කන්ද උඩරටින් ආගන්තුකයින්ට සැර සත්කාරයක්

1293

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අර්ධයේ සිව්වැනි සතියේ ආරම්භක තරගය සඳහා මහනුවර ක්‍රීඩා සමාජය නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේ දී නාවික හමුදාවට එරෙහිව තරග වැදුණු අතර එහි දී ලකුණු 63-31ක් ලෙස දැවැන්ත ජයක් ලබා ගැනීමට මහනුවරට හැකි විය.

මෙම තරගයට පෙර මහනුවර කණ්ඩායම මෙවර තරගාවලියේ තරග 10කට මුහුණ දී එයින් තරග 9ක්ම ජයග්‍රහණය කර ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියේ ලකුණු 55ක් ලබා ගනිමිනි.

නාවික හමුදාව ද තරග 10කට මුහුණ දී එයින් තරග 3ක් ජයග්‍රහණය කර ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 25ක් ලබා ගනිමිනි.

මහනුවර ක්‍රීඩකයින් පරාජයේ වේදනාව මකාගනී

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ දෙවන වටයේ තුන්වැනි සතියේ තවත් තරගයක් සඳහා මහනුවර ක්‍රීඩා සමාජය සමඟින් පොලිස් ක්‍රීඩා සමාජය කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී එකිනෙකා…

මෙවර තරගාවලියේ පළමු අර්ධයේ දී මහනුවර කණ්ඩායම විසින් නාවික හමුදාව 20-22ක් ලෙස පරාජය කළේ අවසන් මිනිත්තුවේ දී ලබාගත් දඬුවම් පහරක් සාර්ථක කරගනිමිනි.

තරගය ආරම්භ කිරීම නාවික හමුදාව විසින් සිදු කළ අතර මුල් මිනිත්තු කිහිපය ඉතාමත් උද්වේගකර විය. මහනුවර කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි මිනිත්තුවේ දී ලවන්ග පෙරේරා සාර්ථක උත්සාහක දිනුමක් වාර්තා කළේ නාවිකයන්ගේ ඉදිරිපෙළ අසරණ කරමිනි. තිළිණ විජේසිංහ ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (මහනුවර 07-00 නාවික)

තරගයේ හයවැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කිරීමට නාවිකයන්ට අවස්ථාව හිමි වූවත් එය අසාර්ථක විය.

නැවතත් තරගයට අවතීර්ණ වූ මහනුවර කණ්ඩායම වෙනුවෙන් 13 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ තිළිණ විජේසිංහ විසිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (මහනුවර 14-00 නාවික)

20 වැනි මිනිත්තුවේ දී නාවික හමුදාව පන්දුව මහනුවර සීමා ඉර ආසන්නයට රැගෙන ආ අතර එහි දී එය ඩ්‍රොප් ගෝලයක් බවට පත්කිරීමට නාවිකයන් ගත් උත්සාහය අසාර්ථක විය.

මහනුවර කණ්ඩායමට ද උත්සාහක දිනුමක් ලබා ගැනීමට තිබූ ආසන්න අවස්ථාවක් නාවික හමුදා සීමා ඉර ආසන්නයේ ගිලිහී ගියේ 26 වැනි මිනිත්තුවේ දීයි. තවද නාවිකයන්ට ලැබුණු line out අවස්ථාවන් කිහිපයක්ම මහනුවර කණ්ඩායම දිනා ගැනීම ද විශේෂත්වයක් විය.

රාජකීය බලඇණියේ සුක්කානම නව අතකට

පසුගිය වසරේ සිංගර් පාසල් රග්බි ලීගයේ අපරාජිතව ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නායකත්වය මෙවර අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන …

නාවිකයන් 29 වැනි මිනිත්තුවේ දී පළමු උත්සාහක දිනුමක් වාර්තා කළේ මහනුවර ක්‍රීඩක නයිජල් රත්වත්තේගෙන් පන්දුව පැහැර ගනිමිනි. බුද්ධිම පියරත්න විසින් වාර්තා කළ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ද සාර්ථකයි. (මහනුවර 14-07 නාවික)

