ප්‍රංශ සවාරි හතක ජයග්‍රහණ අහිමි කරගත් ආම්ස්ට්‍රොන්ග්

158

පාපැදි ධාවනයේ ලොව ජයගත් දක්ෂයෙක් කිව්වොත් කාගේත් අවධානය යොමුවන ක්‍රීඩකයෙක් තමයි ලාන්ස් ආම්ස්ට්‍රොන්ග්. ප්‍රංශ පාපැදි සවාරිය හත්වරක් ජයග්‍රහණය කළ ශූරයෙක් ලෙසත්, පිළිකාවක් සෑදී එය සුවකර ගෙන නැවත ක්‍රීඩාවට පැමිණි අතළොස්සක් ක්‍රීඩකයන් අතරින් එක් ක්‍රීඩකයෙක් ලෙසත් ඔහු වඩාත් ප්‍රසිද්ධයි. 

Video- සුසන්තිකාගේ අඩි පාරේ යන ශර්මිලා ජෑන් | Is this Sri Lanka’s next Susanthika?

දකුණු ආසියාවේ මීටර් 200 ශූරිය වීමට වෙර දරන, ශර්මිලා ජෑන්. මේ ඇගේ කතාව…..

ලෝක වාර්තා තබමින් ප්‍රංශ පාපැදි සවාරිය එක පිට එක ජයග්‍රහණ කළ ඒ ඇමෙරිකානු ජාතික ක්‍රීඩකයාට අද වනවිට ඒ සියල්ල අහිමි වී තිබෙන්නේ තහනම් උත්තේජක භාවිතය හේතුවෙන්. අද මේ ලිපියෙන් කියවෙන්නේ එම අවාසනාවන්ත ඉරණමට මුහුණදුන් ලාන්ස් ආම්ස්ට්‍රොන්ග් ගැනයි. 

ඔහු 1971 වසරේ සැප්තැම්බර් මස 18 වනදා ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී උපත ලබන්නේ ලාන්ස් එඩ්වඩ් ගන්ඩර්සන් ලෙසයි. වයස අවුරුදු 12 වනවිට ඔහු තම ක්‍රීඩා දිවිය ආරම්භ කරන්නේ පිහිනුම් ක්‍රීඩාව තෝරාගනිමින්. ඔහු වයස අවුරුදු 13 වනවිට පිහිනීම, දිවීම සහ පාපැදි ධාවනය යන ක්‍රීඩා අංග තුනම ඇතුළත් කර නිර්මාණය කර තිබෙන තුන් ප්‍රයාමය (Triathlon) ඉසව්වේ දක්ෂයෙක් බවට පත්වන්නේ කනිෂ්ට තුන් ප්‍රයාම ඉසව්වේ ශූරයෙකු වෙමින්. ඒ ඔස්සේ තුන් ප්‍රයාම ඉසව්ව ප්‍රගුණ කරන ඔහු තමාට වයස අවුරුදු 16ක් වනවිට වයස අවුරුදු 19න් පහළ හොඳම තුන් ප්‍රයාම ක්‍රීඩකයා බවට පත්වෙනවා. 1989 වසරේ දී මොස්කව් හි කනිෂ්ට ලෝක ශූරතා තරගාවලියේ පාපැදි තරගය සඳහා සහභාගී වීමට සුදුසුකම් ලබන ආම්ස්ට්‍රොන්ග්, 1989 සහ 1990 යන වසර වල තුන් ප්‍රයාම ඉසව්වේ ජාතික ශූරයා බවට පත්වෙනවා. 

Courtesy – rp-online.de

1989 වසරේ දී ඇමෙරිකානු ජාතික පාපැදි කණ්ඩායමට ඇතුල්වීමට වරම් හිමිවන ආම්ස්ට්‍රොන්ග්, 1991 වසරේ දී ඇමෙරිකානු පාපැදි ශූරතාවය දිනා ගැනීමට සමත් වෙනවා. ඉන් නොනැවතුනු ඔහු 1993 වසරේ ලෝක පාපැදි ශූරතාවය දිනා ගැනීමට ඔහු සමත්වෙන අතර එම වසරේම ප්‍රංශ පාපැදි සවාරියට සහභාගී වීමට සුදුසුකම් ලබා ගන්නවා. නමුත් එය සම්පූර්ණ කිරීමට ආම්ස්ට්‍රොන්ග් අසමත් වුවත් 1995 වසරේ සහභාගී වූ ප්‍රංශ පාපැදි සවාරියේ දී 35 වන ස්ථානය හිමිකර ගනිමින් එම තරගාවලිය අවසන් කිරීමට ඔහු සමත් වෙනවා. 1996 වසරේ දී ඇට්ලන්ටා ඔලිම්පික් තරගයට සහභාගී වෙන ඔහු එය නිම කරන්නේ 12 වන ස්ථානය ලබා ගනිමින්. 

1996 වසරේ දී ඔහුට පිළිකාවක් වැළඳී ඇති බව සොයාගන්නා අතර එය වෘෂණ කෝෂ ආශ්‍රිත පිළිකාවක් බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා. ඉක්මණින් ශල්‍යකර්මයක් සිදුකර ඒවා ඉවත් කරන අතර ඒ වනවිට පිළිකාව මොළය දක්වා වර්ධනය වී ඇති බවද අනාවරණය වෙනවා. පසුව කළ ශල්‍යකර්මයකින් මොළයේ වර්ධනය වී තිබූ පිළිකා සෛල ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත්වෙනවා. පිළිකාවෙන් සම්පූර්ණ සුවය ලැබූ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්, ඉන්පසුව ලෝකයේ පිළිකාවෙන් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් “ආම්ස්ට්‍රොන්ග් පදනම” නිර්මාණය කරනවා. වර්තමානයේ දී එය ලිව්ස්ට්‍රොන්ග් පදනමලෙස හඳුන්වන අතර පිළිකා රෝගීන් වෙනුවෙන් කටයුතු කරන ලෝකයේ ප්‍රධාන ආයතන වලින් එකක් ලෙස එය හඳුන්වනු ලබනවා. 

