කොල්කටා කණ්ඩායමට නව පුහුණුකරුවෙක්!

251

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස බ්‍රෙන්ඩන් මැකලම් පත්ව ඇත. ඒ 2015 වසරේ ඔක්තෝබර් මස සිට එම ධූරයේ කටයුතු කළ ජැක් කලීස්ගේ ඉවත් වීමත් සමඟිනි.

ලක්මාල් හා දික්වැල්ල ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත…………….

මැකලම් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් 2008 සිට 2010 වසර දක්වා ක්‍රීඩා කළ අතර පසුව 2012/13 තරග වාරය සඳහා ද ඔහු ක්‍රීඩා කළේය. මැකලම් කොල්කටා අනුග්‍රාහකත්වය යටතේ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ටිරින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම ද නියෝජනය කළේය. 

“මේ තනතුර ලැබීම මට ලොකු ගෞරවයක්” ලෙස තම නව තනතුර පිළිබඳව අදහස් දක්වමින් මැකලම් පවසා සිටියේය. මැකලම් තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නේ මෑතක දී ය. 

“නයිට් රයිඩර්ස් පාලනාධිකාරිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ හා කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලොකු වගකීමක් ඉටු කරනවා. අපිට ඒ තරගාවලි දෙකේම හොඳ කණ්ඩායම් දෙකක් ඉන්නවා. මම මගේ පුහුණු කණ්ඩායම සමඟ ලොකු දියුණුවක් ඇතිකරන්න බලාපොරොත්තු වෙනවා.” යයි වැඩිදුරටත් අදහස් දක්වමින් නව පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් පැවසීය.

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු තේරීමේ සටනින් මහේල ඉවතට?

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු භූමිකාව මෙවර කවුරුන් විසින් ඩැහැ ගනී……………

කොල්කටා කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කල සයිමන් කටිච් ද එම තනතුරෙන් ඉවත් වූ අතර ඔහු වෙනුවට කණ්ඩායමට එක්වන පුහුණුකරු මෙතෙක් නම් කර නැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<