තරගයේ 31 වැනි මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩක තිළිණ විජේසිංහ තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ නාවිකයන් අසරණ කරමිනි. එහි ප්‍රවර්තනය පහසුවෙන්ම සාර්ථක කරගැනීමට තිළිණ විජේසිංහ සමත් විය. (මහනුවර 21-07 නාවික)

මහනුවර කණ්ඩායම කෙමෙන් කෙමෙන් නාවික හමුදා සීමා ඉර ආක්‍රමණය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නයිජල් රත්වත්තේ විසින් ලබා දුන් සාර්ථක off load අවස්ථාවක් මගින් උත්සාහක දිනුමක් ලබා ගැනීමට හෙශාන් සිල්වා සමත් විය. ප්‍රවර්තනය සාර්ථක කර ගත් තිළිණ ඊට අතිරේක ලකුණු එකතු කළේය. (මහනුවර 28-07 නාවික)

තරගයේ පළමු අර්ධය නිමා කිරීම උත්සාහක දිනුමකින් සිදු කිරීමට සමත් වූ නාවික හමුදාවේ අබ්සාල් මොහොමඩ් 40 වැනි මිනිත්තුවේ දී නාවික හමුදාවේ දෙවන උත්සාහක දිනුම වාර්තා කළේය. (මහනුවර 28-14 නාවික)

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 28 (4T, 4C) – 14 (2T, 2C) නාවික හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය මහනුවර නයිජල් රත්වත්තේගේ පා පහරින් ආරම්භ වූ අතර 44 වැනි මිනිත්තුවේ දී අනතුරුදායක පහරක් එල්ල කිරීම නිසා නාවික හමුදා ක්‍රීඩක තනුජ මාලිම්බඩ හට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරුවන් තීරණය කළේය.

රග්බි ක්‍රීඩකයෙකුට සහ භෞත චිකිත්සක වරයෙකුට වැඩ වරදී

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායක ලසිඳු ඉෂාන් කරුණාතිලක සහ මහනුවර ක්‍රීඩා සමාජයේ භෞත චිකිත්සක ලසන්ත බස්නායක හට තරග තහනම් පැනවීමට ශ්‍රී ලංකා රග්බි කමිටුව තීරණය කර ඇත…

46 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් මහනුවර වෙනුවෙන් ලබා ගැනීමට තිළිණ විජේසිංහ සමත් වූ අතර ඔහු මෙම තරගයේ ලබා ගත් 3 වැනි උත්සාහක දිනුම එයයි. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට ඔහු සමත් විය. (මහනුවර 35-14 නාවික)

50 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායම පා පහරක් මගින් පන්දුව නාවික හමුදා සීමා ඉර ආසන්නයට ‍රැගෙන ගිය අතර තරගයේ 52 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමට දඬුවම් උත්සාහක දිනුමක් ලබා දීමට විනිසුරුවන් තීරණය කළේ මහනුවර කණ්ඩායම විසින් සිදු කළ rolling maul අවස්ථාවක දී නාවික හමුදා ක්‍රීඩකයෙක් විසින් පන්දුවට පහර දීම නිසාවෙනි. (මහනුවර 42-14 නාවික)

තරගයේ තවත් මිනිත්තු දෙකක් යාමටත් පෙර තම දක්ෂතාවන් මනාව පෙන්වමින් පන්දුව නාවික හමුදා සීමා ඉර ආසන්නයට ‍රැගෙන ගිය ධනුෂ්ක රන්ජන් දර්ශනීය පන්දු පිරිනැමීමක් සිදු කළ අතර ඔහුගේ උත්සහයට සාධාරණය ඉෂ්ට කළ තිළිණ විජේසිංහ තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ තරගයේ 53 වැනි මිනිත්තුවේ දීයි. අනික් සියලු අවස්ථාවල දී මෙන්ම මෙම ප්‍රවර්තනය ද තිළිණ විජේසිංහ සාර්ථක කරගැනීමට සමත් විය. (මහනුවර 49-14 නාවික)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

නාවික හමුදාව වෙනුවෙන් තුන්වැනි උත්සාහක දිනුම තරගයේ 59 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් අබ්සාල් විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (මහනුවර 49-19 නාවික)

තරගයේ 64 වැනි මිනිත්තුවේ දී සාර්ථකව මහනුවර සීමා ඉර ආක්‍රමණය කළ නාවිකයන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ගෞරවය හර්ෂ මදුරංග වෙත හිමි විය. එහි ප්‍රවර්තනයත් සාර්ථකයි. (මහනුවර 49-26 නාවික)

69 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමට උත්සාහක දිනුමක් ලබා ගැනීමට තිබූ අවස්ථාවක් නාවිකයන් වැළැක්වීමට සමත් වූයේ මහනුවරට ලකුණු 50 සීමාව පසුකර යාමට ඉඩ නොදෙමිනි.

නමුත් තවත් මිනිත්තු කිහිපයක් ගතවීමට පෙර ලකුණු 50 සීමාව ඉක්මවා යෑමට මහනුවර ක්‍රීඩකයින් සමත් වූයේ ධනුෂ්ක රන්ජන් 73 වැනි මිනිත්තුවේ දී ලබාගත් උත්සාහක දිනුමත් සමඟිනි. අතිශය අපහසු ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තිළිණ විජේසිංහ සමත් විය. (මහනුවර 56-26 නාවික)

https://youtu.be/a5Hy2qb9-xk

ඉන්පසු 76 වැනි මිනිත්තුවේ දී නාවික හමුදාවේ චමිත් මදුශංකට කහ කාඩ්පතක් විනිසුරුවන් විසින් ලබා දුන්නේ ඔහු විසින් සිදු කළ අනතුරුදායක පහරක් හේතුවෙනි.

නාවික හමුදාව විසින් තවත් උත්සාහක දිනුමක් තරගයේ 78 වැනි මිනිත්තුවේ දී ලබාගත් අතර එය චතුර සෙනවිරත්න විසින් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (මහනුවර 56-31 නාවික)

තරගයේ 80 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එය වාර්තා කළේ ජේසන් දිසානායක විසිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගැනීමට තිළිණ විජේසිංහ සමත් විය. (මහනුවර 63-31 නාවික)

මෙම තරගයේ දී මහනුවර කණ්ඩායමේ තිළිණ විජේසිංහ උත්සාහක දිනුම් 4ක් වාර්තා කළ අතර කණ්ඩායම ලබා ගත් උත්සාහක දිනුම් 8හිම ප්‍රවර්තනයන් සාර්ථක කරගැනීමට සමත් විය. ඒ අනුව ඔහු මෙම තරගයේ ලකුණු 36ක් කණ්ඩායමට එක් කිරීමට සමත් විය. ඒ සමඟම ඔහු මෙවර ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට සමත් වූයේ ලකුණු 134ක් ලබා ගනිමිනි.

මහනුවර කණ්ඩායම මෙම තරගයේ දී තම පළපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ ආකාරයක් පෙනී ගිය අතර අඩු වැරදි ප්‍රමාණයක් සිදු කරමින් නාවික හමුදාවට සාර්ථක අභියෝගයක් එල්ල කිරීමට ඔවුහු සමත් වූහ.

අවසන් ලකුණු තත්ත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 63 (9T, 9C) – 31 (5T,3C) නාවික හමුදා

ලකුණු ලබාගත් ක්‍රීඩකයෝ

  • මහනුවර ක්‍රීඩා සමාජය: තිළිණ විජේසිංහ (4T, 8C), ධනුෂ්ක රන්ජන් (1T), ජේසන් දිසානායක (1T), ලවන්ග පෙරේරා (1T), හෙශාන් සිල්වා (1T)
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය: අබ්සාල් මොහොමඩ් (2T), බුද්ධිම පියරත්න (1T), හර්ෂ මදුරංග (1T), චතුර සෙනවිරත්න (1T, 3C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

Kandy SC vs Navy SC – DRL 2018/19 #42

Action from the Kandy SC vs Navy SC game of the Dialog Rugby League 2018/19 on the 26th of January 2019 from Nittawela…