DRL දෙවැනි සතිය: මහනුවරට යන නාවිකයින්ට මොකක් වෙයි ද?

93

ඩයලොග් රග්බි ලීගයේ දෙවැනි සතියේ තරග, එළඹෙන සිකුරාදා (06) සිට සෙනසුරාදා (07) දක්වා පැවැත්වීමට නියමිතයි. ප්‍රථම සතියේ දී නාවිකයන් හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව ලද පරාජයෙන් අනතුරුව, පසුගිය වසරේ ශූරයන් වන මහනුවර ක්‍රීඩකයන් මෙවර නාවිකයන් සමඟ කරට කර සටනකට පැමිණීමට සූදානමින් සිටියි.

අන්තර් සමාජ තරගවාරයෙන් ඔබ්බට

2019/20 අන්තර් සමාජ තරගවාරයේ ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත උපායශීලි පුහුණුකරුවන් ගැන…

හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිස් ක්‍රීඩා සමාජය

  • දිනය: 2019-12-06.
  • ස්ථානය: හැව්ලොක් ක්‍රීඩා පිටිය
  • වෙලාව: සවස 4.00

පසුගිය තරග වාරයට සාපේක්ෂව හැව්ලොක් ක්‍රීඩා සමාජයත්, පොලිස් ක්‍රීඩා සමාජයත් මෙවර ක්‍රීඩා කරන්නේ වෙනස්ම ක්‍රීඩා රටාවකටයි. හැව්ලොක් වෙනුවෙන් පළමු තරගයේ දී අස්මීර් ෆාජුදීන් දැක්වූ දස්කම් කැපී පෙනිණි. 

සිය ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමේ වාසියත් සමඟින් ක්‍රීඩා කිරීමට සැරසෙන හැව්ලොක් ක්‍රීඩා සමාජය සතුව සිටි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් මෙවර වෙනත් කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කරන හෙයින් ඔවුන්ට මේ සතියේ තරගය අභියෝගවලින් පිරුණු තරගයක් වනු ඇත.

පොලිස් ක්‍රීඩා සමාජයට ඇත්තේ හැව්ලොක් අභියෝග නැවතත් ඔවුන්ටම හරවා යැවීමට වග බලා ගැනීමයි. එසේම ඉමොසි වුණිවොසාට තම දස්කම් දැක්වීමට මෙම තරගය කදිම අවස්ථාවක් වනු ඇත. 

ක්‍රීඩකයන්ගේ මානසික ශක්තිය මැන බැලීමට මෙම තරගය වඩාත් උචිත වනු ඇති අතර ඔවුන්ගේ නව පුහුණුකරු අසංක රුද්‍රිගුට මෙම තරගයෙන් ලැබෙන ආභාෂය තරගාවලිය පුරාවටම විශාල පන්නරයක් වනු ඇත.

කිරුළ සොයා යන්නට “හැවීස්” සූදානම්!

කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන රග්බි ක්‍රීඩා සමාජ රැසක් තිබුනත් ඒ අතුරින් මෙරට රග්බි පිටියේ…


CR&FC කණ්ඩායමට එරෙහිව CH&FC කණ්ඩායම

  • දිනය: 2019-12-07.
  • ස්ථානය: ලොන්ඩන් පෙදෙස ක්‍රීඩාංගණය.
  • වෙලාව: සවස 4.00

තරගාවලියේ පළමු තරගයම යුධ හමුදාවට එරෙහිව ජය පැරදුමකින් තොරව අවසන් කළ CH කණ්ඩායමට මීළඟට ඇත්තේ ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදීන් හමුවීමටයි. 

පොලිස් කණ්ඩායමට එරෙහිව පළමු සතියේ දී සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්වූ CR, ශක්තිමත් මානසික මට්ටමකින් මෙම තරගයට අවතීර්ණ වනු ඇත. විශේෂයෙන් CH සතු “කළු අශ්වයා” හෙවත් ගයාන් වීරරත්න කණ්ඩායම නව මගකට යොමු කරනු ඇති අතර CR සතුව සිටින ඔමල්ක ගුණරත්න මෙම තරගයේ දී අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයෙකි.


