පොලිසියෙන් හැව්ලොක්ට නොසිතූ අභියෝගයක්

870

‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ පොලිස් ක්‍රීඩා සමාජය සහ ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර අද (21) කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේ දී පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 24-24ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වූයේ තරගය අවසානයේ කණ්ඩායම් දෙක අතර මතභේදාත්මක තත්වයක් ද ඇතිවෙමිනි.

නාවිකයෝ පළමු අර්ධයේ වාඩුව පිරිමසා ගනිති

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ එකොළොස් වන සතිය ආරම්භ කරමින්…

තරගයට සාර්ථක ආරම්භයක් ලබාගත් පොලිස් ක්‍රීඩකයින් තරගය ආරම්භ වී මිනිත්තු 8ක් ගත්වද්දී ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කරගන්නට සමත් විය. එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබුවේ වජීඩ් ෆවුමි විසිනි. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට එය ලබාගත් සංදේශ් ජයවික්‍රම සමත් වූයේ නැත. (PSC 05 – 00 HSC)

ඉන් අනතුරුව තරගයේ 12 වන මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩා සමාජයට දඬුවම් පහර අවස්ථාවක් හිමිවුවත් එය සාර්ථක කරගන්නට සංදේශ් නැවතත් අසමත් වූ අතර අනෙක් පසින් හැව්ලොක් ක්‍රීඩා සමාජයට ද තරගයේ 15 වන මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහර අවස්ථාව සාර්ථක කරගන්නට එය ලබාගත් රීසා මුබාරක් අසමත් විය.

කෙසේ නමුත් ඉන් අනතුරුව හැව්ලොක් ක්‍රීඩකයින් සිය සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයට අවතීර්ණ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අඛණ්ඩව උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරගන්නට ඔවුන් සමත් විය.

ඒ අනුව 18 වන මිනිත්තුවේ දී ෂාරෝ ප්‍රනාන්දු විසින් ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කරගත් අතර 23 වන මිනිත්තුවේ දී සුදම් සූරියආරච්චි විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයින්ව උපක්‍රමශීලීව පසුකරමින් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් ඔවුන්ගේ දෙවන උත්සාහක දිනුම වාර්තා කරන ලදි. කෙසේ නමුත් එහි දී රීසා මුබාරක් විසින් ලබාගත් ප්‍රවර්තන අවස්ථාවන් ද්විත්වයම සාර්ථක වූයේ නැත. (PSC 05 – 10 HSC)

අනතුරුව පොලිස් ක්‍රීඩකයින් නැවතත් තරගයට අවතීර්ණ වූ අතර තරගයේ 28 වන මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩක උත්පල එදිරිසිංහ විසින් ඉතාමත් සූක්‍ෂමව සුජාන් කොඩිතුවක්කු වෙත පන්දුව බාර කළ අතර ඔහු හැව්ලොක් කණ්ඩායමේ ආරක්‍ෂක ක්‍රීඩකයින් පසුකර යමින් පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යාමට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සංදේශ් විසින් සාර්ථක කර ගනු ලැබුවේ සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එමිනි. (PSC 12 – 10 HSC)

කෙසේ නමුත් තරගයේ පළමු අර්ධය නිමාවන්නට පෙර පොලිස් ක්‍රීඩකයින් පන්දුව හුවමාරු කරගන්නා අවස්ථාවක දී ඔවුන්ගෙන් එය ලබාගත් හැව්ලොක් ක්‍රීඩක සුදම් සූරියආරච්චි වේගයෙන් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් තරගයේ ඔහු ලබාගත් දෙවන උත්සාහක දිනුම වාර්තා කරගන්නට සමත් විය. අනතුරුව රීසා විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කරගැනීමට සමත් විය.

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 12 – 17 හැව්ලොක් ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකම උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වුවත්, දෙපිළේම ආරක්‍ෂක ක්‍රීඩකයින් පෙන්නුම් කළ දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායම් දෙකටම ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැත. විශේෂයෙන් හැව්ලොක් ක්‍රීඩකයින් අවස්ථාවන් කිහිපයක දී ම උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමට ආසන්නයට පැමිණියත් එය සාර්ථකව අවසන් කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

CH සුළඟින් මහනුවර කැලඹෙයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 11 වන සති අන්තය ආරම්භ කරමින් CH & FC…

කෙසේ නමුත් තරගයේ 56 වන මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩක රුක්මාල් ප්‍රනාන්දු පන්දුව ලබාගනිමින් පොලිස් ක්‍රීඩකයින් අතර තිබූ හිඩැස් හරහා එය සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් උත්සාහක දිනුමක් වාර්තා කරගනු ලැබුවේ කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවා ගනිමිනි. අනතුරුව රීසා මුබාරක් විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කරගැනීමට ද සමත් විය. (PSC 12 – 24 HSC)

අනතුරුව තරගයේ පාලනය නැවතත් කණ්ඩායම් දෙක අතරේ ම දෝලනය වන්නට වූ අතර එහි දී හැව්ලොක් ක්‍රීඩකයින් 61 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමට ඉතා ආසන්නයට පැමිණියත් ඔවුන් පන්දුව හුවමාරු කරගැනීමේ දී දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඔවුන්ට එම අවස්ථාව අහිමිව ගියේය.