Courtesy – euronews.com

පිළිකාව ජයගනිමින් ඔහු නැවතත් 1999 වසරේ ප්‍රංශ සවාරියට සහභාගී වන අතර එහිදී ඔහු තම මංගල ප්‍රංශ පාපැදි සවාරි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වෙනවා. ඔහු එක්සත් ජනපදයේ පෝස්ටල් සර්විස්කණ්ඩායම නියෝජනය කරනු ලැබූ අතර 2000 වර්ෂය, ඔහුට ඉතා අනගි ජයග්‍රහණ රැසක් අත්කර දුන් වර්ෂයක් ලෙස නම් කළ හැකියි. එම වසරේ දී දෙවන වරටත් ප්‍රංශ සවාරිය ජයග්‍රහණය කිරීමට සමත්වෙන ඔහු 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද සමත් වෙනවා. ඒ වගේම ආම්ස්ට්‍රෝන්ග් විසින් 2000 වසරේ දී “It’s Not About the Bike: My Journey Back to Life.” නමින් කෘතියක් පළ කරනවා. 

මලල ක්‍රීඩා ප්‍රවීණයින්ගෙන් තරුණ පරපුරට වටිනා ආදර්ශයක්

ශ්‍රී ලංකාවේ වන සම්පත සුරැකීම වෙනුවෙන් සංවිධානය කරන දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් වන…

2001 වසරේ දී ප්‍රංශ සවාරිය අඛණ්ඩව තෙවන වතාවටත් ජයග්‍රහණය කරන ඔහු 2002 වසරේ දී සිව්වන වතාවටත් ජයග්‍රහණය කරමින් පාපැදි ලෝකයේ ජය කෙහෙළි නැංවීමට සමත් වෙනවා. 

Courtesy -foxsports.com.au

ඔහුට 2002 වසරේ දී ප්‍රථම වතාවට තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා. ඒ 2000 වසරේ පැවති ප්‍රංශ සවාරිය අතරතුර තහනම් උත්තේජක ලබාගත්තා යයි සැක කරමින්. නමුත් මෙය ඔප්පු කිරීමට තරම් සාක්ෂි ප්‍රබල වන්නේ නෑ. 2003 වසරේත් ප්‍රංශ සවාරිය ජයග්‍රහණය කිරීමට ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් සමත් වෙන්නේ ඔහු අඛණ්ඩව ප්‍රංශ සවාරිය ජයග්‍රහණය කළ පස්වෙනි අවස්ථාව බවට පත්කරමින්. 2004 වසරේ දී හයවන වරටත්, 2005 වසරේ දී හත්වන වරටත් ප්‍රංශ සවාරියේ ජයග්‍රාහකයා බවට පත්වෙන ඔහු, එදාමෙදා තුර ප්‍රංශ සවාරිය අඛණ්ඩව හත්වතාවක් ජයග්‍රහණය කළ ප්‍රථම හා එකම තරගකරුවා ලෙස ඉතිහාසයට එකතු වෙනවා. 2005 වසරේ ප්‍රංශ සවාරියෙන් පසුව තමන් ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් ප්‍රකාශ කරනවා. 2008 වසරේ දී ඔහු නැවතත් තරග බිමට පිවිසියත් එවර ඔහු එතරම් සාර්ථක වෙන්නේ නෑ. 

Courtesy – spokesman.com

ප්‍රංශ පාපැදි සවාරි අතරතුර තහනම් උත්තේජක ලබා ගත්තා යැයි කියා නැවතත්  චෝදනා එල්ල වූ අතර ඒ පිළිබඳව දිගින් දිගටම පරීක්ෂණ කටයුතු මෙහෙයවීමට එක්සත් ජනපද තහනම් උත්තේජක නියෝජිත ආයතනය කටයුතු කරනවා. ඒ අනුව ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් ඇතුළු “පෝස්ටල් සර්විස්” කණ්ඩායමේ සාමාජිකයන්ගේ මූත්‍රා සාම්පල ඔස්සේ වසර ගණනාවක් පරීක්ෂණ සිදුකරනු ලබනවා. එහි වාර්තාව 2012 වසරේ දී ඉදිරිපත් වෙන අතර ඔහු තහනම් උත්තේජක ලබාගත් බව පරීක්ෂණ වාර්තා වලින් ඔප්පු කර තිබෙන බව එහි සඳහන් වෙනවා. 2012 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ජාත්‍යන්තර පාපැදි සංගමය විසින් ඔහුගේ ප්‍රංශ පාපැදි සවාරි ශූරතා හතම තහනම් කරන බව නිවේදනයක් නිකුත් කරමින් දන්වනවා. ඊට අමතරව 2000 වසරේ දී දිනාගත් ඔලිම්පික් පදක්කම ද අවලංගු කිරීමටද කටයුතු කරනු ලබනවා. 

සමස්ත ලංකා මලල ක්‍රීඩාවලට මිලියන 70ක්!

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 35 වැනි වරට සංවිධානය කරන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය පිළිබඳව…

අවසානයේ දී ඔහු කළ මෙම වරදට ඇමරිකානු රජය විසින් ඔහුට නඩු පවරන අතර ඔහුට වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක් ගෙවීමට ඔහු මේ වනවිට එකඟ වී සිටිනවා. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<