23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අද (21) දෝහා කටාර් හී කලීෆා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර පළමු දිනයේ සවස් කාලයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග කිහිපයකටම සහභාගී වූ අතර ඒ අතරින් පිරිමි මීටර 100 ඉසව්වේ පළමු වටයේ තෝරා ගැනීමේ තරගයෙන් තෙවන ස්ථානය දිනා ගැනීමට හිමාෂ එෂාන් සමත් විය.
Video – 4X400 පිරිමි කණ්ඩායමක් සහභාගී නොවීම ගැන කනගාටුයි – සජිත් ජයලාල්
23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ පුහුණුකරුවෙකු…
අද දිනයේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් අමිහිරි සිදුවීම් මාලාව නිසා මුළුමහත් ලෝකයම කම්පා වී සිටින මොහොතක හිමාෂ එෂාන් ද සිය ඉසව්වට සහභාගී වූයේ එක් අතක කළු පටියක් පැලඳ සිය ශෝකය ප්‍රකාශ කරමිනි.
මීටර 100 පළමු වටයේ තෝරාගැනීමේ තරගයෙන් හිමාෂ එෂාන් තෙවැනි ස්ථානය දිනා ගත්තේ තත්පර 10.46ක කාලයක් වාර්තා කරමිනි. කෙසේ නමුත් ඔහුගේ මීටර 100 හොඳම කාලය ලෙස වාර්තා වන්නේ තත්පර 10.22කි. මේ ජයග්‍රහණයත් සමඟින් ඔහු ඉදිරි වටයට සුදුසුකම් ලබා ගත් අතර එම තරගය අද (22) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8.15ට පැවැත්වීමට නියමිතයි.
අද දිනයේ දී මීටර 400 අවසන් තරගයට මුහුණ දුන් නදීෂා රාමනායක එම ඉසව්වේ 6 වැනි ස්ථානය දිනා ගන්නට සමත් විය. ඇය විසින් ඉසව්ව නිමා කිරීමට තත්පර 53.98ක කාලයක් වැය කළාය. එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බහරේන් ක්‍රීඩිකාවක් (තත්පර 51.34) සමත් වූ අතර තත්පර 53.19ක කාලයක් වාර්තා කළ කසකස්තාන ක්‍රීඩිකාව දෙවන ස්ථානය දිනා ගන්නා ලදි. තෙවැනි ස්ථානය දිනා ගනු ලැබුවේ ඉන්දියානු ක්‍රීඩිකාවක් (තත්පර 53.21) විසිනි.
Photo Album : 23rd Asian Athletics Championship – Day 1
ශ්‍රී ලංකා තරගකරුවන් ආරම්භයේ දී ම වැඩ පෙන්වයි
පළමු දිනයේ උදෑසන පැවති තරග සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙදෙනාම ඔවුන් සහභාගී වූ තරග වටයන් හී ඉදිරියට යෑමට සමත් විය.

ගයන්තිකා එම ඉසව්වේ ප්‍රථමයා බවට පත්වූයේ මිනිත්තු 2.05.20ක කාලයක් වාර්තා කරමිනි. එම ඉසව්වේ දෙවන ස්ථානය ජපන් ක්‍රීඩිකාවක් විසින් දිනා ගත් අතර ඇය වාර්තා කළ කාලය මිනිත්තු 2.05.33කි.
මීටර 800 පළමු (Heat 01) තෝරාගැනීමේ තරග වටයේ සිව්වැනි ස්ථානය දිනා ගත් නිමාලි ඒ සඳහා ගත කළ කාලය මිනිත්තු 2.05.10කි එම වටයේ ප්‍රථම ස්ථානය චීන ක්‍රීඩිකාවක් විසින් දිනා ගත්තේ මිනිත්තු 2.04.93ක කාලයක් වාර්තා කරමිනි.
හිමාෂට හා ගයන්තිකාට නව ඉසව්
ආසියානු මලල ක්‍රීඩා ශුරතාවය සඳහා ශ්‍රී ලංකා සංචිතය මේ වන විටත් දිවයිනෙන් ……

මීටර 400 පිරිමි ඉසව්වේ පළමු වටයේ තෙවැනි තෝරා ගැනීමේ තරගයේ 3 වැනි ස්ථානය දිනා ගැනීමට අජිත් ප්‍රේමකුමාර සමත් විය. ඔහු විසින් ඒ සඳහා වැය කළ කාලය තත්පර 47.31කි. එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ජපන් ක්‍රීඩකයෙක් සමත් වූයේ තත්පර 46.00ක් කාලයක් වාර්තා කරමිනි. දෙවන ස්ථානය දිනා ගනු ලැබුවේ කොරියානු ක්‍රීඩකයෙකු විසිනි. (තත්පර 47.01කි)
පිරිමි තුන් පිම්ම තෝරාගැනීමේ වටයේ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට ග්‍රේෂන් ධනංජය සමත් වූ අතර ඔහු විසින් වාර්තා කළ දුර ප්‍රමාණය මීටර 15.87කි.
https://www.youtube.com/watch?v=1Res6KTF9OA

මීටර 800 පළමු වටයේ තෙවන තෝරාගැනීමේ තරගයේ තුන් වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය කරමින් සහභාගී වූ රුසිරු චතුරංග සමත් වූයේ මිනිත්තු 1.50.55 කාලයක් සටහන් කරමිනි.
එම වටයේ ප්‍රථම ස්ථානය කටාර් රාජ්‍යයට (මිනිත්තු 1.50.12) හිමි වූ දෙවැනි ස්ථානය චීනයට (මිනිත්තු 1.50.31) හිමි විය.
අද දිනත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන තරග ඉසව් කිහිපයක්ම පැවැත්වෙන අතර එම සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්.
ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ සියලු තරග ප්‍රතිඵල, ඡායාරූප, වීඩියෝ දසුන් එසැණින් ඔබ වෙත ගෙන ඒමට සූදානම්. පිවිසෙන්න ThePapare.com වෙබ් අඩවියේ #AAC19 වෙත.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















