Home Sinhala ගියවර ආසියානු ශූරයෝ මෙවර කලින්ම ගෙදර එයි

ගියවර ආසියානු ශූරයෝ මෙවර කලින්ම ගෙදර එයි

123

ආසියානු නැගී එන කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (18) ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන නැගී එන කණ්ඩායම අතර Cox’s Bazar ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. එම තරගයෙන් කඩුලු 7ක දැවැන්ත පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය.

ගියවර ශූරයෝ කළින්ම තරගාවලිය නිමා කරන ලකුණු!

ආසියානු නැගී එන කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් …….

ඒ අනුව ආසියානු නැගී එන කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වැඩිම වතාවක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වූයේ මූලික වටයේ සහභාගී වූ තරග තුනම පරාජයට පත්වෙමිනි.  

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පළමුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු වාර්තා කර ගත්තේ ලකුණු 238ක් පමණි. 

නායක චරිත් අසලංක, මිනෝද් භානුක සහ කමිඳු මෙන්ඩිස් ලබාගත් ලකුණු හැරෙන්නට අනෙක් කිසිදු පිතිකරුවෙක් හට ලකුණු 9 සීමාව ඉක්මවා ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නොමැත. 

පැතුම් නිස්සංක තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර නායක අසලංක හා පිටියේ එක්වූ මිනෝද් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක සබඳතාවයක් ගොඩනංවමින් අසාර්ථක වූ ශ්‍රී ලංකා ආරම්භය තරමක් දුරට ස්ථාවර කළේය.

පන්දු 62ක් සඳහා මුහුණ දෙමින් 4 පහර 4ක් සහ එක් 6 පහරක් සමඟ ලකුණු 42ක් ලබා ගත් මිනෝද් දැවී ගිය පසුව අසලංක හා ක්‍රියාත්මක වූ කමිඳු මෙන්ඩිස් සිව්වැනි කඩුල්ලට ලකුණු 115ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවූයේ ශ්‍රී ලංකාවට තරගය පිළිබඳව යම් බලාපොරොත්තුවක් ගෙනෙමිනි. 

එහි දී නායකත්වයේ පිතිකරණයක නිරත වූ අසලංක 4 පහර 6ක් සහ 6 පහර 3ක් සමඟ ලකුණු 100ක් වාර්තා කරගන්නා විට ඔහුට සහය වූ මෙන්ඩිස් ලකුණු 63ක් වාර්තා කරගත්තේය. පන්දු 71ක් තුල වාර්තා වූ මෙන්ඩිස්ගේ එම ඉනිමට 4 පහර 6ක් සහ එක් 6 පහරක් ඇතුළත්ය. 

ලකුණු 202ක් වන විට ශ්‍රී ලංකාවේ කඩුලු 4ක් දැවී ගොස් තිබූ අතර ශ්‍රී ලංකා අවසන් කඩුලු 6 ලකුණු 36ක් තුල බිඳ වැටීම තරගය පරාජය වීමට බලපෑ ප්‍රබල සාධකයක් විය. පසුගිය දා පැවති පාකිස්තානු තරගයේ දී ද ශ්‍රී ලංකා අවසන් කඩුලු 7 ලකුණු 4ක් තුල බිඳ වැටුණි. 

ඒ අනුව ඇෆ්ගන් පන්දු යවන්නෝ සිය හැකි උපරිම දස්කම් පෙන්වමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ව උපරිම ලෙස පාලනය කරන ලදි.

එහිදී  අස්මතුල්ලා ඕමරාසි සහ අබ්දුල් නූරි කඩුලු 3 බැගින් දවා ගත්තේය. යූසුෆ් සසායි කඩුලු 2යි.

අලුත් මුහුණුවරකින් එන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මීළඟ වසරේ සිට ………

ලකුණු 239ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය තරගයේ පළමු පන්දුවේ සිටම ඉතාමත් හොඳ සැලසුමකට අනුව පිතිකරණයේ නිරත වූයේ තරගය ජය ගන්නා කණ්ඩායමට (විශේෂයෙන් ඇෆ්ගනිස්තානයට) අවසන් පූර්ව වටයේ ඉඩකඩ ලැබීමට වැඩි ඉඩක් තිබෙන නිසාවෙනි. 

ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන් යුගලය වූ අබ්දුල් හුසේන් සහ ශහිදුල්ලා කමල් පළමු කඩුල්ල සඳහා ලකුණු 99ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් මේ තරගය ජය ගැනීම සඳහා ඔවුන්ට සාර්ථක අඩිතාලමක් සකස් කර දුන් අතර ඒ සඳහා ඔවුන් දෙදෙනා පන්දුවාර 18කුත් පන්දු 3ක් වැය කළේය. 

