Home Sinhala ඉන්දියාව පරාජය වෙමින් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන දොර වසා දමයි

ඉන්දියාව පරාජය වෙමින් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන දොර වසා දමයි

3052

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (30) බර්මින්ග්හැම් හිදී නිමා වූ එංගලන්තය සහ ඉන්දියාව අතර තරගයේ දී ලකුණු 31ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්තය සමත් විය.  

මෙම තරග පරාජයත් සමඟ මෙතෙක් තරගාවලියේ අපරාජිතව සිටි ඉන්දිය කණ්ඩායමට එම කිරුළ අහිමි වෙද්දී, ලැබූ තරග ජයග්‍රහණයත් සමඟින් එතෙක් ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානයේ සිටි එංගලන්තය, පාකිස්තානය පහතට ඇද දමා සිව්වැනි ස්ථානය හිමිකර ගත්තේය. නමුත් මෙම කණ්ඩායම් දෙකටම තවත් තරගය බැගින් ඉතිරිව ඇති බැවින් තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට පිවිසීමේ වරම් කණ්ඩායම් දෙකටම තවමත් විවෘතව පවතී. 

තරගාවලියේ 38 වැනි තරගය වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක එංගලන්ත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 337ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩකයෝ ලබා ගත්තේ කඩුලු 5ක් දැවී ලකුණු 306ක් පමණි. 

මෙවර ලෝක කුසලානයේ පළමු කඩුල්ලේ හොඳම සබඳතාව එක් කරමින් එංගලන්ත ක්‍රීඩකයෝ ආරම්භ කළ ඉනිමේ ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ඇතුලත් විය. ජේසන් රෝයි සහ ජොනි බෙයාර්ස්ටෝව් වාර්තාගත පළමු කඩුල්ලේ හිමිකාරයෝ වූහ. ඔවුන් දෙදෙනා පන්දු 133ක දී ලකුණු 160ක් ලබා ගත්හ. ඒ අතුරින් පළමුවෙන් කඩුල්ල අහිමි කර ගත්තේ ජේසන් රෝයි ය. ඔහු පන්දු 57කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තේය.

ස්ටාක් නවසීලන්ත පිතිකරුවන් අසරණ කරයි!

2019 ලෝක කුසලාන ක්‍රිකට් ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර තරගය අද (29) ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී නිමා…..

එංගලන්ත දෙවැනි කඩුල්ල බිඳ වැටෙන්නේ ලකුණු 205ක් වෙද්දීය. 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 20 වැනි ශතකය වාර්තා කළ ජොනි බෙයාර්ස්ටෝව් තම කඩුල්ල අහිමි කර ගනිද්දී පන්දු 109කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 111ක් ලබා සිටියේය. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 8 වැන ශතකයයි. තරගයේ වීරයා ලෙසින් සම්මාන හිමිකර ගත්තේ ද ජොනී ය. 

ඉන්දීය පන්දු යවන්නන් ලැබූ මද හෝ සැනසුමක් වී නම්, ඒ නායක ඔයින් මෝර්ගන් එක් ලකුණකට සීමා කිරීමයි. නමුත් සිව්වැනි කඩුල්ලේ දී ජෝ රූට් සහ බෙන් ස්ටොක්ස් එක්ව ලකුණු 70ක සබඳතාවක් ගොඩ නගමින් නැවත එංගලන්ත ඉනිම සක්‍රීය කළහ. 

ජෝ රූට් පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත් අතර බෙන් ස්ටොක්ස් පන්දු 54ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තේය. 

එංගලන්තය මෙම ඉනිමේ 279 වැනි පන්දුවේ දී ලකුණු 300 වාර්තා කළේ එකී දක්ෂතාව කළ 5 වැනි අවස්ථාව ලෙසිනි. දැවැන්ත ඉනිමක් අවසන් වෙද්දී පන්දු යැවීමේ දී කැපී පෙනුණේ දකුණතින් වේගපන්දු යැවූ මොහොමඩ් ෂමි ය. ඔහු ලකුණු 69කට කඩුලු 5ක් දවා ගත්තේය. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරග පිටියේ හොඳම පන්දු යැවීම ලෙසින් ද වාර්තා පොත් අතරට එක් විය. එතෙක් එම වාර්තාව ලියැවූ තිබුණේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 16කට දවා ගත් කඩුලු 4යි. 

ඉන්දීය පිළිතුරු ඉනිමේ ආරම්භය ද එංගලන්ත ඉනිමේ ආරම්භය සේ ම විය. ඔවුන්ගේ පළමු කඩුල්ලේ ආයු කාලය රැඳී පැවතියේ පන්දු 15ක් පමණි. නමුත් දෙවැනි කඩුල්ලට ලකුණු 138ක් රැස් කිරීමට රෝහිත් ශර්මා සහ නායක විරාත් කෝලි සමත් විය. කෝලි පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 66ක් රැස් කළේය. 

