හැව්ලොක් අසරණ කරමින් පොලිසිය ජයග්‍රහණය කරයි

147
Police SC vs Havelock SC

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 10 වැනි සතියේ තවත් තරගයක් අද (08) පොලිස් කණ්ඩායම හා හැව්ලොක් කණ්ඩායම අතර කොළඹ පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එම තරගයේ දී හැව්ලොක් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 34-28ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට පොලිස් කණ්ඩායම සමත් විය. 

CR ක්‍රීඩකයන් අර්ධ ශතකයකින් ගුවන් හමුදාව පිළිගනියි

දෙවන අර්ධයේ සුපිරි ප්‍රහාරයෙන් ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 53 – 15 ක් ලෙස පරාජය

මෙම තරගයට පෙර හැව්ලොක් කණ්ඩායම ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය ලබාගෙන සිටියේ ඔවුන් සහභාගි වූ තරග 9න් 6ක් ජයග්‍රහණය කරමිනි. පසුගිය සතියේ දී ඔවුන් CR&FC කණ්ඩායම සමඟින් තරග වැදුණු අතර එම තරගය ඔවුන් පරාජය වූයේ ලකුණු 30-17ක් ලෙසිනි. 

පොලිස් කණ්ඩායම මෙවර තරගාවලියට ප්‍රබල ආරම්භයක් ලබා ගත් අතර ඔවුන් සමස්ත ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය ලබාගෙන සිටියේ තරග 5ක් ජයග්‍රහණය කරමිනි. පසුගිය සතියේ දී ඔවුන් නාවික හමුදා කණ්ඩායම සමඟින් තරග වැදුණු අතර එම තරගය ජයග්‍රහණය කිරීමට නාවික හමුදා කණ්ඩායම සමත්වූයේ ලකුණු 44-24ක් ලෙසිනි. 

පළමු තරග වටයේ දී පොලිස් කණ්ඩායම හා හැව්ලොක් කණ්ඩායම අතර තරගය සුවිශේෂී තරගයක් වූ අතර එම තරගය ජයග්‍රහණය කිරීමට පොලිස් කණ්ඩායම සමත් විය. ඒ ලකුණු 36-24ක් ලෙසිනි. 

හැව්ලොක් කණ්ඩායම තම පරාජයේ වාඩුව ගැනීමේ අරමුණින් මෙම තරගය ක්‍රීඩා කළ අතර පොලිස් කණ්ඩායම තම තුන්වැනි ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණින් ක්‍රීඩා කළේය.

තරගයේ ආරම්භයේ දී ම පොලිස් කණ්ඩායම හැව්ලොක් සීමා ඉර ආක්‍රමණය කළ අතර උත්සාහක දිනුමක් ලබා ගැනීමේ පහසු අවස්ථාවක් මඟහැරී ගියේ හැව්ලොක් කණ්ඩායමේ ප්‍රබල වැළැක්වීමක් නිසාවෙනි. 

අවස්ථා කීපයකින් අනතුරුව තම පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට පොලිස් කණ්ඩායම සමත් විය. උදාර කසුන්ගේ දක්ෂ පන්දු පිරිනැමීමක් සාර්ථකව උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ශාන් අකිල සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (පොලිස් 05 – 00 හැව්ලොක්)

තරගයේ 14 වැනි මිනිත්තුවේ දී තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට පොලිස් කණ්ඩායම සමත්වූයේ ඉමෝනි වුනිවෝසාගේ දක්ෂ පන්දු ‍යොමුකිරීමක් හැව්ලොක් සීමා ඉර පසුකර පතිත කිරීමට යොශාන් පීරිස් සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් යොශාන් පීරිස් පොලිස් ලකුණු තත්ත්වය ලකුණු 12ක් දක්වා ඉහල දැමීමට සමත් විය. (පොලිස් 12 – 00 හැව්ලොක්)

මහනුවර ක්‍රීඩකයෝ CH සිහින කුඩුපට්ටම් කරති

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නවවැනි සතියේ තවත් තරගයක් මහනුවර ක්‍රීඩා සමාජය

හැව්ලොක් කණ්ඩායම තරගයට මනා ප්‍රවේශයක් තරගයේ 18 වැනි මිනිත්තුවේ දී ලබා ගත් අතර පොලිස් කණ්ඩායම ලබා දුන් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් rolling maul අවස්ථාවකින් තම පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය. ඒ තරගයේ මිනිත්තුවේ දී ය. එම උත්සාහක දිනුම ශව්කට් ලාහීර් සමත් විය. එහි ප්‍රවර්තනය සංදේශ් ජයවික්‍රම විසින් සාර්ථක කරගත්තේය. (පොලිස් 12 – 07 හැව්ලොක්)

තරගයේ 25 වැනි මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩකයෙකු offside වීම නිසා හැව්ලොක් කණ්ඩායමට දඬුවම් පහරක් ලැබුණු අතර එය සාර්ථක කරගනිමින් හැව්ලොක් කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 10ක් දක්වා ඉහළ දැමීමට සංදේශ් ජයවික්‍රම සමත් විය. (පොලිස් 12 – 10 හැව්ලොක්)

