තිළිණ විජේසිංහ ප්‍රමුඛ මහනුවර ක්‍රීඩකයෝ යුධ හමුදාව මෙල්ල කරති

1108

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන සති අන්තයේ තවත් තරගයක් අද (24) රත්මලාන ගුවන් හමුදා රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර ප්‍රබල මහනුවර කණ්ඩායම යුධ හමුදා කණ්ඩායම ලකුණු 38-10ක් ලෙස පරාජය කරන්නට සමත් විය.

දිනුක් හා සශාන් නාවිකයෝ මුහුදුබත් කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන සති අන්තය ආරම්භ කරමින් අපරාජිත හැව්ලොක් ක්‍රීඩා සමාජය හා නාවික

ඊයේ (23) විදෙස් ක්‍රීඩකයින් යොදා ගැනීම තහනම් කරමින් උසාවි නියෝගයක් නිකුත් කෙරුණු අතර ඒ අනුව යුධ හමුදා ක්‍රීඩකයින්ට අද තරග සඳහා සිය විදෙස් ක්‍රීඩකයින් යොදා ගැනීමට නොහැකි විය. පසුගිය තරග වාරයේ දී ආබාධයකට ලක් වූ මහනුවර ක්‍රීඩා සමාජයේ අනුරුද්ධ විල්වර ආබාධ සුවකරගනිමින් අද යලි මහනුවර කණ්ඩායමට පිවිසුණේ වත්මන් ශූරයින්ගේ පසුපෙළ සවිමත් කරමිනි.

උසාවි නියෝගයකින් විදෙස් ක්‍රීඩකයින්ට තහනමක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වය අත්හිටුවමින් ශ්‍රී ලංකා

යුධ හමුදා පා පහරින් තරගය ආරම්භ වූ අතර තරගයේ පළමු උත්සාහක දිනුම සිව්වැනි මිනිත්තුවේ දී වාර්තා වූයේ හේෂාන් සිල්වාගේ සුරතිනි. ඉදිරිපෙළ ක්‍රීඩක හේෂාන් සිල්වා ‘Line out’ අවස්ථාවකින් පන්දුව ලබා ගැනීමෙන් අනතුරුව ඉතා පහසුවෙන් ධවල රේඛාව ඉක්මවා ගිය අතර තිළිණ විජේසිංහ අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (මහනුවර 07-00 යුධ හමුදා)

දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු මහනුවර ක්‍රීඩා සමාජය කිහිපවරක්ම නවත්වන්නට යුධ හමුදා ක්‍රීඩකයින් සමත් වුවත් 19 වන මිනිත්තුවේ දී ‘Scrum’ අවස්ථාවකින් පන්දුව ලබා ගෙන මහනුවර අංක 8 ක්‍රීඩක බුවනෙක උඩන්ගමුව උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගියේ යුධ හමුදා ක්‍රීඩකයින් පෙරලා දමමිනි. තිළිණ අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (මහනුවර 14-00 යුධ හමුදා)

22 වන මිනිත්තුවේ දී පළමු වරට යුධ හමුදාව මහනුවර කණ්ඩායමට ආක්‍රමණයක් එල්ල කරන්නට සමත් වූ අතර ජාමල්ඩීන්ගේ පා පහරක් අවහිර කළ යුධ හමුදා ක්‍රීඩකයින් පන්දුව පසුපස හඹා ගියත්, තිළිණ විජේසිංහ ඔවුන්ගේ එම උත්සාහය ව්‍යර්ථ කර දැමීමට සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

කෙසේ වෙතත් 25 වන මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩකයින්ට මෙන්ම ප්‍රේක්ෂකයින්ට ද දැඩි කනස්සල්ලක් වෙමින් මහනුවර නායක රිචඩ් ධර්මපාල ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් විය. 27 වන මිනිත්තුවේ දී ඔවුන් තවත් අර්බුදයකට ඇද දමමින් යාකුබ් අලී කහ කාඩ් පතක් ලබා පිටියෙන් ඉවත් කළේය. එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් යුධ හමුදා ක්‍රීඩකයෝ ‘Line out’ අවස්ථාවක් සාර්ථක කර ගෙන Rolling Maul අවස්ථාවක් මගින් පුෂ්පකුමාරගේ සුරතින් සිය පළමු උත්සාහක දිනුම වාර්තා කරන ලදී. එහි අමතර ලකුණු එකතු කිරීමට ඔවුන්ට නොහැකි විය. (මහනුවර 14-05 යුධ හමුදා)

