චන්දිමාල්ට පළමු ටෙස්ට් තරගය අහිමි වේ

2054
Dinesh Chandimal

ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ දිනේෂ් චන්දිමාල් හට නිව්මෝනියාව වැළඳී රෝහල්ගත කිරීම හේතුවෙන් ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ඔහුට අහිමි වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධූරය චමින්ද වාස්ට

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ ඉදිරියේ දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්…

ඊයේ තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවට ද අසනීප තත්වය හේතුවෙන් චන්දිමාල් සහභාගී නොවූ අතර ඔහු වෙනුවට ඒ සඳහා පැමිණ සිටියේ උපුල් තරංගයි.

කෙසේ නමුත් වාර්තා වන පරිදි මෙම තරගයට නායකත්වය ලබා දීම සඳහා රංගන හේරත් පත්කරගෙන ඇත.

චන්දිමාල් සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගයේ දී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. ඔහුව නායකත්වයට පත්කරනු ලැබුවේ ඊට පෙර නායකත්වය දැරූ ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟය.

ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය පළමු ටෙස්ට් තරගයත් සමඟ ගාල්ලේ දී ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරගය කොළඹ දීත්, තෙවන තරගය පල්ලෙකැලේ දීත් පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව දෙරට අතර එක්දින තරග 5 ක් සහ එක් පන්දුවාර 20 තරගයක් ද පැවැත්වෙනු ඇත.  

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<