“මට කවදාවත් ඒ දසුන අමතක නොවේවි” – දසුන් ශානක

1701
AFP

පසුගිය පාස්කු ඉරිදා දිනයේ ඇති වූ පිපිරුම් මාලාවට හසුවීමට ගිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක එහි දී දිවි ගලවා ගත්තේ වාසනාවකිනි. එදින තමාට අත්විඳීමට සිදු වූ අමිහිරි අත්දැකීම පිළිබඳව දසුන් ශානක ESPNcricinfo වෙබ් අඩවිය ඔස්සේ අදහස් දක්වා තිබුණා. මේ එම ලිපියේ සිංහල පරිවර්තනයක්.

27 හැවිරිදි දසුන් ශානක පසුගිය ඉරිදා උදයේ සිය උපන් බිම වූ මීගමුවේ, මීගමුව සාන්ත සෙබස්තියන් පල්ලියේ තිබුණු දේව මෙහෙයට සිය මව හා මිත්තණිය සමඟ සහභාගී වීමට නියමිතව තිබුණා. කිලෝමීටර 170කට අධික දුරක් ගෙවා ඔහු පෙර දිනයේ අනුරාධපුර සිට නිවසට පැමිණ තිබූ හෙයින් ඔහු එදින උදේ තීරණය කළේ පල්ලියට නොයා සිටීමටයි.

ගාල්ලේ දී මුහුදට බිලිවීමට ගිය එංගලන්ත ක්‍රිකට් තුන් කට්ටුව

“සාමාන්‍යයෙන් මම පල්ලියට යනවා, නමුත් ඊට පෙර දින මම අනුරාධපුරයේ සිට පැමිණි නිසා මට මහන්සි දැනුණා” දසුන් ESPNcricinfo වෙත අදහස් දක්වා තිබුණා. “මම එදා නිවසේ ඉද්දි මට ලොකු ශබ්දයක් ඇසුණා, අනතුරුව මට ඇහුණා මිනිස්සු කෑ ගහනවා පල්ලියේ බෝම්බයක් කියලා, මම ඉක්මනින් එතනට ගියා, මට කවදාවත් අමතක වෙන්නේ නැහැ එතැන වෙලා තිබුණු විපැත්තිය”

“මුළු පල්ලියම විනාශ වෙලා, සම්පූර්ණයෙන්ම කෑලි කෑලි වෙලා, මිනිස්සු ජිවිත අහිමි වුණු සිරුරු ඉවතට අදිමින් සිටියා.“

“ඔබත් ඒ අවස්ථාවේ පල්ලියේ ඇතුල දුටුවා නම් ඔබටත් තේරුම් යනවා එහි සිටි කිසිවෙකුත් ජීවතුන් අතර සිටීමට ඉඩක් නොමැති බව, කොටින්ම පිපිරුමෙන් විසිවූ කැබලි පල්ලියේ සැමතැනම සිටි අයව තුවාල කරලා තිබුණා.”

ඔහු පළමුව සිය මව සොයා පල්ලිය පුරා ඇවිද ඇති අතර මව හමු වූ පසු ඔහු සිය මව වහාම රෝහල්ගත කර තිබෙනවා.

“මගේ පළමු අපේක්ෂාව වුණේ මගේ අම්මාව සොයා ගැනීම, මම ඇයව සොයා ගත්ත ගමන් මම ඇයව එතැනින් පිටතට රැගෙන ආවා, ඉන් පසු මම මගේ මිත්තණිය සොයා ගියා, නමුත් මට දැනගන්නට ලැබුණා ඇය පල්ලිය ඇතුළේ නිරුපද්‍රිතව ඉන්නවා කියලා, මගේ හදවතින් විශාල බරක් නිදහස් වුනා” ඔහු නැවත මතක් කළේ  පෙර පැවසු “ඔබත් ඒ අවස්ථාවේ පල්ලියේ ඇතුල දුටුවා නම් ඔබටත් තේරුම් යනවා එහි සිටි කිසිවෙකුත් ජීවතුන් අතර සිටීමට ඉඩක් නොමැති බව, කොටින්ම පිපිරුමෙන් විසි වූ කැබලි පල්ලියේ සැමතැනම සිටි අයව තුවාල කරලා තිබුණා” යන කොටස.

“ඉන්දියාව එක්ක වගේ අපි හැම තරගයක්ම සෙල්ලම් කරනවා” – සෆ්රාස් අහමඩ්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානු කණ්ඩායම ක්‍රීඩා …..

“මගේ මව ජනේලයක් අසල ඉඳලා තියෙන්නේ, ඒ නිසාම ඇය පිපිරීමෙන් සුළු තුවාල සහිතව ආරක්ෂා වෙලා තිබුණා, ඇය වටේට සිටි බොහෝ දෙනෙක්ට දිවි අහිමි වී තිබුණා.”

ඔහු නැවත පල්ලිය ඇතුළට ගියේ සිය මිත්තණිය සෙවීමේ අරමුණින්. වාසනාවන්ත ලෙස ඇය පල්ලිය තුළ ජීවතුන් අතර සිටියා.

“මම මගේ මිත්තණිය සොයා ගියේ ඇය ජීවතුන් අතර සිටීවි යැයි බලාපොරොත්තුවෙන් නොවේ. කෙසේ වෙතත් ඇයගේ වටේ සිටි අය ජීවතුන් අතර නොසිටියත් ප්‍රාතිහාර්යයකින් වගේ ඇය නිරුපද්‍රිතව සිටියා, අනෙක් අයගේ හානි වූ ශරීරවලින් ඇය ආරක්ෂා වී තිබුණා,  ඇයගේ හිසට උල් යමක් වැදී හානි වී තිබුනත් ඇයව ශල්‍යකර්මයක් සඳහා රෝහල් ගත කරන්නට අප සමත් වුනා”

බොහෝ ශ්‍රී ලාංකිකයින් වගේම ශානක ද මේ සිදුවීම නිසා ඉන්නේ ඉතා කම්පනයෙන්. ”මම පාරට බහින්නත් බයයි, රෝහලට යන්නත් බයයි” නමුත් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ශක්තිය, එකමුතුකම හා විශ්වාසය පිළිබඳ ඔහු සිටින්නේ දැඩි විශ්වාසයකින්.

මීගමුවේ කවදාවත් ජාතීන් අතර ගැටුම් ඇති වුණේ නැහැ, මෙහෙ හැමදාම ආරක්‍ෂිත දිව්‍යපුරයක් වුනා, කිසිම ජනවර්ගයක් මෙහෙ ප්‍රශ්න ඇති කර ගත්තේ නැහැ, මෙහෙ මිනිස්සු බොහොම කරුණාවන්තයි, ඔවුන් අනෙක් මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට හා ඕපදූප වලට හසු වන්නේත් නැහැ, මට මේ මිනිස්සු කොච්චර අහිංසක ද කියන්න වචන නැහැ”

ESPNcricinfo හී පළවූ Madushka Balasuriyaගේ ‘I’ll never forget the scene’ – Shanaka revisits Sri Lanka’s Easter Sunday horror වාර්තාව ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<