CH & FC ප්‍රහාරයෙන් නාවිකයෝ මුහුදුබත් වෙති

924

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සත්වැනි සතිය ආරම්භ කරමින් අද (15) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති තරගයෙන් නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 27-24ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට CH & FC කණ්ඩායම සමත් විය.

පරාජයේ අළු මතින් ජයග්‍රහණයට සැරසෙන යොවුන් ඇතුන්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ආසියානු ශූරතා රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ ශූරතාව සඳහා ශ්‍රී ලංකාව හා හොංකොං තරග…

පෙරළිකාර CH & FC කණ්ඩායම රෝහිත රාජපක්ෂගේ නායකත්වයෙන් පිටියට පිවිසි අතර ලකුණු සටහනේ තෙවන ස්ථානය රැක ගැනීමේ අරමුණින් තරග කළ නාවික හමුදා කණ්ඩායම ධනුෂ්ක පෙරේරා විසින් මෙහෙයවන ලදි.

තිළිණ වීරසිංහගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තුවේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක නිරත වූ CH කණ්ඩායම ප්‍රබල ලෙස නාවික අර්ධය ආක්‍රමණය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පස්වැනි මිනිත්තුවේ දී ම CH & FC පිලට පහසු දඬුවම් පහරක් හිමි විය. පහසුවෙන් ලකුණු රැස්කර ගැනීමට තිබූ අවස්ථාවක් සැමුවෙල් මධුවන්ත විසින් ගිලිහී ගියේය.

නාවික හමුදා කණ්ඩායම ක්‍රමයෙන් තරගයට අවතීර්ණ වූවත්, ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට තිබූ දඬුවම් පහරක් 10 වැනි මිනිත්තුවේ දී නාවික ක්‍රීඩක තිළිණ වීරසිංහ හට මග හැරිණි. සුපුරුදු ක්‍රීඩාශීලිත්වය නොපෙන්වූ නාවික හමුදා කණ්ඩායම, පළමු අර්ධය ආරම්භය පුරා සිය අර්ධයටම කොටුවී සිටිනු දක්නට ලැබුණි.

17 වැනි මිනිත්තුවේ දී ’Line-Out’ අවස්ථාවක් ‘Rolling Maul’ අකාරයට පරිවර්තනය කරගෙන පන්දුව ඉදිරියට රැගෙන ගිය CH & FC කණ්ඩායම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් සිය පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. එම උත්සාහක දිනුමට යෝෂිත රාජපක්ෂ හිමිකම් කියූ අතර සැමුවෙල් මධුවන්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි (CH & FC 07-00 නාවික).

නැවත වරක් ක්‍රියාත්මක වූ CH & FC කණ්ඩායම නාවික අර්ධය ආක්‍රමණය කළ අතර, ලද අවස්ථාවකින් උපරිම ප්‍රයෝජන ගත් CH & FC පිලේ සැමුවෙල් මධුවන්ත ගෝල දිනුමක් මගින් ලකුණු රැස්කර ගැනීමට සමත් විය (CH & FC 10-00 නාවික).

අනතුරුව 24 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ දුලන්ජන් විජේසිංහ ප්‍රමුඛ ප්‍රබල නාවික හමුදා ඉදිරිපෙළ CH & FC පසුපෙළ බිඳ දමමින් පන්දුව උත්සාහක දිනුම් සීමාවෙන් ඉදිරියට රැගෙන යමින් ලකුණු රැස්කිරීමට සමත් විය. එම උත්සාහක දිනුමට දුලන්ජන් විජේසිංහ හිමිකම් කියූ අතර එහි ප්‍රවර්තනය තිළිණ වීරසිංහ විසින් සාර්ථක කර ගන්නා ලදි (CH & FC 10-07 නාවික).

සුපුරුදු ක්‍රීඩා විලාසයට පිවිසුණු නාවික හමුදා කණ්ඩායම CH & FC අර්ධය ආක්‍රමණය කරමින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට උත්සහ කළ අතර තරගයේ 32 වන මිනිත්තුවේ දී CH & FC පසුපෙළ මග හරිමින් නාවික හමුදාවේ බුද්ධිම පියරත්න නාවික හමුදාව වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. තිළිණ වීරසිංහ හට එහි ප්‍රවර්තන සාර්ථක කර ගැනීමට නොහැකි විය (CH & FC 10-12 නාවික).

