ඩිල්ෂාන්ගේ සොහොයුරු සම්පත්ගෙන් සුපිරි දස්කම්

142

27 වැනි වෙළඳසේවා පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය MAS යුනිචෙලා සහ සම්පත් බැංකු කණ්ඩායම් අතර අද (21) කොළඹ NCC පිටියේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට MAS යුනිචෙලා සමත් විය.

ලක්ෂාන් සහ සදීර ජය මාවත විවර කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ………

හේලීස් කණ්ඩායම පරාජය කළ MAS යුනිචෙලා කණ්ඩායම අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා විට, සම්පත් බැංකු කණ්ඩායම ඩිමෝ කණ්ඩායම පරාජය කරමින් මෙම තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

තරගයේ  කාසියේ වාසිය දිනා ගත් MAS නායක දිල්රුවන් පෙරේරාගේ ආරාධනාවෙන් පළමුව පිටියට පැමිණි සම්පත් බැංකුව ඔවුන්ගේ අවසන් වීමටත් පෙර සියල්ලන්ම දැවී වාර්තා කරගත්තේ ලකුණු 108ක් පමණි. 

සම්පත් බැංකු ආරම්භක පිතිකරුවෙන් ලෙස පිටියට පිවිසි සමීන් කන්දනආරච්චි සහ ප්‍රිමෝෂ් පෙරේරාගේ සබඳතාවය පළමු පන්දුවාරය තුලම බිඳ වැටී ගිය අතර ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 24ක් තුල දවාලීමට ලහිරු මදුසංක ඇතුළු MAS යුනිචෙලා පන්දු යවන්නෝ සමත් වූහ. 

Photos: MAS Unichela vs Sampath Bank – 27th Singer-MCA Premier League 2020 – Knock-Out stage – Semi FInal 2

අවසන් පූර්ව වටයට පැමිණි සිය කණ්ඩායම අසීරු අඩියක සිටින අවස්ථාවේ දී පිටියට පැමිණි නායක ජීවන් මෙන්ඩිස් නායකත්වයේ පිතිකරණයක් දියත් කරමින් පන්දු 34ක් තුල ලකුණු 27ක් වාර්තා කරගෙන සිටිය දී දැවී ගියේය. 

සම්පත් බැංකු කණ්ඩායම වෙනුවෙන් මෙන්ඩිස් ලබා ගත් ලකුණු 27 අභිබවා ලකුණක් වාර්තා කරගැනීමට ඔවුන්ගේ කිසිදු පිතිකරුවෙක් හට අවස්ථාව ලැබුණේ නොමැත. 

පන්දු යැවීමේ දී සම්පත් බැංකු ඉනිම සුන් කළ මදුසංක සහ දකුණතින් දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා කඩුලු 3 බැගින් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. 

ශ්‍රී ලංකාවට තවත් ජාතික තලයේ ක්‍රීඩාංගණයක්!

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග සහ පාසල් ක්‍රිකට් ………

ලකුණු 109ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි MAS යුනිචෙලා කණ්ඩායම පන්දුවාර 13කුත් පන්දු 2ක් අවසානයේ ඔවුන් වෙත ලැබුණු ලකුණු 109 ඉලක්කය පහසුවෙන්ම සපුරා ගත්තේ කඩුලු 3ක් පමණක් වැය කරමිනි. 

සම්පත් බැංකු කණ්ඩායමේ පන්දු යවන්නට දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දුවට පහර දුන් තිලකරත්න සම්පත් පන්දු 32ක දී ලකුණු 46ක් ලබා ගනිමින් වේගවත් පිතිකරණයක නිරත වෙන ලදි. තිලකරත්න ඩිල්ශාන්ගේ සොහොයුරා වන සම්පත්ගේ මේ ඉනිම 4 පහර 3කින් සහ 6 පහර 6කින් වර්ණවත් විය. 

සම්පත් සමඟින් ඉනිම ආරම්භ කළ ඩිල්ශාන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර වමතින් පිතිකරණයේ නිරත වන කමිඳු මෙන්ඩිස් ලකුණු 15ක් වාර්තා කර ගත්තේය. MAS කණ්ඩායම ඔවුන්ට ලැබුණු නියමිත ඉලක්කය සපුරා ගන්නා විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි රමිත රඹුක්වැල්ල සහ මහේල උඩවත්ත පිළිවෙළින් ලකුණු 9ක් සහ ලකුණු 26* වාර්තා කරගෙන කඩුල්ලේ රැඳී සිටින ලදි. 

පන්දු යැවීමේ දී සම්පත් බැංකු කණ්ඩායම වෙනුවෙන් තරමක් මට්ටමකට හෝ සාර්ථක වූ වමතින් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත් නමුත් එය ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් වූයේ නොමැත. 

සම්පත් බැංකු කණ්ඩායම – 108 (32): ජීවන් මෙන්ඩිස් 27, රුමේෂ් බුද්ධික 15, ප්‍රිමෝෂ් පෙරේරා 15, ලහිරු මදුසංක 3/18, දිල්රුවන් පෙරේරා 3/19.

MAS යුනිචෙලා – 109/3 (13.2): තිලකරත්න සම්පත් 46, මහේල උඩවත්ත 26*, විශ්ව ප්‍රනාන්දු 2/27.

MAS යුනිචෙලා සහ LB ෆිනෑන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන පිළිමළුන් පිටු දැකීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 23 වැනිදා (අනිද්දා) කොළඹ වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. එම තරගය සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි.

තරගාවලියේ සියලුම තරග වාර්තා, තරග තොරතුරු සහ තරග සේයා රූ ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<