Barrett පවුලේ පුංචි අහිංසකාවිය – සාරා

733

බොහෝ නවසීලන්ත All Blacks රසිකයින් මෙන්, කුඩා සාරාත් (Zara) සෑම තරගයකින්ම පසුව ක්‍රීඩකයින්ගේ අවධානය දිනා ගන්නට ඉතාමත්ම කැමති තැනැත්තියක්. නමුත් අනෙක් අයට මෙන් නොව ඇයට නම් ඒ අවධානය නොඅඩුවම ලැබෙනවා. ඒ සුපිරි ක්‍රීඩක Beauden Barrett ඇගේ “ලොකු අයියා” නිසාවෙන්.   

ඕස්ට්‍රේලියාවට අනුශූරතාව හිමි වෙමින් All Blacks ලෝක ශූරයෝ වෙයි

7 වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය රටවල් 20ක සහභාගිත්වය ඇතිව….

Zara හෙවත් හුරතලයට ‘Zars’ 16 වියැති කුඩා දැරිවියක්. ඇය ඉතා විනෝදශීලීයි. ඇය ඉතාම කරුණාවන්තයි. මේ සුන්දර යුවතිය දෛවයේ සරදමකට මෙන් Down syndrome රෝගී තත්වයෙන් පෙළෙන බව ද ඒ සමඟම කනගාටුවෙන් වුවත් කිව යුතුයි. 

නමුත් ඇය දන්නේ නැහැ ඇය වෙනස් කියා. ඇය ජීවිතයට ආදරය කරන අතර සාරා ඊටත් වඩා සිය සහෝදරයින්ට ආදරය කරනවා. 

ඇයගේ මව Robyn හා පියා ‘Smiley’ හට දරුවන් අටක් සිටිනවා. සහෝදරයින් පහක්; Beaudy, Scotty, Jordie, Kane හා Blake. Beauden, Scott හා Jordie ලොවම ප්‍රසිද්ධ සුපිරි ඕල් බ්ලැක්ස් තරුයි.

Barrett පවුලේ සැම සාරා පිළිබඳ තතු ලොවට පවසමින් Down syndrome පිළිබඳව ලෝකවාසීන්ගේ අවධානය යොමු කරන්නට උත්සහ කරනවා. එය ජානමය තත්වයක් වන අතර සෑම නවසීලන්ත ජාතිකයින් 1000කින්ම එක් අයෙකු මෙම තත්වයට මුහුණ දෙන බව සඳහන්. එය කිසිවෙකුගේ වරදක් නොවන බව ලෝක ප්‍රජාවට දැනුම් දීම Barrett පවුලේ ප්‍රධානතම උත්සහයක්. 

 “Down syndrome තත්වයෙන් සිටින යට අපි ආදරය කළ යුතුයි. ඔවුනුත් අපි අතරට ගෙන සමානව සැලකිය යුතුයි.” දෙටු සොයුරු Beauden පවසා සිටිනවා. 

“ඇය හරිම විශේෂයි හා ඒ නිසාම අපි ඇයට ගොඩක් ආදරෙයි. සාරා ඇයට පෙනෙන දේ පිළිබඳ කතා කරන අතරම ඇය ජීවිතයේ ඉතා කුඩා දේ පවා අගය කරනවා.”

සාරා හට බොහෝ Down syndrome රෝගය සහිත පුද්ගලයින්ට මෙන්ම කතා කිරීමේ දුර්වලතාවයක් තිබෙනවා. කෙසේ වෙතත් ඇයට ආදරණීය පවුල ඇයගේ වාචික හැකියාව වැඩි දියුණු කිරීම සඳහා කළ හැකි සියලු උදව් කරනවා.

“සාරා හට අප හැම වෙලාවකම සාමාන්‍ය ලෙස සලකනවා. නවසීලන්තයේ සිටින සෑම Down syndrome රෝගියෙකුටම අවශ්‍ය ඔවුන්ට සාමාන්‍ය ලෙස සැලකීමයි.” Jordie පවසා සිටියා. 

Barrett පවුල නවසීලන්තයේ Taranaki හි කිරි ගොවිපලක් පවත්වා ගෙන යනවා. ඔවුන් පවසා සිටින්නේ Beauden, Jordie හා Scottගේ සාර්ථකවයට හා සාරාගේ සුන්දර ජීවිතයට හේතුව ඔවුන් සියලු දෙනාට එක ලෙස සැලකීම බවයි.  

“ඇය ඉතා විනෝදශීලීයි. හරිම අවංකයි. ඇය හැම වෙලාවකම ඔබට කියනවා ඔබ හරි ආදරණීය සහෝදරයෙකු කියා.” Scott කියා සිටිනවා. 

නවසීලන්තය පුරා සිටින සියලුම Down syndrome රෝගීන් මෙසේ වාසනාවන්ත වන්නේ නැහැ. ඔවුන් සෑම දෙනාටම විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වන අතර රජයෙන් ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කෙරෙන්නේ නැහැ. 

Upsides Downs ස්වේච්ඡා සංවිධානය පවසන්නේ මෙවන් දරුවෙකුට ප්‍රතිකාර කිරීම සඳහා එක් පවුලකට ඩොලර් 4000ක් සිට 10,000ක් දක්වා මුදලක් වසරකට වැය වන බවයි.

Barrett පවුල Upside Downs සංවිධානය සමඟ ඉතා සමීපව කටයුතු කරන්නේ Down syndrome රෝගයට ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයින්ට ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය මුදල් ඉපයීමේ අරමුණින්. ඔවුන්ගේ ප්‍රධානතම ආශාව එවන් අයට කතා කිරීමට හැකියාව ලබා දීමයි. 

“ඔවුන් සංවාදයට එකතු කර ගැනීම ඉතා වැදගත්. එවිට ඔවුන්ටත් සාමාන්‍ය සමාජය සමඟ එකතු වෙන්න පුළුවන්. එවිට ඔවුන්ට හැඟෙනවා ඔවුන්ටත් අගයක් තිබෙන බව.” Beauden පවසා සිටියා. 

All Blacks’ Barrett brothers share sister’s story, raise Down syndrome awareness | Newshub

Meet Zara, the 16-year-old sister of the All Blacks’ Barrett….

“සාරා හට කතා කරන්නට නොහැකි වුනා නම් ඇයට අවංකව කතා කරන්නට බැහැ. ඇයගේ අදහස් අපට කියන්න බැහැ. ඇයට කියන්නට බැරි වෙනවා ඇය අපිට කෙතරම් ආදරෙයි ද කියලා. ඇයට හොඳින් කතා කරන්නට පුළුවන් ඒක හරිම විශේෂයි.” 

Beauden, Jordie හා Scott සිය මව හා පියා සමඟ

ඔවුන් සාමාන්‍ය නවසීලන්ත පවුලක් වුනත් ඔවුන් සියලු දෙනටම විශේෂ දේවල් කරන්නට පුළුවන්.

Barretts සහෝදරයින්ගේ මව Robyn දරුවන්ගේ කටයුතු පාලනය කරමින් නිවසට වී සිටින සාම්ප්‍රදායික නවසීලන්ත ටරනාකි මවක්. 

“සාරා අපි ඔක්කොටම ආදරය ගේනවා. ඇයගේ අවංකකම හරිම නිර්මලයි.”

“සාරා අපි හැමෝටම ඉගැන්නුවා ජීවිතයේ ඇත්තටම වටිනා දේවල් වලට විතරක් මහන්සි වෙන්න කියලා!”

සාරාගේ මව පවසා සිටියා.

NewsHub ඇසුරිනි.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<