තරගයේ 29 වැනි මිනිත්තුවේ දී නවීන් හේනකන්කානම්ගේ විසින් ඉමෝනි වුනිවෝසා හට එල්ල කළ අනතුරුදායක වැළැක්වීමක් නිසාවෙන් රතු කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කළ අතර හැව්ලොක් කණ්ඩායමට ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදු විය. එම අවස්ථාවවේ දී පොලිස් කණ්ඩායමට ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගැනීමට යොශාන් පීරිස් සමත් විය. (පොලිස් 15 – 10 හැව්ලොක්)

තරගයේ 30 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට හැව්ලොක් කණ්ඩායමට අවස්ථාව උදා වූ අතර එය සාර්ථක කරගැනීමට ඔවුන්ට නොහැකි විය. තරගයේ 32 වැනි මිනිත්තුවේ දී පොලිස් කණ්ඩායමේ මොහාන් විමලරත්න හට කහ කාඩ්පතක් නිකුත් කළ අතර කණ්ඩායම් ද්විත්වයේම ක්‍රීඩකයන් 14 දක්වා අඩු විය. 

එම අවස්ථාවේ දී හැව්ලොක් කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු පරතරය ලකුණු 02ක් දක්වා අඩුකර ගැනීමට සංදේශ් ජයවික්‍රම සමත් විය. (පොලිස් 15 – 13 හැව්ලොක්)

තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සංදේශ් ජයවික්‍රම සමත් විය. (පොලිස් 15 – 16 හැව්ලොක්)

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 15 – 16 හැව්ලොක් ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබා ගැනීමට පොලිස් කණ්ඩායම සමත් වූ අතර 42 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට රසිත් සිල්වා සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් ජනිත් චන්දිමාල් පොලිස් කණ්ඩායම ලකුණු 22 දක්වා ගෙන යාමට සමත් විය. (පොලිස් 22 – 16 හැව්ලොක්)

තරගයේ 47 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායම පොලිස් සීමා ඉර ආසන්නයට පැමිණි නමුත් එය සාර්ථක කරගැනීමට ඔවුන් අසමත් විය. 

තරගයේ 53 වැනි මිනිත්තුවේ දී පොලිස් කණ්ඩායම ප්‍රබල උත්සාහයකින් අනතුරුව උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ප්‍රිමේශ් ධනුශ්ක සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය. (පොලිස් 27 – 16 හැව්ලොක්)

හැව්ලොක් කණ්ඩායම තරගයේ 59 වැනි මිනිත්තුවේ දී rolling maul අවස්ථාවක් උපයෝගී කරගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එය ශව්කට් ලාහීර් විසින් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූවද ලකුණු 21ක් ලබා ගනිමින් නැවතත් තරගයට අවතීර්ණ වීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය. (පොලිස් 27 – 21 හැව්ලොක්)

යුධ පෙළහර හමුවේ ගුවන් හමුදාව අසරණ වෙයි

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය ආරම්භ කරමින් ක්‍රියාත්මක වූ පළමු

තරගයේ 65 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට කසුන් සුරංග සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය. ඒ අනුව පොලිස් කණ්ඩායම ලකුණු 34ක් තම ලකුණු පුවරුවේ සටහන් කරගැනීමට සමත් විය. (පොලිස් 34 – 21 හැව්ලොක්)

තරගයේ 73 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායම පොලිස් සීමා ඉර ආක්‍රමණය කළ අතර එහි දී කළ නීති විරෝධී වැළැක්වීමක් නිසාවෙන් අබ්දුල්ලා ෆායිස් හට කහ කාඩ්පතක් නිකුත් කළ අතර ඒ අවසරයෙන් ශව්කට් ලාහීර් තම තුන්වැනි උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් සංදේශ් ජයවික්‍රම ලකුණු පරතරය ලකුණු 6ක් දක්වා අඩු කිරීමට සමත් විය. (පොලිස් 34 – 28 හැව්ලොක්)

තරගයේ 77 වැනි මිනිත්තුව වන විට හැව්ලොක් කණ්ඩායම ප්‍රබල උත්සාහයක් ගනිමින් පොලිස් සීමා ඉර ආක්‍රමණය කළ අතර පොලිස් ඉදිරිපෙළ එය සාර්ථකව ව්‍යර්ථ කළේය. පොලිස් කණ්ඩායම තම සීමා ඉර සාර්ථකව ආරක්ෂා කරගැනීමට සමත් වූ අතර ඔවුන් තරගය ජයග්‍රහණයකින් නිමා කිරීමට සමත් විය. 

අවසන් ලකුණු තත්ත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 34 (5T, 4C, 1P) – 28 (3T, 2C, 3P) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ලකුණු ලබා ගැනීම

  • පොලිස්: ශාන් අකිල (1T), යොශාන් පීරිස් (1T, 1C, 1P), රසිත් සිල්වා (1T), ජනිත් චන්දිමාල් (2C), ප්‍රිමේශ් ධනුශ්ක (1T), සුරංග කසුන් (1T)
  • හැව්ලොක්: ශව්කට් ලාහීර් (3T), සංදේශ් ජයවික්‍රම (2C), සංතුශ් අල්ගම (3P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<