පිටියේ පැවති සුළං සහිත තත්වය නිසා තරගාවලිය පුරා ඉතා හොඳින් ක්‍රීඩා කළ නාවික හමුදාවේ තිළිණ වීරසිංහ හටත්, CH & FC පිලේ සැමුවෙල් මධුවන්ත හටත් ප්‍රවර්තන හා දඬුවම් පහර කිහිපයක් මගහැරී ගියේය.

පළමු අර්ධය : CH & FC 10 – 12 නාවික හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ සිටම නාවික හමුදා අර්ධය ආක්‍රමණය කළ CH & FC කණ්ඩායමට 42 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් හිමිවුවත්, සැමුවෙල් මධුවන්ත හට එය සාර්ථක කර ගැනීමට නොහැකි විය. කෙසේ වුවත් සිය ආක්‍රමණය දිගටම පවත්වාගත් CH & FC පිල ඉතා හොඳ පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසුව පන්දුව සසංක ආරියරත්න වෙත බාරදෙනු ලදුව අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. සැමුවෙල් මධුවන්ත එය ප්‍රවර්තනය කරන ලදි (CH & FC 17-12 නාවික).

තරගයේ ග්‍රහණය අත්නොහැරි CH & FC පිලේ සැමුවෙල් මධුවන්ත තරගයේ 61 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යමින් CH & FC පිලේ තෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. සිය උත්සාහක දිනුම ඔහුම ප්‍රවර්තනය කළේය (CH & FC 24-12 නාවික).

CH & FC ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කළ නාවික හමුදා ක්‍රීඩකයෝ ‘Line-Out’ අවස්ථාවකින් පන්දුව දිනාගෙන අලංකාර පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසු උත්සාහක දිනුම් සීමාව පසුකර යාමට සමත් විය. තනුජ මදුරංග එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර තිළිණ වීරසිංහ හට එහි ප්‍රවර්තනය මග හැරිණි (CH & FC 24-17නාවික).

දුලාජ්ගේ දඬුවම් පහරින් CR සිහින බිඳ වැටේ

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ සයවැනි සතිය ආරම්භ කරමින් තරග ත්‍රිත්වයක් අද (09) පැවැත්විය. ඒ අතරින් CR & FC කණ්ඩායමත්, හැව්ලොක් ක්‍රීඩා සමාජයත් CR පිටියේ දී තරග…

69 වැනි මිනිත්තුවේ දී නාවික හමුදා නායක ධනුෂ්ක පෙරේරා හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කළ අතර ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගැනීමට CH & FC පිලේ සැමුවෙල් මධුවන්ත අසමත් විය. නමුත් සිය අතපසුවීම් නිවැරදි කර ගත් සැමුවෙල් මදුවන්ත 72 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් CH & FC ලකුණු මට්ටම ඉහළ දැමීමට සමත් විය (CH & FC 27-17 නාවික).

උත්සාහය අත්නොහළ නාවික හමුදාවේ මොහොමඩ් අබ්සාල් CH & FC පසුපෙළ මුලා කරමින් 75 වන මිනිත්තුවේ දී නාවික හමුදා පිල වෙනුවෙන් සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් තිළිණ වීරසිංහ නාවික ලකුණු මට්ටම ඉහළ දමන්නට සමත් විය (CH & FC 27-24 නාවික).

උද්වේගකර අවසන් මිනිත්තු කිහිපයකට මග විවර වූ අතර 76 වන මිනිත්තුවේ දී නාවික හමුදා පිලේ ගයාන් වික්‍රමරත්න හට කහ කාඩ්පතක් හිමි විය. නාවික හමුදා පිල ක්‍රීඩකයින් 13කට සීමා වූ අතර එහි වාසිය හිමි කර ගත් CH & FC කණ්ඩායම අවසාන මිනිත්තු කිහිපයේ දී නාවික හමුදා පිලට ලකුණු වාර්තා කිරීමට ඉඩ නොදෙමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය : CH & FC 27 (3T  3C  1DG 1P) – 24 (4T  2C) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: සසංක ආරියරත්න (CH & FC)  

ලකුණු ලබා ගැනීම

  • CH & FC : යෝෂිත රාජපක්ෂ (1T), සැමුවෙල් මධුවන්ත (1T 2C 1P 1DG), සසංක ආරියරත්න (1T)
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය : දුලන්ජන් විජේසිංහ (1T), බුද්ධිම පියරත්න (1T), තනුජ මදුරංග (1T), මොහොමඩ් අබ්සාල් (1T)

  රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට