප්ලන්කට් (10) සහ ජොෆ්රා ආචර් (0) දවා ගනිමින් තරගයේ වැඩි වාසි නවසීලන්තය සතු කර ගත්හ. 

ලහිරු – පැතුම් ශ්‍රී ලංකාවට ශූරතාව දිනා දෙයි!

සති දෙකක පමණ කාලයක් පුරාවට දකුණු අප්‍රිකාවේ දී ………….

අවසන් පන්දුවාරය ක්‍රියාත්මක වූයේ එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 15ක අවශ්‍යතාවක් සමඟිනි. එහෙත් ඒ වෙද්දී ඔවුන් සතු වූයේ කඩුලු 2ක් පමණි. පන්දු යැවීමට කැඳවූයේ ට්‍රෙන්ට් බෝල්ට් ය. පළමු පන්දු දෙක කිසිදු ලකුණක් නොදී යැවීමට ඔහු සමත් වූවද තෙවැනි පන්දුවේ දී බෙන් ස්ටොක්ස් හයේ පහරක් එල්ල කරමින් තරගය තමන් දෙස නැවත නම්මා ගත්තේය. 

සිව්වැනි පන්දුවේ දී බෙන් ස්ටොක් විසින් එල්ල කළ පහරක් හතරේ සීමා අසල දී අල්ලා ගත් මාටින් ගප්ටිල් නැවත පන්දුව කඩුලු රකින ක්‍රීඩකයා වෙත බාර දුන්න ද එය පන්දු රකින්නන් අභිබවා හතරේ සීමාව දක්වා යෑම නිසා පිතිකරුවන් ද දුවන ලද ලකුණු 2ක් ද සමඟින් එංගලන්තයට ලකුණු 6ක් හිමි විය. 

නමුත් ඊළඟ පන්දු දෙකේ දී ලකුණු 2ක් ලබා දෙමින් අදීල් රෂීඩ් (0) සහ මාර්ක් වුඩ් (0) දුවද්දී දවා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. පන්දුවාර 50 අවසානයේ ප්‍රතිඵලය වූයේ කණ්ඩායම් දෙකේම ලකුණු තත්ත්වයන් සම වීමෙනි. 

එංගලන්ත ඉනිම ගොඩ ගැනීමේ දී බෙන් ස්ටොක්ස් පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 84ක් ලබා සිටියේය. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරග දිවියේ 20 වැනි අර්ධ ශතකයයි. කඩුලු ලබා ගැනීමේ දී ලොකී ෆර්ගියුසන් සහ ජේම්ස් නීෂම් කඩුලු 3 බැගින් ලබා ගත්හ. 

තරගයේ වීරයා ලෙසින් එංගලන්තයේ බෙන් ස්ටොක්ස් සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා ලෙසින් නවසීලන්ත නායක කේන් විලියම්සන් සම්මාන දිනා ගත්තේය. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<

Result


England
241/10 (50)

New Zealand
241/8 (50)

Batsmen R B 4s 6s SR
Martin Guptill lbw b Chris Woakes 19 18 2 1 105.56
Henry Nicholls b Liam Plunkett 55 77 4 0 71.43
Kane Williamson c Jos Buttler b Liam Plunkett 30 53 2 0 56.60
Ross Taylor lbw b Mark Wood 15 31 0 0 48.39
Tom Latham c JM Vince b Chris Woakes 47 56 2 1 83.93
Jimmy Neesham c Joe Root b Liam Plunkett 19 25 3 0 76.00
Colin de Grandhomme c JM Vince b Chris Woakes 16 28 0 0 57.14
Mitchell Santner not out 5 9 0 0 55.56
Matt Henry b Jofra Archer 4 2 1 0 200.00
Trent Boult not out 1 2 0 0 50.00


Extras 30 (b 0 , lb 12 , nb 1, w 17, pen 0)
Total 241/8 (50 Overs, RR: 4.82)
Did not bat Lockie Ferguson,

Fall of Wickets 1-29 (6.2) Martin Guptill, 2-103 (22.4) Kane Williamson, 3-118 (26.5) Henry Nicholls, 4-141 (33.1) Ross Taylor, 5-173 (38.6) Jimmy Neesham, 6-219 (46.5) Colin de Grandhomme, 7-232 (48.3) Tom Latham, 8-240 (49.3) Matt Henry,

Bowling O M R W Econ
Chris Woakes 9 0 37 3 4.11
Jofra Archer 10 0 42 1 4.20
Liam Plunkett 10 0 42 3 4.20
Mark Wood 10 1 49 1 4.90
Adil Rashid 8 0 39 0 4.88
Ben Stokes 3 0 20 0 6.67


Batsmen R B 4s 6s SR
Jason Roy c Tom Latham b Matt Henry 17 20 3 0 85.00
Jonny Bairstow b Lockie Ferguson 36 55 7 0 65.45
Joe Root c Tom Latham b Colin de Grandhomme 7 30 0 0 23.33
Eoin Morgan c Lockie Ferguson b Jimmy Neesham 9 22 0 0 40.91
Ben Stokes not out 84 98 5 2 85.71
Jos Buttler c Tim Southee b Lockie Ferguson 59 60 4 0 98.33
Chris Woakes c Tom Latham b Lockie Ferguson 2 4 0 0 50.00
Liam Plunkett c Trent Boult b Jimmy Neesham 10 10 1 0 100.00
Jofra Archer b Jimmy Neesham 0 1 0 0 0.00
Adil Rashid run out (Mitchell Santner) 0 0 0 0 0.00
Mark Wood run out (Trent Boult) 0 0 0 0 0.00


Extras 17 (b 2 , lb 3 , nb 0, w 12, pen 0)
Total 241/10 (50 Overs, RR: 4.82)
Fall of Wickets 1-28 (5.4) Jason Roy, 2-59 (16.3) Joe Root, 3-71 (19.3) Jonny Bairstow, 4-86 (23.1) Eoin Morgan, 5-196 (44.5) Jos Buttler, 6-203 (46.1) Chris Woakes, 7-220 (48.3) Liam Plunkett, 8-227 (48.6) Jofra Archer, 9-240 (49.5) Adil Rashid, 10-240 (49.6) Mark Wood,

Bowling O M R W Econ
Trent Boult 10 0 67 0 6.70
Matt Henry 10 2 40 1 4.00
Colin de Grandhomme 10 2 25 1 2.50
Lockie Ferguson 10 0 50 3 5.00
Jimmy Neesham 7 0 43 3 6.14
Mitchell Santner 3 0 11 0 3.67