එයින් ලබා ගත් සාර්ථක අඩිතාලම ජයග්‍රහණය දක්වාම රැගෙන ගිය ඇෆ්ගනිස්තාන මුල්පෙළ පිතිකරුවන් පස්දෙනා පන්දුවාර 44යි පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය. 

ඔවුන්ගේ ඉනිම පුරාවට නොදැවී ක්‍රීඩා කළ ශහිදුල්ලා 4 පහර 7ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් නොදැවී ලකුණු 102*ක් වාර්තා කරගන්නා ලදි. ඊට අමතරව අබ්දුල් රාසුල් සහ අබ්දුල් හුසේන් පිළිවෙළින් ලකුණු 61ක් සහ ලකුණු 47ක් වාර්තා කරගනිමින් ඇෆ්ගනිස්තානයට පහසුවෙන්ම අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට අවශ්‍ය මඟ සකස් කළේය. 

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වන  අසිත ප්‍රනාන්දු සහ කලණ පෙරේරා එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

ඒ අනුව මේ A කාණ්ඩයේ පළමු ස්ථාන දෙක දිනා ගත් පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ B කාණ්ඩයේ පළමු ස්ථාන දෙක දිනා ගත් බංග්ලාදේශය සහ ඉන්දියාව මේ තරගාවලියේ අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි. 

Result


Sri Lanka Emerging Team
238/10 (49.5)

Afghanistan Emerging
242/3 (44.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Tariq Stanikzai b Yousuf Zazai 0 1 0 0 0.00
Minod Bhanuka c Munir Ahmad b Shahidullah 42 60 0 0 70.00
Hasitha Boyagoda c Munir Ahmad b Azmatullah Omarzai 8 18 0 0 44.44
Charith Asalanka c Munir Ahmad b Azmatullah Omarzai 100 106 6 3 94.34
Kamindu Mendis st Munir Ahmad b Abdul Wasi 63 71 6 1 88.73
Ashen Bandara c Azmatullah Omarzai b Abdul Wasi 1 2 0 0 50.00
Sammu Ashan lbw b Abdul Wasi 1 4 0 0 25.00
Chamika Karunarathne b Tariq Stanikzai 5 15 0 0 33.33
Kalana Perera b Azmatullah Omarzai 9 15 0 0 60.00
Amila Aponso b Yousuf Zazai 0 3 0 0 0.00
Asitha Fernando not out 1 4 0 0 25.00


Extras 8 (b 1 , lb 1 , nb 0, w 6, pen 0)
Total 238/10 (49.5 Overs, RR: 4.78)
Fall of Wickets 1-0 (0.1) Pathum Nissanka, 2-25 (7.6) Hasitha Boyagoda, 3-87 (18.4) Minod Bhanuka, 4-202 (39.3) Kamindu Mendis, 5-204 (39.6) Ashen Bandara, 6-208 (41.3) Sammu Ashan, 7-215 (44.2) Chamika Karunarathne, 8-233 (47.4) Charith Asalanka, 9-234 (48.3) Amila Aponso, 10-238 (49.5) Kalana Perera,

Bowling O M R W Econ
Yousuf Zazai 9 2 26 2 2.89
Azmatullah Omarzai 9.5 0 36 3 3.79
Abdul Malik 2 0 19 0 9.50
Shahidullah 6 0 38 1 6.33
Abdul Wasi 10 0 50 3 5.00
Tariq Stanikzai 6 0 30 1 5.00
Samiullah Shinwari 7 0 37 0 5.29


Batsmen R B 4s 6s SR
Abdul Malik run out (Amila Aponso) 47 54 6 1 87.04
Shahidullah not out 102 137 7 3 74.45
Bahir Shah c Minod Bhanuka b Charith Asalanka 10 18 1 0 55.56
Darwish Rasooli c Kamindu Mendis b Kalana Perera 61 59 2 5 103.39
Samiullah Shinwari not out 7 3 0 1 233.33


Extras 15 (b 0 , lb 5 , nb 3, w 7, pen 0)
Total 242/3 (44.5 Overs, RR: 5.4)
Fall of Wickets 1-99 (18.3) Abdul Malik, 2-114 (23.5) Bahir Shah, 3-233 (43.4) Darwish Rasooli,

Bowling O M R W Econ
Asitha Fernando 4 0 33 0 8.25
Kalana Perera 6 1 30 1 5.00
Amila Aponso 10 0 33 0 3.30
Chamika Karunarathne 6 0 32 0 5.33
Charith Asalanka 8 0 34 1 4.25
Kamindu Mendis 4 0 24 0 6.00
Ashen Bandara 3.5 0 22 0 6.29
Sammu Ashan 3 0 29 0 9.67



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<