සුලෝහිත සංග්‍රාමයේ 90 වැනි අදියර ලබන මස මුලදී

135

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර ආචාර්ය එන්. එම්. පෙරේරා අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන “සුලෝහිත සංග්‍රාමයේ” 90 වැනි දිගහැරුම මාර්තු මස 2 සහ 3 කොළඹ SSC ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේ පැවති 89 වැනි සුලෝහිත සංග්‍රාමය ජය-පරාජයෙන් තොරව අවසන් වූ නමුත් එක්දින තරගය ජයග්‍රහණය කිරීමට නාලන්දා ක්‍රීඩකයින් සමත් විය.

දිලුම් සුදීර රිච්මන්ඩ් විද්‍යාලයට පෙරළිකාර ජයක් ගෙනෙයි!

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් පිටියට අද..

90 වැනි සුලෝහිත සංග්‍රාමය සඳහා මෙවර සාඩම්බර අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සබඳතා සහකරු වන ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරනු ලබයි. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (26) ආනන්ද විද්‍යාල කුලරත්න ශාලාවේ දී පැවැත්විය.

ආනන්ද විදුහලේ නායකයා වන කමේෂ් නිර්මාල් මෙවර තරගාවලියේ ලකුණු 1000 සීමාව ඉක්මවා සිටින පිතිකරුවන් කිහිප දෙනාගෙන් එක් පිතිකරුවෙක් වන අතර මාධ්‍ය හමුවට සහභාගී වූ ඔහු ThePapare.com හමුවේ මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

Photos: Ananda – Nalanda Annual Cricket Encounter 2019 – Press Conference

“තරග ජයග්‍රහණයට වඩා කණ්ඩායම් දෙකම සහෝදරත්වයෙන් ක්‍රීඩා කිරීම තමා ගොඩක් වටින්නේ, කණ්ඩායම සමඟ ඉතාමත් හොඳින් හා හොඳ ජීවගුණයක් පවත්වා ගෙන තරගය ක්‍රීඩා කරලා ආනන්ද විද්‍යාලයට ජය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.”

නොකඩවා දෙවන වතාවටත් නාලන්දා විදුහලට නායකත්වය සපයන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පවා නියෝජනය කළ ලක්ෂිත රසාංජන ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ඔවුන් මෙවර තරග වාරයේ දී ඉතාමත් හොඳින් ක්‍රීඩා කර ඇති බවත්, පසුගිය වසරේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් මෙවර සැලැස්මකට අනුව ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කිරීම තම අපේක්ෂාව බවයි.

ලෝක ශූර සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ක්‍රිකට් තහනම් කෙරේ!

හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවෙකු වන සනත් ජයසූරියට …

සුලෝහිත සංග්‍රාමයේ ඉතිහාසය 1924 තරම් ඈතට විහිදී යන අතර එම වසරේ දී ආනන්ද විදුහල වෙනුවෙන් නායකත්වය දැරුවේ කේ. ඒ. පී. රාජකරුණා විසිනි. නාලන්දාව මෙහෙය වනු ලැබුවේ බී. එස්. පෙරේරා විසිනි. කෙසේ නමුත් වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසාවෙන් ප්‍රථම තරගය පැවැත්වීමට නොහැකි විය. ඊට පසු වර්ෂය එනම් 1925 දී ආනන්ද විදුහල, පසු කලෙක ප්‍රබල දේශපාලනඥයෙකු වූ එන්. එම්. පෙරේරා මහතා විසින් මෙහෙය වනු ලැබීය.

එසේ ආරම්භ වූ මෙම පාසල් මහා ක්‍රිකට් තරගය අඛණ්ඩව වසර 89ක් පුරාවට පැවති අතර මේ හරහා පාසල් දෙකෙන්ම ක්‍රිකට් පිටියට නිර්මාණය කර දුන් විශිෂ්ටයින් ගණන අතිවිශාලය.

සල්පිටි රයිගම් එක්දින කුසලානය 4 වැනි වතාවටත් පිළියන්දලට

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්‍ෂිලා…

මාධ්‍ය හමුව සඳහා ආනන්ද විද්‍යාලයීය විදුහල්පති එස්. එම්. කීර්තිරත්න, නාලන්දා විද්‍යාලයීය විදුහල්පති තිලක් වාස්තුහේවා, ඩයලොග් ආසිආටා ආයතනයේ සමූහ ප්‍රධාන නිලධාරි – වැඩසටහන් කළමනාකරණ, ටෙලි-යටිතල පහසුකම් සහ සමූහ කණ්ඩායම් කළමනාකරණ නිලධාරි උපාලි ගජනායක, ඇතුළු නිලධාරී මහත්වරුන් කිහිපදෙනෙක් පැමිණ සිටියහ.

මේ අතර පී. ද. එස්. කුලරත්න කුසලානය වෙනුවෙන් 45 වැනි වතාවටත් පැවැත්වෙන ආනන්ද – නාලන්ද වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මාර්තු මස 17 වැනිදා SSC ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි.

90 වැනි සුලෝහිත සංග්‍රාමය හා 45 වැනි එක්දින තරගය ඩයලොග් TV නාලිකා අංක 1, ඩයලොග් MyTV හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීව ලෙස ඔබ වෙත සමීප කරන්නට සූදානමින් සිටියි. එසේම තරග වාර්තා, තරග පෙර විමසුම්, විශේෂ වීඩියෝ, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

>>Photos: Ananda – Nalanda Annual Cricket Encounter 2019 – Press Conference<<