පළමු තරගයේ නායකයා චන්දි; දෙවැනි තරගයේ නායකයා දිමුත්

1601

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් හෙට (5) එංගලන්තය සමඟ පළමු පැවැත්වෙන පළමු පුහුණු තරගයේ ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත. එසේම දෙවන තරගයේ දී ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලබා දී ඇත්තේ දිමුත් කරුණාරත්න වෙතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ අල්ලන්න ICCයෙන් මෙරටට

පසුගිය ඉරිදා (30) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විශේෂ විමර්ශනයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර එහි දී ඔවුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය…

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය මේ මස 10 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙන අතර එම තරගාවලියට පෙර පුහුණුවීමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා එංගලන්තය පුහුණු එක්දින තරග දෙකකට සහභාගි වීමට නියමිතයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් චන්දිමාල් වෙත පැනවූ තරග තහනම නිසා නිමා වූ දකුණු අප්‍රිකානු තරගය සංචාරය සඳහා ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව නොලැබුණු අතර අතෙහි ඇතිවූ අස්ථි බිදීමක් නිසා නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමට චන්දිමාල්ට අවස්ථාව නොලැබී ගියේය.

එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ජාතික සංචිතයට නම් කළ ක්‍රීඩකයින් අතරින් නායක චන්දිමාල් පළමු තරගය පමණක් ක්‍රීඩා කරන අතර සධීර සමරවික්‍රම හා කසුන් රාජිත යන දෙදෙනා තරග දෙකම ක්‍රීඩා කරනු ලබයි.

ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායමේ ආරම්භ පිතිකරුවෙක් වන දිමුත් කරුණාරත්න දෙවන තරගය සඳහා පමණක් ක්‍රීඩා කරන අතර එහි නායකත්වය ද ඔහු විසින් දරණු ඇත. නිමා වූ තරග සංචාරයන් කිහිපය තුල සාර්ථක නොවීම නිසා ජාතික එක්දින සංචිතයේ සිය ස්ථානය අහිමිව ගිය දකුණතින් පිත්ත හසුරුවන කුසල් මෙන්ඩිස් හට නැවතත් නැගී සිටීමට මෙම පුහුණු තරගාවලිය ඉතාමත් වැදගත් වෙනු නිසැකය.

මේ තරගාවලිය අපිට ලේසියට ගන්න බැහැ – දිනේෂ් චන්දිමාල්

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 10 වැනිදා රංගිරි දඹුලු ක්‍රිකට් පිටියේ දී ආරම්භ වන අතර…

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ සංචිතයේ පන්දු යැවීමේ බල ඇණිය සවිබලගන්වනු පිණිස ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, ශෙහාන් මදුසංක, නිශාන් පීරිස්, කසුන් රාජිත හා ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින් සංචිතයට ඇතුලත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම,

පළමු තරගයට – දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල් (නායක), කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ශෙහාන් මදුසංක, ජෙෆ්රි වැන්ඩසේ, නිශාන් පීරිස්, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු.

දෙවන තරගයට – දිමුත් කරුණාරත්න (නායක), අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ශෙහාන් මදුසංක, ජෙෆ්රි වැන්ඩසේ, කසුන් රාජිත, ඉසුරු උදාන, නිශාන් පීරිස්

පුහුණු තරග කාලසටහන

  • පළමු පුහුණු එක්දින තරගය – ඔක්තෝබර් 5 වැනිදා  – පී. සරා ඕවල් පිටිය
  • දෙවන පුහුණු එක්දින තරගය – ඔක්තෝබර් 6 වැනිදා – පී. සරා ඕවල් පිටිය

මෙම පුහුණු තරග දෙක ද ඇතුළත්ව ශ්‍රී ලංකා – එංගලන්ත තරග සංචාරය අවසන් වන තෙක් සිදුවන උණුසුම් පුවත්, තරග වාර්තා, වීඩියෝ,විශේෂාංග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<