භානුක, වනිඳු සහ ශිරාස් ජයග්‍රාහී දස්කම් දක්වයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන Premier League ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට ජෝන් කීල්ස් සහ MAS යුනිචෙලා කණ්ඩායම් සමත් විය. ඔවුන් මෙම අවස්ථාව දිනා ගත්තේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ හේලීස් කණ්ඩායම පරාජය කරමිනි.

වෙළඳසේවා ක්‍රිකට් B ශූරතාව සමව බෙදෙයි

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ (එක්දින තරගාවලියේ) අවසන් මහා තරගය අද (9) HNB සහ MAS…..

ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 48ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ජෝන් කීල්ස් කණ්ඩායම සමත් විය. මෙම තරගය පැවතියේ පන්දුවාර 37ක තරගයක් ලෙසිනි. 

කාසියේ වාසිය දිනා ගත් ජෝන් කීල්ස් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගනිමින් පිටියට පිවිසෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 32ක් අවසානයේ ලබා ගත්තේ කඩුලු 8ක් දැවී ලකුණු 114ක් පමණි. 

Photos: John Keells vs SL-U19 | 27th Singer-MCA Premier League 2020 – Knock-Out stage

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගය එම අවස්ථාවේ දී නතර කරන විට ජයග්‍රහණය වෙනුවෙන් යොවුන් ක්‍රීඩකයෝ ලකුණු 163ක් ලබා ගත යුතුව තිබුණි. 

ජෝන් කීල්ස් කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තේය. 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් ඉනිමේ දී මොහොමඩ් ශිරාස් ලකුණු 14කට කඩුලු 4ක් දවා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්විය. 

ජෝන් කීල්ස් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 182 (37) භානුක රාජපක්ෂ 50, රමින්ද විජේසූරිය 25, ඉෂාන් ජයරත්න 23, මනෝජ් සරත්චන්ද්‍ර 20, ලක්ෂාන් ගමගේ 2/07, නවීන් ප්‍රනාන්දු 2/28, දුනිත් වෙල්ලාලගේ 2/35

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; කඩුලු 8ක් දැවී 114 (32) ශෙරොන් ෆොන්සේකා 27, මොහොමඩ් ෂිරාස් 4/14

නාලන්දාවේ රවීන්ගෙන් කඩුලු 9ක දඩයමක්

නාලන්දා පිටියේ දී ඊයේ (10) ආරම්භ වූ මෙම C කාණ්ඩයේ පාසල් ක්‍රිකට් තරගයෙන් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට…..

හේලීස් සහ MAS යුනිචෙලා කණ්ඩායම් 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් මෙම තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට MAS යුනිචෙලා කණ්ඩායම සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් යුනිචෙලා ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි හේලීස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 145ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් හඹා යන ඉනිමට පිටියට පිවිසි MAS කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තේය. 

Photos: Hayleys vs MAS Unichela | 27th Singer-MCA Premier League 2020 – Knock-Out stage

ජයග්‍රාහී ඉනිම වෙනුවෙන් වනිඳු හසරංග පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 64ක් ලබා ගත්තේය. ඔවුන්ගේ කඩා වැටෙන ඉනිම ගොඩ නැගීමේ දී වනිඳු සමඟ එක්වූ ලහිරු මධුශංක 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සබඳතාවක් ගොඩ නගමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියහ. 

හේලිස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 145 (36.3) කවිඳු කුලසේකර 34, ලහිරු සමරකෝන් 31, ලහිරු ජයරත්න 3/23, ඩිල්රුවන් පෙරේරා 3/30, ලහිරු මධුශංක 2/26, නුවන් තුෂාර 2/31

MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 6ක් 146 (26.3) වනිඳු හසරංග නොදැවී 64, ලහිරු මධුශංක නොදැවී 21, බිනුර ප්‍රනාන්දු 3/42, ලහිරු සමරකෝන් 3/60

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<