රෝහිත් ශර්මා සහ රිෂාබ් පන්ට් තෙවැනි කඩුල්ලට ලකුණු 52ක් එක් කළ අතර එවර කඩුල්ල අහිමි කර ගත්තේ රෝහිත් ශර්මා ය. ඔහු පන්දු 109කට මුහුණ දී හතරේ පහර 15ක් සමඟින් ලකුණු 102ක් රැස් කළේය. රෝහිත් අද රැස් කළේ මෙවර ලෝක කුසලානයේ තෙවැනි ශතකය, මෙන්ම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 25 වැනි ශතකයයි. රිෂාබ් පන්ට් ලකුණු 32ක් ලබා ගත්තේය. ඔහු  ඒ වෙනුවෙන් පන්දු 29කට මුහුණ දුන් අතර ඒ අතර හතරේ පහර 4ක් ද තිබුණි.

ශ්‍රී ලංකාව ජය ගත යුතුම කොදෙව් තරගයට පෙර

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 7කට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 2ක් ජයගෙන තරග 3ක් පරාජය….

ඉන්දියාවට අවසන් පන්දුවාර 10 දී ජයග්‍රහණය සඳහා ලකුණු 131ක් අවශ්‍ය වූ අතර ඒ වෙද්දී පිටියේ සිටියේ හර්දික් පාන්ඩ්‍යා සහ මහේන්ද්‍ර සිං දෝනි ය. ඔවුන් දෙදෙනා එංගලන්ත පන්දු යවන්නන්ගේ නළලත රැළි වැටෙන ඉනිමක් ක්‍රීඩා කරතැයි සිතුව ද ලකුණු පුවරුව 267ක් බවට පත්වෙද්දී පාන්ඩ්‍යා පන්දු 33කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටිය දී දැවී ගියේය.

අනතුරුව හිටපු නායකයාගේ කර මත වැඩි බර පැටවුණ අතර ඔහු ඉනිම අවසන් වෙන විට පන්දු 31කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබා සිටියේය. ඔහුත් සමඟ අනෙක් අන්තයේ සිටි කේදර් ජාධව් නොදැවී ලකුණු 12ක් ලබා සිටියේය. ඉන්දීය ක්‍රීඩකයෝ අවසන් පන්දුවාර 10 දී පන්දුවාරයකට ලකුණු 10ක සාමාන්‍යයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනි. 

පන්දු යැවීමේ දී ලියම් ප්ලම්කට් ලකුණු 55කට කඩුලු 3ක් දවා ගත් අතර ක්‍රිස් වෝක්ස් කඩුලු 2ක් දවා ගත්තේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


England
337/7 (50)

India
306/5 (50)

Batsmen R B 4s 6s SR
Jason Roy c & b 66 57 7 2 115.79
Jonny Bairstow c & b 111 109 10 6 101.83
Joe Root c & b 44 54 2 0 81.48
Eoin Morgan c & b 1 9 0 0 11.11
Ben Stokes c & b 79 54 6 3 146.30
Jos Buttler c & b 20 8 1 2 250.00
Chris Woakes c & b 7 5 1 0 140.00
Liam Plunkett not out 1 4 0 0 25.00
Jofra Archer not out 0 0 0 0 0.00


Extras 8 (b 2 , lb 2 , nb 0, w 4, pen 0)
Total 337/7 (50 Overs, RR: 6.74)
Bowling O M R W Econ
Mohammed Shami 10 1 69 5 6.90
Jasprit Bumrah 10 1 44 1 4.40
Yuzvendra Chahal 10 0 88 0 8.80
Hardik Pandya 10 0 60 0 6.00
Kuldeep Yadav 10 0 72 1 7.20


Batsmen R B 4s 6s SR
Lokesh Rahul c & b 0 9 0 0 0.00
Rohit Sharma c & b 102 109 15 0 93.58
Virat Kohli c & b 66 76 7 0 86.84
Hardik Pandya c & b 45 33 4 0 136.36
MS Dhoni c & b 42 31 4 1 135.48
Kedar Jadhav not out 12 13 1 0 92.31
Rishabh Pant not out 32 29 4 0 110.34


Extras 7 (b 0 , lb 1 , nb 0, w 6, pen 0)
Total 306/5 (50 Overs, RR: 6.12)
Bowling O M R W Econ
Chris Woakes 10 3 58 2 5.80
Jofra Archer 10 0 45 0 4.50
Liam Plunkett 10 0 55 3 5.50
Mark Wood 10 0 73 0 7.30
Adil Rashid 6 0 40 0 6.67
Ben Stokes 4 0 34 0 8.50