කෙසේ නමුත් පොලිස් ක්‍රීඩකයින් තරගයේ 69 වන මිනිත්තුවේ දී පන්දුව ඉතාමත් හොඳින් හුවමාරු කරගනිමින්, ඉදිරියට රැගෙන යමින් උත්සාහක දිනුමක් වාර්තා කරගනු ලැබුවේ තරගයේ තීරණය නැවතත් කණ්ඩායම් දෙකටම විවෘත කරගනිමිනි. උදාර සූරියප්පෙරුම විසින් වාර්තා කරගත් එම උත්සාහක දිනුම සංදේශ් ජයවික්‍රම විසින් සාර්ථකව ප්‍රවර්තනය කරගැනීමට සමත් විය. (PSC 19 – 24 HSC)

අනතුරුව තරගයේ 73 වන මිනිත්තුව වන විට පොලිස් ක්‍රීඩකයින් පන්දුව උත්සාහක දිනුම් කලාපය ආසන්නයට රැගෙන ගියේ තවත් උත්සාහක දිනුමක් වාර්තා කරගනිමින් තරගයේ තීරණය වෙනස් කිරීමේ අනතුරු සංඥා හඟවමිනි.

කෙසේ නමුත් එහි දී හැව්ලොක් ක්‍රීඩකයින් ඉතාමත් ප්‍රබල ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන්නට සමත් වූ අතර ඔවුන් විනාඩි 10කටත් වැඩි කාලයක් පොලිස් ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමෙන් නවතා තබන්නට සමත් විය.

ගුවන් හමුදාවට පෙරළිකාර ජයක්

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියර යටතේ යුද හමුදා ක්‍රීඩා…

නමුත් තරගයේ 80 වන මිනිත්තුවත් ඉක්ම ගොස් තවත් මිනිත්තු කිහිපයක් ගතවීමෙන් අනතුරුව පොලිස් ක්‍රීඩක කෝකිල හරිශ්චන්ද්‍ර විසින් හැව්ලොක් ආරක්‍ෂක බලමුළුව බිඳ දමින් ඔවුන්ට අවශ්‍යව තිබූ උත්සාහක දිනුම ගෝල රාමුවට යටින් වාර්තා කරගනු ලැබුවේ තරගයේ ලකුණු තත්වය සම කරමිනි. ඒ අනුව ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජය පරාජයට පත්කිරීම සඳහා පොලිස් ක්‍රීඩකයින්ට අවශ්‍ය වූයේ ඔවුන්ට එහි දී ලැබුණු පහසු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගැනීම පමණි. සංදෙශ් ජයවික්‍රම විසින් එය ලබා ගන්නට සූදානම් වූ අතර ඔහු එය ලබාගනිද්දී ප්‍රතිවාදී හැව්ලොක් ක්‍රීඩකයින් එයට අභියෝග කරමින් ඉදිරියට දිව එන්නට විය. ඒ අනුව එහි දී සංදේශ් එල්ල කළ පහර ගෝල රාමුවට ඉවතින් ඇදී ගිය අතර එහි දී ප්‍රතිවාදී ක්‍රීඩකයින් නියමිත වේලාවට පෙර දිව ඒම ආරම්භ කළ සේයාවක් දිස්විය. කෙසේ නමුත් විනිසුරුවරයාගේ අවසාන තීරණය වූයේ එය එසේ නොවන බවයි.

එම තීරණය හේතුවෙන් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතර මතභේදාත්මක තත්වයක් ඇතිවූ නමුත් එහි දී පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් තත්වය සමතයකට පත්කරන ලදි.

ඒ අනුව සමස්ත ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසු වූ පොලිස් ක්‍රීඩා සමාජයත්, එහි දෙවන ස්ථානයේ පසු වූ ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජයත් අතර පැවති මෙම තරගය ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වූයේ තරගයට මතභේදාත්මක අවසානයක් සනිටුහන් කරමිනි.

සම්පූර්ණ කාලය: පොලිස් ක්‍රීඩා සමාජය 24 (4T 2C) – 24 (4T 2C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare තරගයේ වීරයා – රසිත් සිල්වා (පොලිස් ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම –

  • පොලිස් ක්‍රීඩා සමාජය – වජීඩ් ෆවුමි 1T, සුජාන් කොඩිතුවක්කු 1T, උදාර සූරියප්පෙරුම 1T, කෝකිල හරිශ්චන්ද්‍ර 1T, සංදේශ් ජයවික්‍රම 2C
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – සුදම් සූරියආරච්චි 2T, ෂාරෝ ප්‍රනාන්දු 1T, රුක්මාල් ප්‍රනාන්දු 1T, රීසා මුබාරක් 2C

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට