වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සමශූරයින් ලෙසින් LB ෆිනෑන්ස් සහ MAS හෝල්ඩිංග්ස් – යුනිචෙලා කණ්ඩායම් නම් කෙරුණි. ඒ තරගයේ විසඳුමක් සොයා යෑමේ දී අනවසරයෙන් පැමිණි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි.
ඩිල්ෂාන්ගේ සොහොයුරු සම්පත්ගෙන් සුපිරි දස්කම්
27 වැනි වෙළඳසේවා පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව…
කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය අයහපත් තත්ත්වය හේතුවෙන් ආරම්භ වූයේ පන්දුවාර 42ක තරගයක් ලෙසිනි. නමුත් තරගය අතරමග දී නැවත වතාවක් අයහපත් කාලගුණ තත්ත්වය බාධා කිරීම හේතුවෙන් පන්දුවාර 37ක තරගයක් බවට පරිවර්තනය විය.
කාසියේ වාසිය දිනූ MAS හෝල්ඩිංග්ස් – යුනිචෙලා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි LB ෆිනෑන්ස් ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 259ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට යුනිචෙලා ක්‍රීඩකයෝ ලබා සිටියේ කඩුලු 6ක් දැවී ලකුණු 109කි. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කෙරුණ ඩක්වර්ත් ලුවිස් ගණනය කිරීම අනුව යුනිචෙලා ක්‍රීඩකයන්ට තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට නම් ලකුණු 279ක් ලබා ගත යුතුව තිබුණි.
Photos: LB Finance vs MAS Unichela | 27th Singer-MCA Premier League 2020 – Knock-Out stage – Finals
පෙරවරුවේ LB ෆිනෑන්ස් ඉනිම ආරම්භ කළේ ලක්ෂාන් රොද්‍රිගෝ සහ සදීර සමරවික්‍රම ය. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 62ක සබඳතාවක් ගොඩ නැගූහ. පළමු කඩුල්ල ලෙසින් ලක්ෂාන් රොද්‍රිගෝ පන්දු 19ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 45ක් ලබා ගත්හ.
පළමු කඩුල්ල බිඳ වැටී ලකුණු 18ක් ඉනිමට එක්වෙද්දී කුසල් මෙන්ඩිස් ලකුණු 5කට දැවී ගියේය. අනතුරුව ඉනිමේ දී ලකුණු 101ක සබඳතාවක් ගොඩ නැගීමට සදීර සමරවික්‍රම සහ ධනංජය ද සිල්වා සමත් වීම කැපී පෙනුණි. ධනංජය ද සිල්වා ටී. එම්. ඩිල්ෂාන්ගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ලකුණු 59ක් LB ෆිනෑන්ස් ඉනිමට එක් කරමිනි. ඔහුගේ ඉනිම පන්දු 65කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය.
සෑම ක්‍රීඩාවකටම අභියෝගයක් වන මානසික ආතතිය
පසුගිය සති කීපය තුල සිදු වූ සිදුවීම් කීපයක් ජාත්‍යන්තර ක්‍රීඩාවේ වඩාත්…
LB ෆිනෑන්ස් ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ ඇන්ජලෝ පෙරේරා ය. ඔහු ලකුණු 18ක් ලබා ගත්තේය. මැදපෙළින් පිටියට පිවිසි චරිත් අසලංක පන්දු 16ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් එක් කළේය. LB ෆිනෑන්ස් ඉනිම අවසන් වන විට ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 97ක් ලබා සිටියේය. ඊට අමතරව අනෙක් අන්තයෙන් අශේන් බණ්ඩාර (1) නොදැවී පිටියේ රැඳී සිටියේය.
කඩුලු ලබා ගැනීමේ දී ලහිරු ජයරත්න ලකුණු 47කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ලහිරු මධුශංක, ඩි පෙරේරා සහ ටී. එම්. ඩිල්ෂාන් කඩුල්ල බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉනිම ආරම්භ කළේ ටී. එම්. සම්පත් සහ කුසල් පෙරේරා ය. ඔවුන් දෙදෙනාට වැඩි සබඳතාවක් ගොඩනැගීමට LB ෆිනෑන්ස් ක්‍රීඩකයෝ අවස්ථාව සැලසුවේ නැත. යුනිචෙලා ඉනිම ලකුණු 7ක් වෙද්දී කුසල් පෙරේරා කඩුල්ල පූජා කරමින් දැවී ගියේ ලකුණු 4ක් තම නම ඉදිරියේ සටහන් වෙද්දීය. ඉන් අනතුරුව දෙවැනි කඩුල්ල ලකුණු 24 දී ඉනිමේ අංක 1 පිතිකරු ටී. එම්. ඩිල්ෂාන්ගේ ඉනිම ද නිමා කිරීමට ප්‍රතිවාදීන් සමත් වූහ. ඒ වෙද්දී ඩිල්ෂාන් රැස් කරගෙන සිටියේ ලකුණු 15ක් පමණි.
යුනිචෙලා ඉනිමේ යම්තම් හිස එසවූ සබඳතාවක් ආරම්භ කළේ අනෙක් ආරම්භක පිතිකරු ටී. එම්. සම්පත් සහ මහේල උඩවත්ත ය. ඔවුන් දෙදෙනා අතුරින් ටී. එම්. සම්පත් පන්දු 10කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමගින් ලකුණු 13ක් ලබා සිටිය දී පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේය.
නිපුන්ගේ ඒක පුද්ගල ප්‍රසංගයේ දී යුගාත්ගෙන් කඩුලු 10ක්
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස…
අනතුරුව ප්‍රියමාල් පෙරේරා ද ලකුණු 67ක් වෙද්දී දවා ගැනීමට LB ෆිනෑන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. ප්‍රියමාල් පන්දු 14කට මුහුණ දී හයේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගත්තේය. කමිඳු මෙන්ඩිස්ට ලබා ගත හැකි වූයේ ලකුණු 6කි.
තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නතර කරන විට චාමර සිල්වා පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා සිටි අතර ලහිරු මධුශංක අනෙක් අන්තයෙන් ලකුණක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියේය.
කඩුලු ලබා ගැනීමේ දී කවික ඩිල්ෂාන් ලකුණු 17කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතරව ආරම්භක වේගපන්දු යවන ශිරාන් ප්‍රනාන්දු ද කඩුලු 2ක් දවා ගත්තේය. ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක ද කඩුල්ල බැගින් දවා ගත්හ.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lakshan Rodrigo | c T. M. Sampath b Lahiru Jayaratne | 45 | 19 | 6 | 3 | 236.84 |
Sadeera Samarawickrama | not out | 97 | 97 | 5 | 3 | 100.00 |
Kusal Mendis | c T. M. Sampath b Lahiru Jayaratne | 5 | 11 | 0 | 0 | 45.45 |
Dhanajaya de Silva | c Priyamal Perera b T M Dilshan | 59 | 65 | 1 | 0 | 90.77 |
Angelo Perera | c Priyamal Perera b Dilruwan Perera | 18 | 13 | 2 | 1 | 138.46 |
Charith Asalanka | c Priyamal Perera b Lahiru Madushanka | 25 | 16 | 1 | 2 | 156.25 |
Shiran Fernando | run out (Lahiru Madushanka) | 0 | 1 | 0 | 0 | 0.00 |
Ashen Bandara | run out (T. M. Sampath) | 1 | 2 | 0 | 0 | 50.00 |
Extras | 9 (b 0 , lb 0 , nb 1, w 8, pen 0) |
Total | 259/7 (37 Overs, RR: 7) |
Fall of Wickets | 1-62 (5.1) Lakshan Rodrigo, 2-80 (9.4) Kusal Mendis, 3-181 (27.2) Dhanajaya de Silva, 4-212 (31.3) Angelo Perera, 5-254 (36.1) Charith Asalanka, 6-254 (36.2) Shiran Fernando, 7-259 (36.6) Ashen Bandara, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lahiru Madushanka | 8 | 0 | 68 | 1 | 8.50 | |
Lahiru Jayaratne | 7 | 0 | 47 | 2 | 6.71 | |
Nipun Ransika | 6 | 0 | 57 | 0 | 9.50 | |
Kamindu Mendis | 5 | 0 | 29 | 0 | 5.80 | |
Dilruwan Perera | 6 | 0 | 40 | 1 | 6.67 | |
T M Dilshan | 5 | 0 | 18 | 1 | 3.60 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
T. M. Sampath | c Charith Asalanka b Dhanajaya de Silva | 13 | 10 | 0 | 2 | 130.00 |
Kusal Janith | b Shiran Fernando | 4 | 3 | 1 | 0 | 133.33 |
T M Dilshan | c Lahiru Udara b Shiran Fernando | 15 | 9 | 3 | 0 | 166.67 |
Mahela Udawatte | st Sadeera Samarawickrama b Kavika Dilshan | 22 | 18 | 2 | 1 | 122.22 |
Priyamal Perera | b Charith Asalanka | 12 | 14 | 0 | 1 | 85.71 |
Chamara Silva | not out | 25 | 25 | 1 | 1 | 100.00 |
Kamindu Mendis | c Shiran Fernando b Kavika Dilshan | 6 | 12 | 0 | 0 | 50.00 |
Lahiru Madushanka | not out | 1 | 2 | 0 | 0 | 50.00 |
Extras | 11 (b 0 , lb 5 , nb 3, w 3, pen 0) |
Total | 109/6 (15 Overs, RR: 7.27) |
Fall of Wickets | 1-7 (0.4) Kusal Janith, 2-24 (2.2) T M Dilshan, 3-41 (3.2) T. M. Sampath, 4-67 (6.6) Priyamal Perera, 5-88 (10.5) Mahela Udawatte, 6-105 (14.1) Kamindu Mendis, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shiran Fernando | 3 | 0 | 44 | 2 | 14.67 | |
Chathuranga Kumara | 1 | 0 | 7 | 0 | 7.00 | |
Dhanajaya de Silva | 6 | 0 | 29 | 1 | 4.83 | |
Charith Asalanka | 1 | 0 | 5 | 1 | 5.00 | |
Kavika Dilshan | 4 | 0 | 17 | 2 | 4.25 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<