දේශීය පළමු පෙළ තරගවලට නව පන්දුවක්

86

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා Sanspareils Greenlands හෙවත් SG නාමය යටතේ අලෙවි වන පන්දු භාවිතා කිරීමට තීරණය කර තිබේ.

සිම්බාබ්වේ පිළ පෙර වැරදි හදා ගැනීමේ සූදානමක!

හරාරේ හිදී අද (27) ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි සහ ….

මේ තාක් දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග තුල සහ මෙරට පැවැත්වුනු ජාත්‍යන්තර ටෙස්ට් තරග සඳහා  Kookaburra වෙළඳ නාමය යටතේ අලෙවි වන පන්දු භාවිතා කළේය.

මේ මස 31 වැනිදා ආරම්භ වීමට නියමිත A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා පළමු වරට SG පන්දුවෙන් ක්‍රීඩා කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරීන් වෙත දැනුම් දී තිබේ. ඒ අනුව මෙවර පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය සඳහා SG පන්දු භාවිතා කිරීමට නියමිත අතර එය එසේ වුවහොත් SG පන්දුව ශ්‍රී ලංකාව තුල භාවිතා වන පළමු අවස්ථාව මෙය බවට පත් වෙනු ඇත. 

“අපේ ක්‍රිකට් කමිටුව විසින් යෝජනා කරපු විදිහට SG ටෙස්ට් පන්දුව මෙවර අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තෙදින සහ සිව්දින තරග සඳහා යොදාගන්න අපි තීරණය කළා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය ක්‍රිකට් ප්‍රධානි චින්තක එදිරිමාන්න මහතා ThePapare.com වෙත පැවසීය.

“මෙරට දී පැවැත්වෙන ජාත්‍යන්තර ටෙස්ට් තරග සඳහා SG පන්දුව යොදා ගැනීම පිළිබඳව තවමත් අවසන් තීරණයකට පැමිණ නැහැ. නමුත් අපි SG පන්දුවෙන් දිගටම ක්‍රීඩා කරනවා ද, මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර ටෙස්ට් තරග සඳහා SG පන්දුව යොදා ගන්නවා ද, නැද්ද තීරණය කරන්නේ මෙවර පළමු පෙළ ක්‍රිකට් තරග වාරය අවසන් කළ පසුවයි.” යැයි එදිරිමාන්න මහතා වැඩිදුරටත් පැවසීය.

එංගලන්තය හතරවැනි දවසින් තරගය අවසන් කරයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ………..

දැනට ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගෙන තිබෙන රටවල් අතරින් පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා SG පන්දුව යොදා ගනු ලබන්නේ ඉන්දියාව පමණක් වන අතර බංග්ලාදේශය SG සහ Kookaburra යන පන්දු දෙකම භාවිතා කරනු ලැබේ. 

ඉන්දියාව ඔවුන්ගේ රට තුල ක්‍රීඩා කරනු ලබන ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා SG පන්දුව යොදාගනු ලබන අතර විරාත් කෝලි, රවිචන්ද්‍රන් අශ්වින් සහ උමේෂ් යාදෙව් වැනි ක්‍රිකට් ක්‍රීඩකයින් එම පන්දුවෙන් වැඩි අත්දැකීම් ලබාගෙන තිබේ. 

Kookaburra පන්දුවේ සිට SG පන්දුව වෙත හුවමාරු වීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අසංක ගුරුසිංහ මහතා බව විශ්වාසදායක ආරංචි මාර්ගවලට අනුව තොරතුරු වාර්තා වේ.

2020 කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 7 වැනි කාන්තා විස්සයි ……..

2018/19 අන්තර් සමාජ පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය තුල දී ද්විත්ව ශතක 15ක්, ශතක 129ක් සහ තවත් ක්‍රිකට් වාර්තාවන් රැසක් අලුත් විය.  ඒ අනුව ගෙවී ගිය තරග වාරය තුල පිතිකරුවන් වැඩි ලෙස දස්කම් දැක්වූ නමුත් SG පන්දුවේ ඔපය සහ සීමය වැඩි වේලාවක් හොඳ මට්ටමේ තිබෙන නිසා SG පන්දුව භාවිතා වන විට පිතිකරුවන්ට පෙරට සාපේක්ෂව ලකුණු රැස් කර ගැනීමට තරමක් අපහසු වනු ඇත. එසේම පන්දු යවන්නන් හට පෙරට වඩා යම් වාසි සහගත තත්වයක් උදාවෙනු ඇතැයි ද අපේක්ෂා කිරීමට හැකිය. 

ඒ අනුව ඉදිරියේ දී පිත්තත් පන්දුවත් අතර හොඳ සමබර සටනක් දැක ගැනීමට හැකි වනු ඇති අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට ද ඉතාමත් සුබදායී වනු ඇතැයි අපි අපේක්ෂාවෙන් සිටිමු. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<