අබ්දුර් රසාක් ක්‍රීඩාව අතහැර තේරීම් කමිටුවට යයි ද?

70
Abdur Razzak

හිටපු වමත් දඟපන්දු යවන්නෙකු වන අබ්දුර් රසාක් බංගලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුවේ තුන්වන සාමාජිකයා ලෙස බඳවා ගැනීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙනවා. කෙසේ වෙතත් තවමත් රසාක් එම තනතුරට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කර නැහැ. බංගලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුවේ අනෙක් සාමාජිකයින් වන්නේ මින්හජුල් ආබේදීන් හා හබිබුල් බශාර්.  

CPL වලට කොරෝනා බාධාවක් නෙමෙයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන සුප්‍රසිද්ධ “කැරිබියන් ප්‍රිමියර් ලීග්” විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සුපුරුදු පරිදි

“බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ යෝජනාව පිළිබඳව රසාක් සමඟ කතා කරන්න කියලා මම හබිබුල් බශාර් ට යෝජනා කළා. රසාක් තවමත් DPL තරගාවලිය ක්‍රීඩා කරනවා. ඔහුට තවමත් ක්‍රීඩා කරන්න අවශ්‍යද නැද්ද කියලා අපිට තවමත් අදහසක් නැහැ.” බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙහෙයුම් සභාපති අක්රම් ඛාන් මහතා පවසා සිටියා. 

ජාත්‍යන්තර මාධ්‍ය විසින් රසාක්ගෙන් මේ පිළිබඳව විමසා තිබුනු අතර ඔහු පවසා සිටියේ DPL තරගාවලියේ සිය ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීම තවමත් අවසන් කර නොමැති නිසා ඔහු තවමත් මෙම යෝජනාවට ප්‍රතිචාර නොදැක්වූ බවයි. 

“ඔව්. ඔවුන් මාව සම්බන්ධ කර ගත්තා. නමුත් මට තීරණය කරන්නට මදක් කල් ඕනේ.” රසාක් පවසා සිටියා. 

“ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වූ පසුව මම ඔවුන්ට වචනයක් දෙන්නම් කියලා මම ඔවුන්ට කිව්වා. තරගාවලිය කල් ගිය නිසා දැන් මට පුළුවන් ඒ ගැන හිතන්න.”

“නව තනතුර සඳහා මට ක්‍රිකට් ක්‍රීඩා කිරීම අත්හරින්න වෙනවා. එය මට හරිම අමාරු දෙයක්. මොකද මම ගොඩක් කල් ඉඳන් ක්‍රීඩා කරන්නේ. මේක තීරණය කරන්න මට ටිකක් කල් ඕනේ. මොකද මම කැමති නැහැ පසුව පසුතැවිලි වෙන්න.” යයි වැඩිදුරටත් අදහස් දක්වමින් අබ්දුර් රසාක් පවසා සිටියා. 

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් හිටපු වමත් ආරම්භක පිතිකරුවෙකු වන ෂාරියර් නෆීස් හා හිටපු වමත් වේගපන්දු යවන ක්‍රීඩක මන්ජුරුල් ඉස්ලාම් ද මෙම තනතුර යෝජනා කර තිබුනත් තවමත් ඔවුන්ගෙන් කැමැත්ත අකමැත්ත විමසා නැහැ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<