29 වන මිනිත්තුවේ මහනුවර ඉදිරිපෙළ ආරක්ෂක වළල්ල තවත් අර්බුදයකට ඇද දමමින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළ හේෂාන් සිල්වා ද ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් කෙරුණි. පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ යුධ හමුදා ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක යෙදුනත් කිහිප වරක්ම ඔවුන් හිස් අතින් ආපසු යවන්නට මහනුවර ක්‍රීඩකයින් සමත් විය.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 14 – 05 යුධ හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දී ම යුධ හමුදා කණ්ඩායමට ද කහ කාඩ් පතක් හිමි විය. 42 වන මිනිත්තුවේ එම අමතර වාසිය ද ප්‍රයෝජනයට ගත් මහනුවර ක්‍රීඩකයන් යලි ක්‍රියාත්මක වූ අතර ජමාල්ඩීන්ගේ දක්ෂ පන්දු යොමු කිරීමක් සුපිරි ක්‍රීඩක ධනුෂ්ක රන්ජන් ලකුණු බවට පරිවර්තනය කරන්නට සමත් විය. තිළිණ විජේසිංහ එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. (මහනුවර 21-05 යුධ හමුදා)    

මහනුවර ක්‍රීඩා සමාජය සිය සුපුරුදු රිද්මයට පිවිසුණු බවක් පෙනෙන්නට තිබූ අතර විශිෂ්ට ධාවනයකට පසු යුධ හමුදා ක්‍රීඩකයින් සම්පූර්ණයෙන් නොමග යැවූ රොෂාන් වීරරත්න සිව්වැනි මහනුවර උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. තිළිණ පහසුවෙන් අමතර ලකුණු එකතු කරන ලදි. (මහනුවර 28-05 යුධ හමුදා)

දැඩි අර්බුදයකට ලක්ව සිටි යුධ හමුදාවට යළිත් බලාපොරොත්තුවක් ගෙන ඒමට සුධාරක දික්කුඹුර සමත් වූයේ මහනුවර ආරක්ෂක වළලු බිඳ දමමින් 50 වන මිනිත්තුවේ දී අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ගයාන් සාලින්ද හට හැකි වූයේ නැත. (මහනුවර 28-10 යුධ හමුදා)

කන්ද උඩරට රග්බි බලකොටුව කලකට පසු බිඳ වැටෙයි ද?

ලෝක රග්බි පිටිය ගැන අයෙක් ඇසූ සැණින් ක්ෂණයෙන් සිහියට නැගෙන්නේ නවසීලන්තයයි. ලෝක රග්බි ඉතිහාසයේ

මහනුවර ක්‍රීඩකයින්ට නොසිතූ පීඩනයක් එල්ල කරමින් යුධ හමුදා ක්‍රීඩකයින් දිගින් දිගටම ආක්‍රමණයේ නිරත වූ නමුත් දෙවතාවක්ම පන්දුව ‘Held Up’ අවස්ථාවන්ට ලක් වූයේ යුධ හමුදා බලාපොරොත්තු සුන් කරමිනි.

යුධ හමුදා ආක්‍රමණයට සාර්ථක පිළිතුරක් ලබා දෙන්නට මහනුවර ක්‍රීඩකයින් සමත් වූ අතර විල්වර හා ධනුෂ්ක රන්ජන් අතර දක්ෂ පන්දු හුවමාරුවකින් පසු පන්දුව තිළිණ විජේසිංහ අතට පත් වෙද්දී පන්දුව සිය පාදයෙන් ඉදිරියට යොමු කළ ඔහු පන්දුව හඹා ගොස් පස්වැනි මහනුවර උත්සාහක දිනුම වාර්තා කරන ලදි. එහි ප්‍රවර්තනය ඔහු විසින්ම සාර්ථක කර ගන්නා ලදි. (මහනුවර 35-10 යුධ හමුදා)

අවසන් මිනිත්තු කිහිපයේ මහනුවර ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර 78 වන මිනිත්තුවේ දී මහනුවර වෙනුවෙන් ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරන්නට ජමාල්ඩීන් සමත් විය. (මහනුවර 38-10 යුධ හමුදා)

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 38 – 10 යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – තිළිණ විජේසිංහ  

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • මහනුවර ක්‍රීඩා සමාජය – තිළිණ විජේසිංහ (1T, 4C), හේෂාන් සිල්වා (1T), බුවනෙක උඩන්ගමුව (1T), ධනුෂ්ක රන්ජන් (1T), රොෂාන් වීරරත්න (1T), අර්ශාඩ් ජමාල්දීන් (1DG)
  • යුධ හමුදා ක්‍රීඩා සමාජය – පුෂ්පකුමාර (1T), සුධාරක දික්කුඹුර (1T)  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

Live : Army SC vs Kandy SC – DRL 2018/19 Match #11

Action from the Army SC vs Kandy SC game of the Dialog