ඉන්දියානු දේශීය රග්බි තරගාවලියට ලංකාවෙන් 4ක්

638

ඉන්දීය දේශීය රග්බි ක්‍රීඩා සමාජ තරගාවලිය වෙනුවෙන් විදේශීය ක්‍රීඩකයන් ලෙස එක්වීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු සඳහා අවස්ථාව හිමිවී තිබේ. ඒ සිව් දෙනාම  CH & FC ක්‍රීඩා සමාජයේම ක්‍රීඩකයින් වීම විශේෂත්වයකි.

සත් සාමාජික ශූරතාවය CH&FC උදුරා ගනියි

බස්නාහිර පළාත් සත් සාමාජික රග්බි තරගාවලිය අද (23) දිනය පුරා පොලිස් ක්‍රීඩා සංකීර්ණයේ දී…

යෝෂිත රාජපක්ෂ, සාත්‍ය රණතුංග, ෆාරිස් අලී සහ ඉමේෂ් අපොන්සු එලෙස සහභාගී වන ක්‍රීඩකයින් වේ. ඉන්දියාවේ බැංගලෝර් රග්බි ක්‍රීඩා සමාජය වෙනුවෙන් මේ ක්‍රීඩකයින් තරග කරන අතර තරගාවලිය “ALL-INDIA” තරගාවලිය ලෙස නම් කර ඇත.

වම් කෙළවරේ සිට -(සාත්‍ය රණතුංග, ෆාරිස් අලි, නාමල් රාජපක්ෂ, ඉමේෂ් අපොන්සු සමගින් යෝෂිත රාජපක්ෂ )

එම තරගාවලියේ එක් තරගයක් මේ වන විට පරාජය වී ඇති බැංගලෝර් කණ්ඩායමේ දෙවන තරගය ඔවුන් ජයග්‍රහණය ලබන්නට සමත් වූහ. CCFC (කල්කටා) කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දස්කම් කැපී පෙනිණි. එහි දී යෝෂිත රාජපක්ෂ උත්සාහක දිනුම් දෙකක් ද, ෆාරිස් අලීගෙන් එක උත්සාහක දිනුමක් හා එක් සාර්ථක ප්‍රවර්තනයක් වාර්තා විය.

තරගාවලිය මේ මස අග දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<