යුධ හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

  • දිනය: 2019-12-07.
  • ස්ථානය: වැලිසර
  • වෙලාව: සවස 4.00

පළමු තරගයේ දී CH කණ්ඩායමට එරෙහිව පැවති තරගය 08-08ක් ලෙස සම කළ යුධ සෙබළුන් ජයග්‍රහණ පිපාසයකින් යුතුව මෙම තරගයට අවතීර්ණ වනු ඇත. 

කෙසේ නමුත් තමන්ගේ පළමු තරගය මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව පරාජය වූ ගුවන් හමුදා භටයින් මෙවර කෙසේ හෝ යුධ හමුදාව පරාජය කිරීමට සූදානමින් සිටියි. ආරක්ෂක ක්‍රීඩාවේ දස්කම් පා ඇති යුධ හමුදා ක්‍රීඩකයන්ට එහි දී විශාල අභියෝගයක් එල්ල වීමට ඉඩ කඩක් ඇත.

යුධ හමුදාවේ අශාන් බණ්ඩාර පසුගිය තරගයේ දී සුවිශේෂී දස්කම් දක්වන්නට සමත් විය. යුධ – ගුවන් සටන තවත් බැරෑරුම් කරමින් යුධ හමුදාවේ පරාක්‍රම රත්නායක සහ ගයන්ත ඉද්දමල්ගොඩ නැවතත් කරළියට පැමිණීමට විශාල ඉඩකඩක් ඇත. පසුගිය තරගයේ ඔවුන් දෙදෙනාම ලකුණු රැස්කිරීමට සමත් වුවත් වැඩි දස්කම් දැක්වීමට ඔවුන්ගේ ප්‍රතිවාදීන් ඉඩ ලබා දුන්නේ නැත.


“මහනුවර හදගැස්ම” – තරගාවලියට සූදානම්!

මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට තරග වදින කණ්ඩායම් අතර සිය නාමය ඉහළින්ම…

මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව නාවික හමුදා ක්‍රීඩා සමාජය.

  • දිනය: 2019-12-07.
  • ස්ථානය: නිත්තවෙල.
  • වෙලාව: සවස 4.00

පෙර වසරේ ශූරයන් වන මහනුවර කණ්ඩායම මෙවර පළමු තරගයේ දී 26-08ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජය කළ අතර මෙවර මහනුවර බලකොටුවේ දී නාවික හමුදාවට එරෙහිව එළඹෙන සෙනසුරාදා තරග කරන්නට සූදානමින් සිටියි. 

නාවික හමුදාව මෙම තරගාවලියේ දී ක්‍රීඩා කළ පළමු තරගයම තම නිජබිමේ දී ම පරාජය වූයේ හැව්ලොක් කණ්ඩායම හමුවේය. නමුත් ඉදිරිපෙළ පසුපෙළ සුසංයෝගය හොඳින් පවත්වා ගනිමින් ක්‍රීඩා කරන නාවිකයින් එළඹෙන තරගයේ දී ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියාට මුහුණ දීමට සූදානමින් සිටියි.

කණ්ඩායම් දෙකේ ක්‍රීඩා කරන රිචී සහ රිචඩ් ධර්මපාල සොහොයුරන් කෙසේ ක්‍රීඩා කරනු ඇත්දැයි යන්න ඉතා වැදගත්ය. මහනුවර අංක 8 ක්‍රීඩක බුවනෙක උදන්ගමුව ඉතාමත් හොඳ ජවයකින් පසුවෙයි. 

නයිජල් රත්වත්ත සහ දිලක්ශ දන්ගේ පෙර සතියේ දී ක්‍රීඩා කළ ආකාරය ද ඉතා ඉහළ මට්ටමකින් තිබුණි එසේම ප්‍රවර්තන සාර්ථක කිරීමට උපන් හපන් දක්වන තිළිණ විජේසිංහ අවධානය යොමු කල යුතු ක්‍රීඩකයෙකු වන අතර නාවික හමුදාවේ වේගවත් ක්‍රීඩක ඉසුරු කෝන්ගහවත්ත ද වෙත ද සියලු දෙනාගේ අවධානය යොමු වී ඇත.

තරගාවලියේ සජීව විකාශය හා සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<