දික්වැල්ලට නායකත්වයක්!

784

මේ මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට පෙර පැවැත්වෙන පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ මෙහෙයවීමේ වගකීම කඩුලු රකින පිතිකරුවෙක් වන නිරෝෂන් දික්වැල්ල වෙත ලබා දී තිබේ. 

බංග්ලාදේශ තරගාවලියට යන ශ්‍රී ලංකා මූලික සංචිතය

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සහභාගී වන පළමු…

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟින් පැවැත්වෙන එම එක්දින පුහුණු ක්‍රිකට් තරගය මේ මස 23 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වේ. 

එසේම එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන් තෝරාගෙන තිබෙන මූලික සංචිතය සඳහා ද තේරී තිබෙන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් හා එම සංචිතයේ නොමැති නමුත්, නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායම සමඟ සිටි ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු වැනි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් හට ද මේ සභාපතිවරයාගේ කණ්ඩායමේ ඉඩකඩ වෙන්වී තිබීම කැපී පෙනේ. 

තවද පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ තුන්කොන් ශූරතාවය ශ්‍රී ලංකාවට දිනා දීම වෙනුවෙන් සිය තුන් ඉරියව් දක්ෂතා ප්‍රදර්ශනය කළ රමේෂ් මෙන්ඩිස් ද මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ සංචිතයට ඇතුළත් කර ඇත. 

ඊට අමතරව ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය තරගාවලියේ දී දස්කම් දැක්වූ භානුක රාජපක්ෂ, විශ්ව ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයින් ද බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පුහුණු ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබේ. 

ලෝක කුසලානයට නොගිය චන්දිමාල්ට කැනඩාවෙන් ඇරයුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දිනේශ් චන්දිමාල් කැනඩාවේ පැවැත්වීමට නියමිත…

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ සංචිතය – නිරෝෂන් දික්වැල්ල (නායක), ධනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, ශෙහාන් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, දසුන් ශානක, ලහිරු මදුසංක, වනිඳු හසරංග ද සිල්වා, අකිල දනංජය, අමිල අපෝන්සු, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත. 

තරග කාලසටහන

  • ජූලි 23 – පුහුණු එක්දින ක්‍රිකට් තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී
  • ජූලි 26 – පළමු එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 28 – දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 31 – තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<