දඬුවම් පහර වටයෙන් කොළඹ ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට

731

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ කොළඹ පාපන්දු සමාජය සහ නිව් යංග්ස් පාපන්දු සමාජය අතර අද (17) කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති තරගය නියමිත කාලය අවසානයේ ගෝල 0-0ක් ලෙස සම තත්වයේ පසුවෙමින් නිමා වීමෙන් අනතුරුව දඬුවම් පහර වටයෙන් දඬුවම් පහර 4-1ක් ලෙස තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත් ප්‍රබල කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

FA කුසලානය සොරා ගන්නට සැරසෙන කණ්ඩායම් 8

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය වන FA කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග එළඹෙන සති අන්තයේ දී (නොවැම්බර් 17 සහ 18) කොළඹ…

තරගය ආරම්භයේ සිට ප්‍රතිවාදී අන්තයේ පන්දුව රඳවා ගනිමින් නිව් යංග්ස් ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් සමත් විය. කෙසේ නමුත් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවක් නිර්මාණය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

අනෙක් පසින් නිව් යංග්ස් ක්‍රීඩකයින් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ ආරක්ෂාකාරී ක්‍රීඩා පිළිවෙතක් අනුගමනය කරනු ලැබුවත් පළමු අර්ධයේ මිනිත්තු 10 කාල සීමාව පසුවීමෙන් අනතුරුව ඔවුන් ද පන්දුව ඉදිරියට රැගෙන යමින් ගෝලයක් වාර්තා කරගැනීමට උත්සාහ දැරීය. කෙසේ නමුත් ඔවුන් ද ඒ සඳහා පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට සමත් වූයේ නැත.

කොළඹ පාපන්දු කණ්ඩායම වෙත පළමු අර්ධයේ ගෝලයක් වාර්තා කර ගැනීමට ලැබුණු හොඳම අවස්ථාව ලැබුණේ ආකිබ් ඉසමයිල් හටයි. එහි දී පන්දුව හොඳින් හුවමාරු කරගනිමින් ඉදිරියට රැගෙන ගිය කොළඹ පාපන්දු ක්‍රීඩකයින් අවසානයේ ක්‍රීඩාංගණයේ දකුණු අන්තයේ සිට ගෝල රාමුව අසලට පැමිණි ආකිබ් වෙත එය යොමු කරනු ලැබූ අතර එයට හිසින් පහරක් එල්ල කරමින් පන්දුව ගෝල රාමුව තුළට යොමුකරන්නට ඔහු උත්සාහ දැරුවත් එහි දී පන්දුවේ වේගය නිසි පරිදි පාලනය කරගන්නට අසමත් වීම හේතුවෙන් ඔහු එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියේය.

අනතුරුව නිව් යංග්ස් ක්‍රීඩකයින් හට ගෝල රාමු කලාපය ආසන්නයේ දී නිදහස් පහර අවස්ථාවක් හිමි වූ නමුත් එහි දී එය ලබා ගත් ඩක්සන් වියුස්ලස් එල්ල කළ පහර ගෝල රාමුවට ඉවතින් ඇදී යාම නිසා එම අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් අර්ධ අවසන් පූර්ව වටයට

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා මීගමුව මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම අද (7) සමත් වූයේ කඳාන ද මැසනෝඩ් විදුහල සමඟ…

පසුව තවදුරටත් සිය සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය ක්‍රියාත්මක කළ කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගනු ලැබුවත් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

අනතුරුව තරගයේ 33 වන මිනිත්තුවේ දී නිව් යංග්ස් කණ්ඩායමේ ඉෂාර සඳරුවන් ගෝල රාමු කලාපය ඉවත සිට වේගවත් පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරූ නමුත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉතා ආසන්නව ඉහළින් ඇදී ගිය නිසා ඔහුගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත.

පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ ද කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් පන්දුව ඉදිරියට රැගෙන යමින් ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කරන්නට සමත් වුවත් ඊට සාර්ථකව මුහුණ දුන් නිව් යංග්ස් ක්‍රීඩකයින් ඔවුන්ට ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් ලබා නොදෙන්නට වගබලා ගත්තේය.

