ජාතික මට්ටමේ බීච් වොලිබෝල් තරගාවලියක් ළඟදීම

218

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ශ්‍රී ලංකා බීච් වොලිබෝල් සංගමයේ එක්ව සංචිධානය කරනු ලබන ජාතික බීච් වොලිබෝල් තරගාවලිය මාර්තු මස 31 වැනිදා සහ අප්‍රේල් මස 1 වැනිදා මීගමුව කුඩාපාඩුව බීච් පාර්ක් හිදී පැවැත්වේ.

2018 වොලිබෝල් ක්‍රීඩාවේ විප්ලවීය වර්ෂය කරනවා – රංජිත් සියඹලාපිටිය

පාසල් වොලිබෝල් ක්‍රීඩකයින්ට අනාගතය දිනන්නට වේදිකාව තනා දෙන තරගාවලිය ලෙස සැලකෙන “DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලිය” ….

මීගමුවේ පැවැත්වෙන මූලික වටයේ තරගවලින් අවසන් මහා තරගයට  සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය තුල ඉදි කරන ලද නව බීච් වොලිබෝල් ක්‍රීඩාංගණයේ දී අප්‍රේල් මස 1 වැනිදා ක්‍රීඩා කරයි. තරගාවලිය විවෘත හා වයස අවුරුදු 21න් පහළ වශයෙන් වයස් කාණ්ඩ දෙකක් යටතේ පිරිමි හා කාන්තා වශයෙන් පැවැත්වේ.

වයස අවුරුදු 21න් පහළ වයස් කාණ්ඩය සඳහා 2018 මාර්තු මස 30 දිනට වයස අවුරුදු 21ට අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අයැදුම් කළ හැකිය. එක් පිළකට ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් වශයෙන් සහභාගි විය හැකි අතර ඒ සඳහා ජාත්‍යන්තර බීච් වොලිබෝල් නීතිරීති වලට ගැළපෙන පරිදි ක්‍රීඩා ඇදුමින් සහභාගි විය යුතුයි.

ඔබ විසින් සකස් කර ගන්නා ලද අයදුම්පත්‍ර පහත දැක්වෙන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ 0112688876 යන අංකයට ෆැක්ස් කිරීමට හැකිය.

ලේකම්, (බීච් වොලිබෝල්)

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය,

අංක 33,

ටොරිංටන් පෙදෙස,

කොළඹ 07.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<