ශ්‍රී ලංකාවේ තෙවැනි බොක්සිං පදක්කම දිනිඳු අතින් ගිලිහෙයි

749
Dinindu Saparamadu

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාකාරීව සිටින සාර්ථකම බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන කි.ග්‍රෑම් 64 බරපන්තියේ දිනිඳු සපරමාදු, 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා අද (10) සහභාගී විය. අර්ධ අවසන් පූර්ව තරගයේ දී නැමීබියාවේ ජේ. ජොනාස් වැනි ප්‍රබල ක්‍රීඩකයෙකු හමුවේ ඔහුට තරග වැදීමට සිදු විය.

තිවංක රණසිංහටත් පදක්කමක්

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම දිගින් දිගටම..

ජොනාස් 2014 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ රිදී පදක්කම් ලාභියා ය. ඔහු මින් පෙර තරගයේ දී සැම්බියානු ක්‍රීඩකයෙකු බිමහෙළා ජයගෙන තිබුණි.

තරගය තුළ දී ජොනාස් විසින් නොයෙක් බොක්සිං තාක්ෂණික ඉසව් ප්‍රදර්ශනය කළ අතර ශ්‍රී ලංකාවේ එවැන්නන් අතර ඉදිරියෙන්ම සිටින දිනිඳු එහි දී යම් අපහසුතාවයකට පත්වූ බව පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා බොක්සිං පදක්කම් බලාපොරොත්තුවල අවසානය මෙය නොවේ.

හෙට (11) උදෑසන 7.30ට ශ්‍රී ලංකාවේ බොක්සිං රැජිණ, අනූෂා කොඩිතුවක්කු සහ ලෝක ශූර ඉන්දියානු ක්‍රීඩිකා මේරි කොම් අතර දෛවෝපගත සටන ඇරඹේ. එහි දී ජය ගතහොත් දැනට ලෝකඩ පදක්කම හිමිකරගෙන සිටින අනූෂා හට එය රන් හෝ රිදී පදක්කමක් කර ගත හැකිය. ශ්‍රී ලංකාවේ කි.ග්‍රෑම් 52 ශූරයා, ඉෂාන් බණ්ඩාර සහ ලෙසෝතෝ හි තාබෝ මොලේෆ් අතර තරගය මෙරට වේලාවෙන් 9.15ට පමණ ඇරඹීමට නියමිතයි.

ලෝක ශූරියට තනි කකුලෙන් අඬගසන ශ්‍රී ලංකා කෙල්ල

ඇය පන්නල ස්ලිම්ලයින් ආයතනයේ මානව සම්පත් විධායකවරියකි. වසර 15කට අධික කාලයක්…

කි.ග්‍රෑම් 49 බරපන්තියේ ශ්‍රී ලංකා ක්‍රීඩක තිවංක රණසිංහ, එළඹෙන 13 වැනිදා පෙරවරු 8.30ට එංගලන්තයේ ගලාල් යෆායිට එරෙහිව සටන් වදින්නේ ද තම ලෝකඩ පදක්කම, රන් හෝ රිදී පදක්කමක් කරා ගෙන යන අරමුණිනි.

දැනට පදක්කම් බොක්සිං පදක්කම් දෙකක් දිනා සිටින (අනූෂා සහ තිවංක) ශ්‍රී ලංකාවට මීළඟ පදක්කම ගෙන එන්නේ කවුද?

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<