ආසියාවේ අයෝමය පුරුෂයා ලංකාවෙන්

689
Lucian Pusparaj

ජාත්‍යන්තර කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා ක්‍රීඩා සංගමයේ සහයෝගය ඇතිව ආසියානු කායවර්ධන මධ්‍යස්ථානය විසින්  සංවිධානය කරනු ලැබූ ආසියානු අයෝමය පුරුෂයා තේරීමේ තරගාවලිය සඳහා සහභාගි වූ ලුෂන් පුෂ්පරාජ්, කිලෝග්‍රෑම් 100ට වැඩි තරග ඉසව්වේ රන් පදක්කම අද (25) ජයග්‍රහණය කළේය.

කොළඹ හොකී තරගාවලිය සාර්ථකව අවසන්

කොළඹ හොකී සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ හොකී ලීග් තරගාවලිය 19….

එම තරග ඉසව්වට සහභාගි වූ අනෙකුත් ක්‍රීඩකයින්ගේ අත්දැකීම් සහ හැකියාවන්ට සාපේක්ෂව ලූෂන්  පුෂ්පරාජ් තරගාවලියේ පළමු දිනයේ සිටම ඉදිරියෙන් පසුවිය.

තවද එහි වැදගත්කම වන්නේ ඔහුට අමතරව සහයකයෙක් මෙම තරගය  සඳහා සහභාගි නොවීමයි.

තමන් සහභාගි වන ඉසව්වේ රන් පදක්කම් මෙන්ම මෙම තරගාවලියේ ශූරතාවය ද ජයග්‍රහණය කිරීම තම එකම අරමුණ බව මීට දින කිහිපයකට ඉහත දී මාධ්‍යවේදීන්ට අදහස් දැක්වීමක් ලූෂන් විසින් ප්‍රකාශ කර ඇති අතර, මේ වන විට එයින් එක් සිහිනයක් සැබෑවක් බවට පත්වී ඇත්තේ ඔහුගේ දක්ෂතාවයන් හා හැකියාවන් ජාත්‍යන්තරයටම කියා පාමිණි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට