එංගලන්තයෙන් ගිලිහී යන ක්‍රීඩාවේ මහත්මා ගතිය

18487
Cricket greats slam England

ඕස්ට්‍රේලියා – එංගලන්ත දෙවන අළුබඳුන ටෙස්ට් තරගය අතරතුර එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්ගේ බවුන්සර් පන්දුවක් හමුවේ ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීව් ස්මිත් ඇද වැටුණු සිදුවීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණි.

අකිලගේ නිවැරදි කර ගත් ඉරියව්වත් වැරදීලු!

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පසුගිය දා ගාල්ලේ දී නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට..

එම සිදුවීමෙන් පසුව එංගලන්ත ප්‍රේක්ෂකයන් ස්මිත්ට තම අප්‍රසාදය පල කර තිබූ අතර එය ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණයට කළ බලවත් වැරැද්දක් බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් සංගමය පසුගිය දා පවසා සිටියා. ඔවුන් පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා මහත්මා ගුණයෙන් යුක්ත විය යුතු බවයි. 

දෙවන ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ දී ස්ටීව් ස්මිත්ට මෙම අනතුරට මුහුණ දීමට සිදු වූ අතර ඒ වන විට ඔහු ලකුණු 80ක් රැස්කර ගෙන සිටියේය. ජොෆ්රා ආචර් එල්ල කළ බවුන්සර් පන්දුව ස්මිත්ගේ හිස සහ ගෙල ප්‍රදේශයේ වැදුණු අතර ඉන් අනතුරුව ඔහු බිම ඇද වැටුණි. මද වේලාවකට පසුව ඔහු ක්‍රීඩා පිටියෙන් ඉවත් වූ අතර වෛද්‍ය පරීක්ෂණ කිහිපයකින් පසුව නැවතත් පන්දුවට පහර දීම සඳහා පැමිණීමට ඔහුට හැකි විය. 

කෙසේ වෙතත් ස්මිත් නැවත පැමිණෙන අවස්ථාවේ දී එංගලන්ත ප්‍රේක්ෂකයන් ඔහුට තම අප්‍රසාදය පල කළ අතර එය බොහෝ දෙනාගේ විවේචනයට ලක්විය. වසරක තරග තහනමකින් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි ස්මිත්ට එංගලන්ත සංචාරයේ අවස්ථා කීපයක දී ම මෙසේ ප්‍රේක්ෂක අප්‍රසාදය හිමි වීම දක්නට ලැබුණි. 

මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් නියෝජනය කරන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක සංගමය (The Australian Cricketers’ Association/ACA) පවසා සිටියේ එම හැසිරීම ක්‍රිකට් ක්‍රීඩාවට සුදුසු නොවන බවයි. ආබාධයක් නිසා ක්‍රීඩා පිටියෙන් ඉවත්ව නැවතත් පැමිණෙන ක්‍රීඩකයෙකුට එසේ සැලකීම ඔවුන්ගේ අප්‍රසාදයට ලක්ව තිබුණි. 

“ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා ගුණාත්මක විය යුතුයි. විශේෂයෙන් ලෝඩ්ස් වල දී. මේක තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර. ඒ වගේ තැනක දී මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.” ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක සංගමයේ සභාපති වන ග්‍රෙග් ඩයර් සහ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක ඇලිස්ටෙයාර් නිකොල්සන් විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ස්මිත්ගේ ආදේශකයා නිසා කැන්ගරුවෝ තරගය බේරා ගනිති!

සුප්‍රසිද්ධ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී ක්‍රියාත්මක වූ අළු බඳුන දෙවැනි ටෙස්ට් තරගය ඊයේ (18) නිමාවට පත්වූයේ…

“අපි දැකපු දෙය ඒ යුගයේ සිටින විශිෂ්ට ක්‍රීඩකයෙකුගේ නිර්භීත ක්‍රියාවක්. ඔහුව තවත් අධෛර්යමත් කරන්නේ නැතුව ඒකට අපි සහාය පල කළ යුතුයි.” 

