ලෝක ශූර සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ක්‍රිකට් තහනම් කෙරේ!

968

හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවෙකු වන සනත් ජයසූරියට වසර දෙකක් යනතුරු ක්‍රිකට් තහනම් කිරීමට ICC දූෂණ මර්දන ඒකකය තීරණය කර තිබේ. ඒ ICC දූෂණ මර්දන ඒකකයේ පරීක්ෂණවලට සහයෝගය නොදීම නිසාවෙනි.

ජයසූරියට එරෙහිව ICCය චෝදනා ගොනු කරයි

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සනත් ජයසූරිය මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති 2ක් කඩ කර ඇති බව අනාවරණය වී ඇති නිසාවෙන් …

ICC දූෂණ මර්දන වගන්ති අංක 2.4.6 හා 2.4.7 කඩ කිරීම නිසා සනත් ජයසූරිය හට මේ දඬුවම හිමිව තිබේ. ඒ අනුව ICC දූෂණ මර්දන ඒකකය පවත්වා ගෙන යන පරීක්ෂණයකට සහය නොදීම, ICC දූෂණ මර්ධන ඒකකය පවත්වා ගෙන යන පරීක්ෂණයකට බාධා කිරීම යන චෝදනා නිසා සනත්ට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කටයුතු වසර දෙකකට තහනම් වනු ඇත.

දූෂණ විරෝධී පනතේ 2.4.6 වගන්තිය – දූෂණ විරෝධී අංශය විසින් සිදු කරන ලද ඕනෑම පරීක්ෂණයක් සමඟ සහයෝගීව කටයුතු නොකිරීම, සාධාරණීකරණය කිරීමකින් තොරව, ප්‍රතික්ෂේප කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම, එවැනි පරීක්ෂණයක කොටසක් ලෙස දූෂණ විරෝධී අංශය විසින් ඉල්ලා සිටින ඕනෑම තොරතුරක් හෝ ලියකියවිලි නිවැරදිව සම්පූර්ණ කිරීම සඳහා අසමත් වීම.

දූෂණ විරෝධී පනතේ 2.4.7 වගන්තිය – දූෂණ විරෝධී අංශය විසින් සිදු කළ ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම, ප්‍රමාද කිරීම එම විමර්ශනයට අදාළ විය හැකි වෙනත් තොරතුරු, සාක්ෂි හෝ දූෂිත සාක්ෂි සොයා ගැනීම සඳහා හේතු විය හැකි සාධක ලේඛන හෝ අදාළ සාක්ෂි විනාශ කිරීම.

ICC චෝදනාවට ජයසූරියගෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ වගන්ති දෙකක් කඩ කිරීම නිසාවෙන් ඔහුට…

සනත් ජයසූරිය ඔහුට චෝදනා එල්ල වූ අවස්ථාවේ ලිපියකින් ICCය වෙත දන්වා සිටියේ එම කිසිදු චෝදනාවක් තරග පාවා දීම, තණතීරු සකස් කිරීම හෝ එවන් වරදක් සම්බන්ධයෙන් නොවන බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පවසා තිබුණා. “මම ක්‍රීඩාවට සම්බන්ධ සෑම කරුණක දී ම, සෑමවිටම නීත්‍යානුකුලව හා පාරදෘශ්‍ය ලෙස කටයුතු කර තිබෙනවා සහ මම දිගටම එසේ කටයුතු කරනවා.”

ඒ අනුව ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ICC ය සංවිධානය කරන/ ක්‍රිකට් සම්බන්ධ කිසිදු කටයුත්තකට සහභාගී වීම තහනම් වනු ඇත.

ICC දඬුවමට ප්‍රතිචාර ලෙස සනත් මෙසේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

“ක්‍රීඩාවට ඇති ආදරය නිසා මම තීරණය කළා මේ දඬුවම භාරගෙන වැරැද්ද පිළිගන්න.”

“මට විරුද්ධව චෝදනා ගොනු වූ දවස වූ 2018 ඔක්තෝබර් 15 වැනිදා සිටම මම ස්වකැමැත්තෙන්ම ක්‍රීඩාවෙන් ඉවත්ව කටයුතු කළා.”

“ICCයේ දූෂණ මර්දන ඒකකය හා මාගේ නීතිඥයින් සාකච්ඡා කර 2018 ඔක්තෝබර් 15 වැනිදා සිට ගෙවී යන පරිදි වසර දෙකක අත්හිටවූ තරග තහනමකට එකඟ වුනා.”

“කෙසේ වෙතත් මම මා සතු තොරතුරු සියල්ල ICCය වෙත ලබා දුන්නත් ඔවුන් මට මේ තහනම පැනවීම හරිම අවාසනාවන්තයි, ඔවුන් මේ දඬුවම මට පනවන්නේ මට විරුද්ධව කිසිදු දූෂණ චෝදනාවක් නැති පසුබිමකයි.”

පාකිස්තානය හමුවේ සත්කාරක ශ්‍රී ලංකාව අසරණ වේ

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය නිමාව දුටුවේ පාකිස්තාන….

“මම නැවත කියනවා මම සෑම විටම ඉතා පාරදෘශ්‍ය ලෙස කටයුතු කළා, මගේ ක්‍රිකට් දිවිය පුරාවට, මම සෑම විටම මගේ රට හා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ෂකයින් පෙරමුණේ තැබුවා.”

“මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ රසිකයින්ට හා ශ්‍රී ලාංකික ජනතාවට මේ අපහසු වෙලාවේ මාත් සමඟින් ඉන්න එක ගැන.”

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ සනත් ජයසූරිය 2011 වසරේ දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ලකුණු 13430ක් හා කඩුලු 323ක් රැස් කරගෙන සිටියා. ඔහු විශ්‍රාම ගැනීමෙන් අනතුරුව දෙවරක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කිරීම විශේෂත්වයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<