පළමු අර්ධය: කොළඹ පාපන්දු සමාජය 00 – 00 නිව් යංග්ස් පාපන්දු සමාජය

පළමු අර්ධයේ දී දියත් කළ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව දෙවන අර්ධයේ ආරම්භයට ද ඒ ආකාරයටම රැගෙන ගිය කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් දිගින් දිගටම ඔවුන්ගේ ගෝලයක් වාර්තා කර ගැනීමේ උත්සාහය දියත් කරන්නට විය. ඒ අනුව නිව් යංග්ස් ක්‍රීඩකයින්ගේ දුර්වල ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය හේතුවෙන් කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් හට ගෝල රාමු කලාපය ආසන්නයේ දී පන්දුව ලබා ගැනීමට අවස්ථාවක් හිමිවුවත් එහි දී ගෝල රාමුවෙන් ඉවතට පැමිණි නිව් යංග්ස් ගෝල රකින ක්‍රීඩක ධනුෂ්ක රාජපක්ෂ පන්දුව ලබා ගනිමින් එහි අනතුර වළකාලන්නට සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අනතුරුව තරගයේ 61 වන සහ 63 වන මිනිත්තුවල දී ගෝලයක් වාර්තා කර ගැනීමට තවත් පැහැදිලි අවස්ථාවන් දෙකක් නිර්මාණය කරගන්නට කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් සමත් වුවත් එම අවස්ථාවන් ද සාර්ථක වූයේ නැත. ඒ අනුව එහි පළමු අවස්ථාවේ දී දීර්ඝ පන්දු ලබා දීමක් හරහා පන්දුව ලබාගත් ආකිබ් ඉතා දක්ෂ ලෙස පන්දුව හසුරුවා ගනිමින් ගෝල රාමු කලාප අන්තයේ සිට පහරක් එල්ල කළත් එහි දී පන්දුව ඉතා ආසන්නයෙන් ගෝල රාමුවට ඉහළින් ඇදී ගියේය. අනතුරුව ඔවුන්ට ලැබුණු දෙවන අවස්ථාවේ දී නායක හිරාන් කණිෂ්ක ගෝල රාමුව තුළට එල්ල කළ වේගවත් පහර සාර්ථකව වළකා ගන්නට ධනුෂ්ක රාජපක්ෂ සමත් විය.

මිනිත්තු කිහිපයකට පසුව කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් හට ගෝල රාමු කලාපය ඉතා ආසන්නයේ නිදහස් පහර අවස්ථාවක් ලැබුනත් එය ද සාර්ථක කරගන්නට ඔවුන් අසමත් විය.

රාජකීය ක්‍රීඩකයන් පළමු ජය වාර්තා කරයි

ඇල්බට් එදිරිසිංහ කුසලානය වෙනුවෙන් දිවයින පුරා කණ්ඩායම් 20ක් තරග වදින 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ අද (28) පැවති තරගයකින් ගෝල 1-0ක ජයක් ලැබීමට කොළඹ…

අනෙක් පසින් නිව් යංග්ස් ක්‍රීඩකයින් අවස්ථා කිහිපයක දී ම ඉක්මන් අවස්ථාවන් හරහා පන්දුව ඉදිරියට රැගෙන යාමට උත්සාහ දැරුවත් එම උත්සාහයන් පහසුවෙන් ව්‍යර්ථ කර දමන්නට කොළඹ පාපන්දු සමාජයේ ප්‍රබල පසුපෙළ බලඇණිය සමත් විය.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරමින් ගෝල වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගන්නට සමත් වුවත් ඒවා සාර්ථකව අවසන් කරගන්නට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත. ඒ අනුව නියමිත කාලය අවසානයේ කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් තරගයේ තීරණය දඬුවම් පහර වටය වෙත යොමුවිය.

සම්පූර්ණ කාලය: කොළඹ පාපන්දු සමාජය 00 – 00 නිව් යංග්ස් පාපන්දු සමාජය

කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම ඔවුන්ට ලැබුණු පළමු දඬුවම් පහර 4ම සාර්ථක කරගන්නට සමත් වූ අතර නිව් යංග්ස් ක්‍රීඩකයින් සාර්ථක කර ගැනීමට සමත් වූයේ ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම පමණි. ඒ අනුව ඔවුන්ට ලැබුණු දෙවන හා තෙවන දඬුවම් පහර අවස්ථා දෙකේ දී ම ඔවුන් එල්ල කළ පහරවල් ගෝල රාමුවට ඉහළින් ඇදී ගියේය. ඒ අනුව දඬුවම් පහර 4-1ක් ලෙස දඬුවම් පහර වටය හරහා තරගයේ ජයග්‍රහණය හිමිකරගත් කොළඹ පාපන්දු ක්‍රීඩකයින් 2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

දඬුවම් පහර වටය: කොළඹ පාපන්දු සමාජය 04 – 01 නිව් යංග්ස් පාපන්දු සමාජය

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<