“මේ කාලයේ දී ප්‍රේක්ෂකයන් ඉතාමත් උනන්දුවෙන් සිටිනවා. ඔවුන් හොඳින් තරගවලට සහාය පල කරනවා. නමුත් ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වුනාම ඔහුට මෙහෙම සැලකීම අනුමත කළ නොහැකියි. දැන් මේක නවත්වන්න වෙලාව ඇවිල්ලා.”  

මෙම ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම පිළිබඳව ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තම අප්‍රසාදය පල කර තිබූ අතර ඉයන් හීලි මෙම සිදුවීම “පිළිකුල් සහගත ක්‍රියාවක්” බවත් මාක් ටේලර් “මෙය විශාල කලකිරීමක්” බවත් පවසා ඇත. 

තරගයේ දෙවන ඉනිම සඳහා ස්මිත් සහභාගී නොකිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තීරණය කළේ මෙවන් පසුබිමක් තුළය. ස්මිත් වෙනුවට වෙනත් ආදේශ ක්‍රීඩකයෙකු යොදාගත් අතර 2014 වසරේ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වූ ෆිල් හියුස්ගේ අවාසනාවන්ත අහිමි වීම එම තීරණයට මුල්විය.  

හියුස් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කරන අවධියේ දී ස්මිත්ගේ ක්‍රීඩා සගයෙකු වූ අතර 2014 වසරේ සිඩ්නි හි පැවති ප්‍රාන්ත තරගයක් අතරතුර පන්දුව හිසෙහි වැදීමෙන් ඔහුට ජීවිතය අහිමි විය. 

“ලෝඩ්ස් වල සිදු වූ මෙම සිදුවීම ක්‍රීඩක ආදේශන නීතිරීති වල වැදගත්කම පෙන්වා දුන්නා. මෙම නීති මුලින්ම හඳුන්වා දුන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයයි. වසර ගණනක ප්‍රයත්නයකින් අනතුරුව මේ නීති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් නීතිවලට ඇතුළත් කළා. මේ වගේ සිදුවීම්වල දී ක්‍රීඩකයන් ආරක්ෂා කර ගැනීමට මෙවන් නීති වැදගත්.”  

“මේක ක්‍රීඩකයන්ගේ රැකියාව කියා අපි මතක තබා ගත යුතුයි. සත්‍ය තමයි ක්‍රිකට් කියන්නේ භයානක ක්‍රීඩාවක් විය හැකියි. විශේෂයෙන් මෙම තරගාවලියේ දී අපි දැකපු පන්දු යැවීමත් සමඟ. මෙම සිදුවීමෙන් පසුව ලෝඩ්ස් වලදී ගත් තීරණයන් සියල්ල වැදගත් හා නිවැරදි ඒවා.”

පළමු ජයග්‍රහණයෙන් දිමුත් මුල් 10ට එද්දී අකිලත් උඩ යයි

ලෝක ටෙස්ට් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ …

ස්මිත්ගේ හිස් ආවරණයේ ගෙල ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමට ආවරණයක් නොතිබුණි. එම ආවරණය ෆිල් හියුස්ගේ සිදුවීමෙන් අනතුරුව හඳුන්වා දුන් නමුත් එය අනිවාර්ය නීතියක් බවට තවමත් පත්ව නැත. 

ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැංගර් පවසා සිටියේ මෙම සිදුවීමෙන් පසුව එම ආවරණය අනිවාර්ය අංගයක් විය යුතු බවයි. 

ඕස්ට්‍රේලියා – එංගලන්ත අළුබඳුන තරගාවලියේ දෙවන තරගය ජය පරාජයකින් තොරව අවසන් වූ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටී. දෙරට අතර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගය එළඹෙන අගෝස්තු මස 22 වැනිදා ලීඩ්ස් හිදී ආරම්භ වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<