ජාති ආගම් භේද නොසලකා මහරූෆ් වැඩට බසියි

99

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවට ද වසංගතයක් වෙමින් පැතිර යන Covid-19 වයිරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ද මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ රැසක් අද (3) දිනයේ දී බෙදා දී තිබේ. 

දිනේෂ් චන්දිමාල්ගෙනුත් සහන මල්ලක්

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවට ද වසංගතයක් වෙමින් පැතිර යන Covid-19 වයිරසය ….

ඒ අනුව එම ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් 40ක් සඳහා මේ වියලි සලාක බෙදා දීමට මහරූෆ් තීරණය කර තිබෙන්නේ ජාති ආගම් භේද සැලකීමකින් තොරවයි. 

එම සමාජ සේවය ඉටු කිරීමෙන් පසුව ThePapare.com වෙත මහරූෆ් මෙසේ සිය අදහස් පළ කළ සිටියා.

“මේ වෙනකොට මුළු ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාව තුළත් වසංගතයක් ලෙස පැතිර යන කොරෝනා වයිරසය නිසා ගොඩක් ජන ජීවිත අඩාල වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මීගමුව පෝරුතොට ප්‍රදේශය සම්පූර්ණ ලෙස වසා දමා තිබෙන නිසා, මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවට අත්‍යාවශ්‍ය වියලි ආහාර සලාක බෙදා දෙන්න මට පුළුවන් වුනා. මගේ තවත් සමීපතම මිත්‍රයන් කිහිප දෙනෙක් එකතු කරගෙන ඉදිරියේදීත් මේ වගේ ව්‍යාපෘති දියත් කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම ගෙවී ගිය දින කිහිපය පුරාවට ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් විවිධ වූ සහන ලබා දීමේ වැඩසටහන් සඳහා සිය දායකත්වය දක්වා තිබුණි.

එසේම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජනතාව දැනුවත් කරමින් නිවසටම වී ආරක්ෂිතව ඉන්න යන පණිවිඩය ජනතාව අතරට රැගෙන යාම සඳහා විශාල දායකත්වයක් දක්වන ලදි.

කොරෝනා වයිරසය යනු දැවැන්ත ප්‍රතිවාදියෙකි. එහෙත් කලබල විය යුතු නැත. අප කළ යුත්තේ නිවසේ රැඳී සිටිමින්, රජයේ, සෞඛ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශවල උපදෙස්  පිළිපදිමින් තැන්පත්ව සිටීමය. ඉවසමු, නිවසට වී සිටිමු!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<