DRL නවවැනි සතිය – හිටපු මහනුවර නායකයා නුවර බලකොටුව බිඳ දමයි ද?

158

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නවවැනි සතියේ තරග හෙට (30) සිට ඉරිදා (01) දක්වා පැවැත්වීමට නියමිතයි.

පොලිසියට තවත් ෆීජී සහයක්

ආබාධයකට ලක්ව සිටින ඉමොසි වුනිවෝසා වෙනුවට තවත් ෆීජී ක්‍රීඩකයෙකු වන Eroni Vucargo පොලිස් ක්‍රීඩා……………

හයවැනි සතියේ මැතීස් කුසලානය වෙනුවෙන් පැවති ගුරු-ගෝල සටනින් හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 30-22ක් වශයෙන් CR&FC කණ්ඩායම පරාජය කිරීමෙන් අනතුරුව නවවැනි සතියේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය නැවතත් මැතීස් කුසලානය වෙනුවෙන් ලොන්ග්ඩන් පෙදෙසට යාමට සූදානමින් සිටියි.

අටවැනි සතියේ දී නාවික හමුදාවට එරෙහිව ලකුණු 23-19ක් වශයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට සමත් වූ CR&FC කණ්ඩායම, පළමු වටයේ තමාට හිමි වූ ඒ අවාසනාවන්ත අත්දැකීමෙන් මිදී නැවතත් තම සුපුරුදු දස්කම්වලට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවේ. 

එසේම එළඹෙන ඉරිදා නැවතත් මහනුවරට රග්බි වසන්තය උදාවන දිනයක් යැයි නම් කළ හැක. ඒ සති හතරකට පසු නැවතත් නිත්තවෙල දී රග්බි තරගයක් ක්‍රීඩා කරන්නට මහනුවරට අවස්ථාව හිමි වන නිසාවෙනි. 

මහනුවර ක්‍රීඩා සමාජයේ හිටපු නායක ගයාන් වීරරත්න ඉරිදා මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව නිත්තවෙල දී CH&FC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.

පළමු වටයේ CH&FC සහ මහනුවර ගැටුමෙන් CH&FC කණ්ඩායමට ලකුණු 13-31ක පරාජයක් අත්වුවද එළඹෙන සති අන්තයේ දී එය වෙනස් වීමට විශාල අවස්ථාවක් ඇත. 

ඒ ආකාරයෙන්ම ඉරිදා දින පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය ද පොලිස් ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි. පොලිසිය සතුව තිබූ “ෆීජි සහය” ඉමොසි වුනිවොසාට ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වූ අතර ඔහුට ආදේශකයක් වශයෙන් තවත් ෆීජි ජාතික ක්‍රීඩකයෙකු වන එරෝණි වුකාගෝ පසුගිය සතියේ දී පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේය. ඔහු ද නාවික හමුදාවට විශාල අභියෝගයක් වනු ඇත. 

නාවික හමුදාව ද CR&FC කණ්ඩායමට එරෙහිව පසුගිය සතියේ දී පරාජය වුවත් ඔවුන්ගේ පරාජයට හේතුව වූයේ ජනිඳු ඩිල්ශාන්ගේ අවසන් උත්සාහක දිනුමයි. එවැනි තත්වයකින් පරාජය වූ කණ්ඩායමක් ලෙහෙසි පහසු කොට තැකිය නොහැක.

යුද ජය සිහින බිඳ දැමීමට හැව්ලොක් තුරඟුන් සමත් වෙයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමුවැනි සතියේ තවත් තරගයක්………………

අවසන් මිනිත්තු දෙක තුළ දී උත්සාහක දිනුම් දෙකක් සහ ප්‍රවර්තන දෙකක් සාර්ථක කර ගනිමින් අහලකවත් නොතිබූ ජයක් තමන් සතුකර ගැනීමට තරම් නාවිකයින් අධිෂ්ඨානශීලී වීම සුවිශේෂ කරුණකි.

තරග ගැන කවුරු අනාවැකි කිව්වත්, අවසන් මොහොත වන තෙක් ජයග්‍රහණය දිනා ගන්නේ කවුරුන් දැයි ප්‍රකාශ කළ නොහැකි. බලමු අපරාජිතයින් පරාජය වේවි ද, නැත්නම් නවකයින්ට හොඳ පාඩම් හම්බ වෙයි ද කියලා! 

තරගාවලියේ සජීව විකාශ හා සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න රග්බි පිටුවට <<